තවම මා සිත රිදවනා
මතයක හිත තනිවෙලා
කිමද සොඳුරිය නුඹේ සුවඳ මා
මනසේ මෙතරම් පැටලිලා
බොරළු පාරට තාර ඇවිදින්
තාර කාපට් පෙරවාගෙන දැන්
සාර කෙත ළඟ උන්නු සියා
එයත් දැන් කොහේදෝ ගිහින්
තැනින් තැන කළු කේශ රජිඳුන්
වටකරන් සුදු සේද විහඟුන්
සීත කතරක් උරුම හිස මත
තවත්ම රතු මල් පිපෙනවා
No comments:
Post a Comment