Saturday, October 28, 2017

“ආගමික විඥාණයේ වත්මන් ප්‍රවණතා” ආගමක් යනු කුමක්ද යන්න සම්බන්ධව නිශ්චීත නිර්වචනයක් මෙතෙක් ඉදිරිපත් වී නොමැත. එහෙත් ආගමක් යනු කුමක්ද යන්න හඳුන්වා දීමට ලොවපුරා බොහෝ දෙනෙකු උත්සහා දරා ඇත. ප්‍රේසර් නම් පඬිතුමා පෙන්වාදෙන ආකාරයට “ ආගම යන්නෙන් ස්වභාවධර්මය හා මිනිස් ජීවිතය හසුරුවා පාලනය කරතැයි විශ්වසකරනු ලබන්න වූද මිනිසාට වඩා උත්තරීතර වූද බලයක් තමා කෙරෙහි පහදවා ගැනීම” ආගමක් ලෙස සැලකේ.

 කෙසේ වෙතත් ලෞකික මෙන්ම අධ්‍යාත්ක දියුණුව සාක්ෂාත් කරගැනීමට නිර්මාණය කරගත් සංවිධිත ඒකකයක් ආගමක් ලෙස හැඳින්විය හැක. මෙහි නිර්මාණකරුවන් වනුයේ මිනිසා ය. මෙම මතයට විරුද්ධව නැගෙන කොතෙකුත් තර්ක පැවතුනද තාර්කික අයුරින් විමසු කල මෙය සනාත කල හැකිය. ආගමික ප්‍රපංචය තුළ වචන, රූප, සංකේත, කතාන්තර ආදී බොහෝ දෑ සමන්විත ය. ආගමික විඥානය ගොඩනැගී ඇත්තේ මෙවන් මත සමුදයකිනි. ඇතැම් පිරිස් අගමික් මතයන් මහත් උනන්දුවෙන් විශ්වාස කරන අතර තවත් පිරිසක් ඉතාමත් නිර්ධය ලෙස ආගමික විශ්වාසයන් බැහැරකරති. මෙම අන්ත ද්විත්වය අතර අතරමංව කිසිවක් කරකියාගත නොහැකි ගන්දබ්බ විලාශයේ පිරිසක්ද ජිවත්වන බව අමිහිරි සත්‍යකි. ආගමික විඥානයේ වර්ථමාන පසුබිම විමර්ශනයට පෙර ආගමික විඥානයේ අතීත පසුබිම කෙටියෙන් වුවද විමසීම කල යුතුබව මම සිතමි. මන්ද යත් ඉහත මා සඳහන් කළ කුමන හෝ කොටසක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපද සාමාජිකයන් බැවිණි. මිනිසා නිරන්තරයෙන්ම කෘත්‍රිම ලෝකයක් නිර්මාණය කිරීමට උත්සාහ ගනී. එසේ නිර්මාණ නොකළහොත මිනිසාට පැවැත්ම සම්බන්ධ ගැටළුවක් නිර්මාණය වේ. පැවැත්ම සම්බන්ධ ගැටළුව යම් හෙයකින් විසඳුනද මානවයා වෙත ලැබී ඇති පරිකල්පන ශක්තියන් අනෙත් සත්වයින්ට වඩා ඉහල හෙයින් මානවයා සිය සුඛවිහරණය උදෙසා අවශ්‍ය කරන නව නිර්මාණ බිහිනොකරන්නේද නැත. කෙසේවෙතත් මානවයා යනු ගතික සත්වයෙකි. සහජයෙන් උරුම වන බුද්ධි ප්‍රමාණයට වඩා වැඩියමක් මානවයා විසින් අත්පත්කරගනී. මිනිසා සිය සැබෑ තත්වත්යෙන් ඈත්වීම තුළ ආගමික විඥානයට යොමු වීම දැකගත හැක. එදිනෙදා ජීවිතයේදී පවත්වන මානව සම්බන්ධතා තුළින් හෝ වෙනයම් කරුණක් නිසා හෝ ඇතිවන ප්‍රශ්නවලට විසඳුම් එම ක්‍රියාවලිය තුළින් නොලැබෙන විට අදෘශ්‍යමාන බලවේගවල ආදාරයෙන් එම ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කරනු ලබයි. ඒම ක්‍රියාමාර්ග හරහා ප්‍රතිඵලයක් එම පුද්ගලයන් සිතනුයේ ඉතාම සුළු තුවාලයක් වුවද සිය විරුද්ධවාදීන්ට සිදුවූයේ තමා විශ්වාස කරන අදෘශ්‍ය මාන බලවේගයේ පිහිට මත බව ය. JOSTEIN JAARDER ප්‍රකාශ කරන ආකාරයට ක්‍රිස්තියානි ආගම නෝවේ රාජ්‍යට පැමිණීමට පෙර එරට ජනතාව තෝර් නම් දෙවියෙකු ඇදහී ය. එළුවන් දෙදෙනෙකු ඇදගෙන යන කරත්තයකින් තෝර් දෙවියන් ගමන් කරනු ලබයි. එම ගමන අතරතුර තොරදෙවියන් සතුව පවතින කුළුගෙඩිය එහෙමෙහෙ චලනය කරනු ලබයි. එමගින් ගෙරවීම අකුණු ගැසීම සිදුවන බව මොවුහු විශ්වාස කළහ. නොවෙජියන් බසින් -ගොරවනවා- යන්නට භාවිතාකරනුයේ “තෝර්-ඩන්” යන වචනයයි. එහි අරුත තොර්ගේ ගෙරවිල්ල යන්නයි. වර්ෂාව මෙහි ජිවත්වන වයිකින් ගොවිට අවශ්‍ය විය. නියඟ කාලයක් පැමිණි විට මෙම දෙවියන් යැදීම සිදුකළහ. මෙය එක්තරා ජනප්‍රවාදයකි. ඉහත කතාපුවත් නිර්මාණය කළ නිශ්චිත පුද්ගලයෙකු නොමැත. යම් දෙවි කෙනෙකුන් සම්බන්ධව ගෙතුණු කතාද වෙනස් ය. ආගම සම්බන්ධ ප්‍රශ්න කිරීම් ආගම විසින්ම එය පවක් ලෙස සලකා බැහැර කරන ලදී. ඇතැම් විටෙක එවැනි ප්‍රශ්නකිරීම් වලට ලද ත්‍යාගය කිරිරු මරණයි. තමා ජිවත් වන පරිසරය තේරුම් ගැනීමේ කුතුහලයෙන් ජිවත් වූ ආදී මානවයින් පාරිසරික සිදුවීම් සිදුවන්නේ කුමන හේතුවක් මතද යන්න සෙවී ය. මෙම සිදුවීම සමුදාය ගැටළුවක් බවට පත්විය. එතෙක් පවති දැනුම එම ගැටළු විසඳා ගැනීමට ප්‍රමාණවත් නොවිය. ක්‍රමයෙන් සිය වර්ගයා වැඩිවෙත්ම කුඩා දරුවන් ප්‍රශ්න ඇසුහ. ඊට පිළිතුරු ලබා දීම වැනි අවස්ථා අරමුණුකොටගෙන කතා කලාවක් ගොඩනැගිණි. එමන්ම දඩයම් කිරීමට යාමේදී ඇතිවන බිය සැකය ආදිය මැඩපවත්වා ගැනීමටත් තමන්ට ශක්තිය ලබා ගැනීමටත් මහා වනයට වන්දනා කරන ආකාරය බාල පරපුර වෙත කියාදීමට වැඩිහිටියන් පෙළඹිණි. මහා වර්ෂා ඇදහැලෙන්නේ කුමන හේතුවක් මතද යන්න වටහා ගැනීමට තරම් ශක්තියක් ඔවුනට නොවුහ. නව දැනුම සොයා යාමට හෝ පවතින දැනුම ප්‍රශ්න කිරීමට එම කාලසීමාව වනවිට හැකියාව නොතිබිණි. එහෙත් යම් යම් ආකාරයේ උත්සාහයන් දැරූ බවට සාක්ෂි නැතුවාම නොවේ. පරිසරයේ පවතින යම් යම් ශබ්ධ වලට අනුරුප ශබ්ධ යොදාගනිමින් විවිධ වචන මාලාවන් රිද්මයක් ඇතිව පෙළගස්වා ගැනීමට එම මානවයන් පුරුදු විය. එම කාර්යය සිදුකිරීමට සියලු දෙනාටම හැකියාව නොතිබිණි. විශේෂයෙන්ම තරමක නිරමනාත්මක හැකියාවක් පවතින හා පරිසරයට සංවේදී වූ කොටස් මෙම ක්‍රියාවලිය තුළ කටයුතු කළෝය. එදිනෙදා මෙම මානවයන් සිය අදහස් හුවමාරු කරගැනීමට භාවිත කළ භාෂාවට වැඩ මෙම අමුතු ගීතවත් භාෂාව වෙනස් විය. එම ගීතවත් භාෂාව “මන්ත්‍ර” ලෙස හැඳින්විය හැකි ය. කාලය ගතවෙත්ම මෙම ක්‍රියාවලින් තුලින් පිහිටක් ලබාගැනීමට හැකියාව පවතින බව එම මානයන් විශ්වාස කළෝය. මෙම විශ්වාසයන් එක් එක් භුවිෂමතාවයන් අනුව වෙනස් විය. මෙම විශ්වාසයන්ට අදාළ වර්ණ පවා භාවිතයට ගැනීමට ඔවුහු පෙළඹුණහ. එම වර්ණද භූවිෂමතා අනුව වෙනස් විය. එලෙසම බිහි වූ ආගමද විවිධාකාර විය. ඇතැම් ආගම ඉතාමත් කුරිරු වූ අතර ඇතැම් ආගම වඩාත් සාමකාමී විමෙලෙස බිහිවූ ය. මෙලෙස බිහි වූ ආගම දහස් ගණන් ලෝකය පුරා ක්‍රියාත්මක වේ. ආගම නිර්මාණය වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක. එමෙන්ම ආගම් විනාශ වී යාමද සංශෝධනය වීමද ස්වභාවික ක්‍රියාවලියකි. ආගම අදහන්නා අනුන්ගෙන් ණයට ගත් දැනුමෙන් මුලාවීය. කෙසේ වෙතත් යම් දෙයක් ඇදහීමට පටන්ගත් දින සිට ආගමක් නිර්මාණය විය. ජේසුතුමන් දේශනාකළ අදහස් මාලාව ඇදහීම නම් වූ ක්‍රියාවලිය සිදු වූ අවස්ථාවේ එම අදහස් මාලාව ආගමක් බවට පත්විය. එමෙන්ම එම අදහස් මාලාව ක්‍රිස්තු ධර්මය බවට පත්විය. ගෞතම බුදුහිමියන් ඉදිරිපත් කළ අදහස්මාලාව ඇදහූ පසු එම අදහස් මාලාව බුදු දහම විය. ඉස්ලම් දහමද මෙසේය. චීනයේ කොන්ෆියුසස්තුමන් ඉදිරිපත් කළ අදහස් ද පසුකාලීනව දහමක් බවට පත් විය. මෙම ධර්මයන් කොන්දේසි විරහිතව පිළිපැදීම ඇදහීම නම් වේ. මුද්‍රණ තාක්ෂණය ක්‍රමානුකුලව නොපැවතී කාල වකවානු තුළ මෙම ධර්මයන් මුඛ පරම්පරාගතව අරක්ෂාවිය. එහෙත් එම දහම ඒ අයුරින්ම ආරක්ෂා වූවද යන්න ගැටළුවකි. ඇතැම් දහම් කරුණු ඉතාමත් ගැඹුරු ඒවාය. එවැනි දහම් කරුණු සුරක්ෂිත කිරීමට ගත උත්සායන් කිහිපයක් බෞද්ධ ඉහිතසය තුළ දැකගතහැකි ය. එම සන්ධිස්ථාන ධර්ම සංගායන ලෙස හැඳින්විය හැකි ය. ඒ අතරින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම වැදගත් අවස්ථාවකි. එමෙන්ම ශුද්ධ වූ කුරාණය, ශුද්ධ වූ බයිබලය වැනි කෘති රචනා වීම ඉතාමත් වැදගත් අවස්ථා ය. මානව පරිනාමයේ යම් දිනෙක ආගමික විඥානය පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කිරීමක් සිදුවීමට අතිශයින් ඉඩකඩ පවතී. එය සිදුවනුයේ පවතින තාක්ෂණය උපයෝගී කරගනිමින් ආගමික විශ්වාසයන් පරික්ෂා කිරීම හා පුළුල් ලෙස හා තාර්කිකව විමර්ශනය කිරීම මතය. ආගමික විඥානයක් බිහිවීමට බලපාන සාධක ආර්ථික සාධකය කාල් මාක්ස් ප්‍රකාශකළ ආකාරයට ආර්ථික සධකා මත සියල්ල රඳා පවතී. ඔහු ආර්ථික සාධකය අධෝව්‍යුහය ලෙස ගෙන ඇති අතර උපරිව්‍යුහය මත අනෙකුත් සාධක සියල්ල ගොනුකොට ඇත. උපරි ව්‍යුහයට අයත් සාධක අතර ඉතාමත් ජනප්‍රිය සාධකයක් ලෙස ආගමික සාධකය නම්කිරීමේ හැකියාව පවතී. යම් සමාජ පරිසරයක් සතුව පවතින ආගමික විඥානය තීරණය වීමට ආර්ථිකය බලපාන බව මේ හරහා ලබාගත හැකි ගම්‍යක් වේ. නිදසුන් ලෙස ආර්ථිකය ඉතාමත් යහපත් මිනිසුන්හට පින්කම් කිරීමට හැකියාව ඉතාමත් ඉහළ ලෙස පවතී. එය ආර්ථිකය හීන මට්ටමක පවතින පිරිසකට කිරීමට ඉතාමත් අපහසුය. ඒ අනුව පොහොසත් මිනිසුන්ට ආමිස පුජා ඉතාමත් හොඳින් කල හැකි අතර ආර්ථික අතින් දුබල පිරිසට ප්‍රතිපත්ති පූජා හොඳින් ඉටුකිරීමේ හැකියාව පවතී. සමාජීය සාධකය තමා ජිවත්වන සමාජය ආගමික විඥානය තීරණය වීමට බලපාන සාධකයකි. එම සමාජය ආගමික අංශයට වඩාත් නැඹුරුවක් දක්වනවානම් එම සමාජය තුල පවතින ආගමින විඥානය පිළිබඳව පවතින දැනුම් ඉතාමත් ඉහල අගයක් ගනී. එහෙත් එමසමාජය තුළ ආගමික අංශය වෙත නැඹුරුවක් නොමැතිනම් එම සමාජය සතුව ආගමික විඥානය පිළිබඳ සතු දැනුම ඉතාමත් අවම අගයක් ගනී. එහෙත් එම සමාජය තුළ යම් හෙයකින් හෝ ආගමික සංස්ථාවක් කුමන ප්‍රමාණයෙන් පැවතියද සමාජය පිළිබඳ කතිකාවතක් ගොඩනැගීමේ හැකියාව එම සංස්ථාවට පවතී. මන්ද යත් ඕනෑම ආගමකට ලොව සිදුවන ඕනෑම දෙයක් කුමන ආකාරයකින් හෝ සිය දහමට අදාළව නිදසුන් ගතකල හැකි බැවිණි. දේශපාලනමය සාධකය යම් රටක් තුළපවතින් දේශපාලනික වටපිටාව ආගමික විඥානය නිර්මාණය වීමට බලපාන තවත් සාධකයකි. එමෙන්ම ආගමික විඥානය ද දේශපාලනමය වටපිටාව තීරණය වීමට බලපාන අවස්ථා ද පවතී. විශේෂයෙන්ම සෞදි අරාබි රාජ්‍ය තුළ පවතින දේශපාලන රටාව නිර්මාණය වීමට බලපානු ලබන සාධක අතර ආගමික විඥානය පිළිබඳ සංකල්පය ඉතාමත් ප්‍රබල විය. ආප්තගත සාධකය ආප්තය යනු පූර්ව දැනුම යි. මේ දැනුම පරපුරෙන් පරපුරෙන් පරපුරට උරුම වේ. එම පරපුර නිර්මාණය වීමට පවුල, ගුරුකුල, හා සමාජ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය බලපානු ලබයි. යම් පුද්ගලයෙකු යම් කරුණක් , කරුණු සමුදායක්, පුද්ගලයෙක් හෝ වස්තුවක් ආදී කරුණු පිළිබදව විශ්වාස කරයි ද එය හවත් පුද්ගලයෙකුට පැවසීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ ය. ඒ අනුව තම බාල පරපුර වෙත තම විශ්වාසයන් පිළිබඳ සිතාමතා හෝ නිරායාසයෙන් දැනුම්දීමක් කරනු ලබයි. සංස්කරණයෙන් තොරව එම දැනුම ගලනය සිදුවන්නේ ය යන්න පිළිගැනීමට අපහසු කරුණකි. කෙසේවෙතත් මෙම තොරතුරු සමුදාය යම් පුද්ගලයෙකුට ලැබෙනුයේ භාහිර පරිසරය තුළිනි. එය පවතින දැනුමට පුර්වයෙන් නිර්මාණය කරගත් දැනුමකි. මෙම දැනුම ආගමික විඥානය බිහිවීමට බලපාන සාධකයකි. තාක්ෂණික සාධකය තාක්ෂණය නම් සාධකය මගින් පවතින දැනුම ප්‍රශ්න කිරීමට නව දැනුම සොයා යාම ආදී නොයෙක් කරුණු ඉටුකිරීමේ හැකියාව පවතී. එමෙන්ම මිනිසාට ළඟ වීමට නොහැකි හෝ අසීරු බොහෝ දේ ලබාගැනීමට තාක්ෂණයට හැකියාව පවතී. තමාට ලබාගැනීමට නොහැකි ළඟාවීමට නොහැකි ඉලක්ක සපුරාගැනීමට මිනිසා මානසිකව හෝ තෘප්තියක් ලබා ගැනීමට භාවිතා කරනු ලබන දෙයක් ලෙස ආගම හැඳින්විය හැකි අතර බොහෝ අවස්ථාවල අගමැ තුළින් ඉටුවෙතැයි බලාපොරොත්තු වන අරමුණු ඉටු නොවන බව පැහැදිලි සත්‍යකි. එහෙත් තාක්ෂනය මගින් අවශ්‍ය නම් පිරිමියෙකු ගැහැනියක කිරීමටත් ගැහැනියක් පිරිමියෙක් කිරීමටත් හැකියාව පවතී. එමෙන්ම අවශ්‍ය නම් පිරිමි අඟපසඟ හා ස්ත්‍රී අඟපසඟ එකම ශරීරයක් තුළ ස්ථාපනය කිරීමටද හැකියාව පවතී. යම් කලෙක තාක්ෂණයද ආගමක් බවට පත්ව එහි දෙවිවරුන් විද්‍යාඥයින් ලෙස සැලකීමටද ඉඩ කඩ පවතී. ඒ අනුව ගත්කල තාක්ෂණයද ආගමික විඥානය නිර්මාණය වීමට බලපාන සාධකයක් ලෙස ගත හැකිය. දාර්ශනික චින්තනමය සාධකය විවිධ චින්තකයින් දර්ශනියක්යින් විසින් ඉදිරිපත්කොට ඇති මත පදනම්ව ද ආගමික විඥානය හට ගනී. බොහෝ දුරට ඉතිහාසය තුල සිදුව ඇත්තේද මෙම සාධකයේ ක්‍රියාත්මක වීමකි. එනම් යම් යම් පුද්ගලයෙකු ප්‍රකාශකළ අදහස් සමුහයක් පිළිගෙන එම අදහස් වලට ගරුකරමින් නමස්කාර කරමින් සිටින පිරිසක් බිහිවීම ය. ඇතැම් විටෙක මෙම අදහස් වලට ආත්මීය වශයෙන් බැඳුනු පිරිස් ද ලොව තුළ බිහිවීම අනවතර ක්‍රියාවලියකි. නිදසුන් ලෙස බුද්ධ දේශනය, කිතුණු දේශයන අදී ආගමික දේශනා ගත හැක. “ආගමික විඥාණයේ වර්තමාන ප්‍රවණතා” මානසික සුවය සඳහා ආගමක් ඇදහීම තුළින් බලාපොරොත්තුවන ප්‍රධානම අරමුණක් ලෙස මානසික සුවය හැඳින්විය හැකිය. ජනප්‍රිය මාධ්‍ය ක්‍රියාකාරිත්වයත් සමග මිනිසා හුදකලා වී සිටි. අතීතයේදී මිනිසුන් සිය ආගම සමග මනා සබඳතාවක් පැවැත්වූ බවට සාක්ෂි පවතී. නව මාධ්‍ය ලොවට හඳුන්වා දුන් මුල් කාලයේ ආගමික නැමියාවකින් යුත් නිර්මාණ එම මාධ්‍ය හරහා ප්‍රචාරය විය. නිදසුන් ලෙස මුද්‍රණ යන්තර හඳුන්වා දීමෙන් පසුව මුද්‍රණය වූයේ ශුද්ධ වූ බයිබල් ග්‍රන්ථයයි. මේ සඳහා දේශපාලන බලපෑම්ද වක්‍රාකාරයෙන් බලපෑ බව නොරහසකි. කුමන බලපෑමක් මත වුවද සිය මානසික සන්තෘප්තිය උදෙසා ආගම කෙරෙහි දැඩි නම්‍යතාවයක් දක්වන ලදී. වර්තමානය වනවිට මාධ්‍ය හරහා ගොඩ නැගී ඇති ක්‍රියාකාරිත්වය නිසා මිනිසා කලකිරීමකින් පසුවන බව අන්තර්ජාලය හරහා සිදු කළ සරල සමීක්ෂණයකින් තහවුරු විය. එබැවින් මිනිසා ආගම හරහා යම් හෝ මානසික සුවයක් ලබා ගැනීමට පෙළඹී ඇති බව සඳහන් කළහැකිය. වර්තමානයේදී නව මාධ්‍ය බලපෑම දරුවෙකු බිහිවීමටත් පුර්වයේ පටන් ක්‍රියාත්මක වේ. මෙලොව එලිඅ දකින්නට සිටින දරුවා කෙබඳු විය යුතුද යන්න පවා නවමාධ්‍ය උපයෝගී කරගනිමින් උපකල්පනය කිරීමට සමාජය පෙළඹී ඇත. යම් තාක් දුරට නවමාධ්‍ය හා නුතන මාධ්‍ය භාවිතයෙන් හෙම්බත් වූ හා එම රැල්ලට එරෙහි වන පිරිස ආගමික ක්‍රියාකාරීත්වයන්ගෙන් සැනසීමට පත්වන බව දැකගත හැකිය. ආත්මාර්ථකාමී අරමුණු සාක්ෂාත් කර ගැනීම මේ වනවිට ආගමින විඥානය භාවිතයට ගනිමින් සිය අරමුණු ඉටුකරගැනීමේ ප්‍රවනතාවයක් ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාත්මකවන බව සමාජය තුළ ක්‍රියාත්මකවන මතයකි. ඇතැම් පුද්ගලයන් හා පාර්ශවයන් සිය අභිමතාර්ථ ඉටුකරගැනීම උදෙසා ආගමික සංකල්ප භාවිතයට ගැනීම වර්තමානය තුළ සිදුවන ඛේදවාචකයකි. ඇතැම්විටක විටෙක මෙම චෝදනය ඉදිරිපත්කරන්නේද පටු ඉටිකරගැනීම සඳහා වීමද අවාසනාවන්ත දෙයකි. කෙසේවෙතත් මේ සඳහා වර්ථමාන නිදසුන ලෙස බොහෝදෙන්ක් පෙන්වාදෙනුයේ පිටිදුවේ සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ ය. කෙසේවෙතත් එවැනි තර්කයක් ඉදිරිපත් කිරීමට අපසතු දැනුම් ප්‍රමාණවත්ද යන්න තවත් එක් ගැටලුවකි. මෙම අවප්‍රමාණ දැනුම උපයෝගී කොටගනිමින් තවත් පිරිසක් රවටා එමගින් සිය අරමුණු ඉටිකරගැනීමට ක්‍රියාත්මන වන මානසික සංකල්ප මිනිසා තතුළ පවතී. එය සහජ දැනුමකි. සිදුකළ යුත්තේ එම මානසික අදහස් යටපත් කිරීම හෝ ඒවා ඉවත් කිරීමය. වර්තමානය තුළ මෙම අංශ ද්විත්වයම ක්‍රියාත්මක වේ. ධර්මය දන්නා බොහොමයක් ධර්මධරයින් ධර්මය ප්‍රකෂකරන්වා වෙනුවට සැඟවී සිටින ආකාරයක් වර්තමානය තුළ දක්නට ලැබේ. එය සියලුම ආගම්වලට පොදු ලක්ෂණයකි. මාධ්‍ය ආයතන සිය ලාබ අපේක්ෂාවන් හේතුවෙන් ජනප්‍රිය ආගමක් නිර්මාණය කරනවා විනා නිවැරදි අවබෝධයක් හෙළිපෙහෙළි කිරීමටවෑයම් කරන්නේ නැත. වාර්ගවාදී සංකල්ප පෝෂණය කිරීමට වර්තමානයේදී ආගමික විඥානය වර්ගවාදී අදහස් පෝෂණය කිරීමට භාවිතයට ගන්නා පිළිවෙතක් නිර්මාණය වී ඇත. කෙසේ වෙත්ත මෙය වර්තමානයේ නිර්මාණය දෙයක් යැයි එක හෙලා සඳහන් කළනොහැකි ය. වර්තමානය තුල ඉන් පෙර පවතී තත්ත්වයට වඩා වර්ධනයක් දැකගත හැකි ය. විශේෂයෙන්ම මුස්ලීම් ආගම මුල්කොට ගනිමින් ක්‍රියාත්මක වන isis සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් ඉතාමත් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක වේ. එහෙත් මෙම ක්‍රියාකාරකම් මමුස්ලීම් ආගමටද පටහැනි බව ඇතැම් මුස්ලිම් ආගමික විචාරකයින් පෙන්වා දේ. කෙසේවෙතත් ලෝකයේ බොහෝ රටවල ආගමික විඥානය උපයෝගී කොට ගනිමින් මහා සමාජය තුළ උපකුලක නිර්මාණය කිරීමේ ප්‍රවනතාවයක් නිර්මාණය වි ඇත. ඇතැම් අවස්ථාවල මෙම සිදුවීමට මූලික සාධකය අර්තිලා වාසි හා බලය ලබා ගැනීමේ අරමුණු ආදී වේ. අගමැ ඉතාමත් ක්‍ෂුම ලෙස භාවිතයට ගනිමින් එම කටයුක්ත කිරීමට අනුගාමිකයින් දරන උත්සාහයන්ගේ ප්‍රමාණය වර්ධනය වී ඇති බව පෙනී යන කරුණකි. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා, විවාහය, ආදී සංවේදී කරුණු උපයෝගීකරගනිමින් මෙම ක්‍රියාකාරකම් සිදුවේ. එමෙන්ම යම් ව්‍යසනයක් සිදු වූ වහාම ක්‍රියාත්මක වන ආගමික සොවිධන පවතින පවා සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇත. මේ සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමක් සිදුනොකරනුයේ ආගමික ක්‍රියාකාරකම් කෙරෙහි සැකය උපදවීම පවක් ලෙස සමාජයතුළ බියක් පවතින බැවිනි. මෙවැනි සංවිධාන තාමත් සියුම් ලෙස උපක්‍රමශීලිව සිය වර්ගවාදී අදහස් සමාජ ගතකිරීම සිදුකරනු ලබයි. ප්‍රචණ්ඩත්වයට අනුබලදීම ආගමක් තුළින් බලාපොරොත්තු වන තත්ත්වයක් වනුයේ සමාජය තුළ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීම ය. මෙම අරමුණ ඕනෑම ආගමකින් බලාපොරොත්තුවන දෙයකි. එහෙත් වර්තමානයේ මෙම බලාපොරොත්තුව සාක්ෂාත් වනවාද යන්න ගැටලුවක්ව පවතින බව සමාජ දෙස සියුම්ව බැලීමේදී පෙනී යන කරුණකි. ආගම රැකගැනීම වෙනුවෙන් දිවි පිදීම ඉතාමත් පුණ්‍යවන්ත ක්‍රියාවක් බව අවධාරණය කිරීමට ඇතැම් පාර්ශවයන් උත්සහ ගනී. එබැවින් කුමන තත්වයක් යටතේ වුවද ආගම අරමුණු කරගනිමින් ඊට යම් ආකාරයක් කැළලක් සිදුවන බවට සිදුවන කුලුගන්වීමක් මත ක්‍රියාත්මක වීමට ඇතැම් පාර්ශවයන් පෙළඹීමක් දැකගත හැකි ය. "යුධ පිටියේ මිය යන සොල්දාදුවන් දිව්‍යලෝකයේ නැවත උපදිනවාදැයි එක් යුධ වීරයෙක් විසින් බුදු රජාණන් වහන්සේගෙන් විමසයි. ඊට පිළිතුරක් නොදුන් බුදුන් වහන්සේ නිහඬව සිටිසේක. පිළිතුරක් නොලද හෙයින් නැවත වරක් එම යුධ වීරයා විසින් එම ප්‍රශ්ණයම බුදුන් වහන්සේගෙන් අසනු ලබයි. ඒ අවස්ථාවේද උන්වහන්සේ නිශ්ශබ්දව සිටි‍ සේක. තෙවැනි වරද එම ප්‍රශ්ණයම විමසන ලදුව බුදුන් වහන්සේ විසින් පිළිතුරක් ලබාදෙන ලදී. යුධ පිටියේ මියයන සොල්දාදුවන් දිව්‍යලෝකයේ උපත නොලබයි. ඊට හේතුව යුධපිටියේ මියයන සොල්දාදුවන් විසින් මියයන මොහොතේදී වැළැක්විය නොහැකි ලෙස වෛරයත්, වේදනාවත් හැඟීම් දරණ නිසාවෙන් ඒ හැඟීම් වලට අනුව ඔවුන් අපායේ උපත ලබන බව උන්වහන්සේ දේශනා කළ සේක." (සංයුක්ත නිකායේ XLII වැනි යෝධාජීව සූත්‍රය.) ජීවිත බිලියන ගණනක් ආගම් වෙනුවෙන් සිය ජීවිත කැපකොට ඇත. විවිධාකාරයේ දෘෂ්ඨිවාදයන් ඔස්සේ අන්තගාමීන් ලෙස ක්‍රියාකරන පිරිස් වර්තමානයේදී ද අතිශය ප්‍රබල බලපෑමක් සිද්ධ කරමින් සිටිති. “බුදුදහම මිලිටරිකරණය: දකුණු තායිලන්තයේ හිංසනය" නමින් මයිකල් ජෙරිසන් විසින් ලියා ඇති ග්‍රන්තයක ඉස්ලාම් ධර්මය හා බුද්ධ ධර්මය අතර දිනෙන් දින තියුණු වන ආගමික ගැටුම් වලට සමගාමීව තායි බුදුදහමේ මිලිටරි යොමුව පිළිබඳ නිරීක්ෂණයන් මෙම ලිපිය තුළ අන්තර්ගතය. බෞද්ධ භික්ෂුන් සෘජුවම හමුදා පුහුණුව වෙත යොමුවීමත්, ඒ හරහා බෞද්ධ හමුදාකරණය පිළිබඳවත් මෙම රචනාව තුළ නිරීක්ෂණය කොට ඇත. ලොව ප්‍රචලිත හ වඩාත් ප්‍රයෝගික ආගමවල වර්ථමාන මෙසේ සිදුවන විට ආගමික විඥානයේ පළුදුවීම් නිර්මාණය වීම අරුමයක් ද නොවේ. ජනප්‍රිය සංස්කෘතියේ මතවාද පැතිරවීමට යොදා ගනියි වර්තමානය වන විට ජනප්‍රිය සංස්කෘතිය සතු මතවාදයන් පැතිරවීමට ආගමික විඥානය උපයෝගී කරගන්න ආකාරයක් දක්නට ලැබේ. ජනප්‍රිය සංස්කෘතිය නිශ්චිත ලෙස නිර්වචනය කිරීමට නොහී වුවද “ජනප‍්‍රිය සංස්කෘතිය යන්න වඩා බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ” -නූතන කලා විචාරකයන්- “ජනප‍්‍රිය සංස්කෘතිය යනු සමාජය තුළ ජිවත්වන සියලූ දෙනාගේම සංස්කෘතියයි” -බටහිර විචාරකයින්- “මිනිස් කණ්ඩායමක අත්දැකීම් බෙදා හදා ගන්නා ක‍්‍රමය ජනප‍්‍රියසංස්කෘතිය නම් වේ” -හිදෙතොෂී කාටෝ- “නොයෙකුත් නිර්වචන ඉදිරිපත්ව පවතී. ජනප‍්‍රිය සංස්කෘතිය යනු වර්තමාන ලෝකයේ දැන හෝ නොදැන අනු ගතවූ නව විලාසිතාවක තැනගත්තාවූ ප‍්‍රබල නැමියාවක් ලෙස හඳුනාගත හැකිය. (රත්නායක, 2008, 107* මෙම” ජනප්‍රිය සංස්කෘතිය තුළ පවතිනුයේ ඉතාමත් ක්ෂණික විනොදශ්වදයක් පමණි. තරු සංකල්පය මේ කදිම නිදසුනකි. ජනප්‍රිය සස්කෘතිය කිසිසේත්ම ස්ථාවරත්වය මත රඳවාගත නොහැක. ජනප්‍රිය සංස්කෘතියේ පවතින මෙම ක්‍රියාකාරිත්වය ආගමික විඥානය කෙරෙහි ඉතමත් දරුණු ලෙස බලපා තිබේ. විශේෂයෙන්ම ආගමික ඇදහිලි ඊට අදාළ නිශ්චිත දිනවලට පමණක් සිමා වී ඇත. ඒ ඒ ආගම්වලට නියමිත පුජනිය ස්ථානවලින් බැහැර වූ පසු ආගමික මුහුණුවරක් දැකගත නොහැකිය. මිනිසා ආගමද විලාසිතාවක් බවට පත්කොටගෙන හමාර ය. නිදසුන් ලෙස කොන්ත සලකුණ ගතහැකිය. කිතුණු ආගමේ ශුද්ධ වූ සංකේතයක් ලෙස භාවිතයට ගන්නා කොන්ත ලකුණ පච්චාකෙටිම වැනි කාර්යන් සඳහා යොදා ගැනීම බහුලව සිදුවන දෙයකි. මේ සඳහා ආගමික වශයෙන් පවතින දැනුම ඉවහල් වේ.ඇතැම් විටෙක යම් සලකුණක් දුටු පමණින් එය අදාළ ආගමේ සලකුණක් ය යන්න වරදවා වටහා ගන්න අවස්ථා ද වර්තමානය තුළ පවතී. මෙය ඉතාමත් ඛේදජනකතත්වයක් ලෙස දැකගත හැකිය. එවන් සැකයක් ඇතිවන්නේද ඊට අදාළ සිදුවීම් සමාජය තුළ නිරන්තරන්ම සිදුවන බැවිණි. ආගමික ගීත නිර්මාණය කිරීම ද සමාජය තුළ දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයකි. විශේෂයෙන්ම වෙනත් ආගමක පුද්ගලයෙකු තවත් ආගමක් පිළිබඳව ගීතයක් ගායනා කළහොත් අපරිමිත භක්තියක් ජනතාව තුළ නිර්මාණය වේ. මෙය ජනතාව තුළ පවතින කුමන මනෝභාවයක්ද යන්න ගැටලුවකි. ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක වන්නේ පුද්ගලයට පවතින හැකියාව ප්‍රයෝජනයට ගැනීමක් විනා සිය ආගමට විරුද්ධව තවත් ආගමක් ඇදහීම නොවේ. ඉතාමත් විරල ලෙස සිය අගමැ අතහැර වෙනත් ආගමකට පැමිණ එහි හරය වටහාගන්න පුද්ගලයින් නැතුවාම නොවේ. දේශපාලන බලය සඳහා සියුම්ව හා වක්‍රව යොදා ගනියි. දේශපාලන වාසි ලබාගැනීම උදෙසා ආගමික විඥානය උපයෝගිකර ගැනීම ද තවත් ප්‍රවණතාවයකි. ඇතැම් දේශපාලන පක්ෂ තුරුම්පුවක් ලෙස භාවිතයට ගනු ලබන්නේ ආගම්වදයයි. බහුවාර්ගික සමාජයක් තුළ සිය වර්ගය උද්දීපනය කිරීමට ආගමික විඥානය උපයෝගී කරගනි. ඇතැම් ආගම්වල භාවිතයට ගන්න සංඛේත දේශපාලන පක්ෂ සඳහා භාවිතයට ගනී. එමහින් අවිඥානිකව මිනිසා එම දේශපාලන පක්ෂ සඳහා ඇල්මක් දැක්වීම සිදු වේ. නෙලුම් මල යනු පිවිතුරු බව ප්‍රදර්ශනය කිරීමට භාවිතයට ගන්න මලකි. භාරතීය ජනතා පක්ෂයේ සලකුණයි. එමෙන්ම මිනිසා තුළ පවතින සැනසීම සොයා යාමේ ආශාව පදනම්කොටගෙන ක්‍රියාත්මකවන ආගම සිය පටු දේශපාලන අරමුණු ඉටිකරගැනීමට ඉතාමත් ප්‍රබල හැකියාවකින් යුතු මාධ්‍යක් බව පැහැදිලිය. ඉන්දීය භාරතීය ජනතා පක්ෂය හින්දු ආගම ආරක්ෂා කරන බව ප්‍රතිඥා දී ඇත. ඇතැම් අවස්ථාවලදී සිය ආගම ආරක්ෂා කිරීමට මෙවැනි පියවර ගැනීමටද සිදුවන අවස්ථා එම සමාජය විසින්ම නිර්මාණය කිරීම කණගාටුවට කරුණකි. ආගමික විඥානය සර්වාගමික ස්වරුපයකට පරිවර්තනය වීම වර්තමානය වන විට සියලු ආගම් කෙරෙහි බොහෝ දෙනාගේ නැඹුරු වීමක් දැකගත හැකිය. විශේෂයෙන්ම ආගම සම්බන්ධ අධ්‍යනයන් මේ සඳහා උපයෝගී වි ඇත. එමෙන්ම ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන මව පෑම් මේ සඳහා උපයෝගී වි පවතී. ජනතාව තුළ ඇතැම් ගැටුම් නිර්මාණය වන විට එය වලක්වාගැනීම උදෙසා ඇතැම් අවස්ථාවල රාජ්‍ය මගින් මෙවැනි සංකල්ප ඉතාමත් සියුම් ලෙස සමාජ ගත කිරීමක් සිදුකරනු ලබයි. සමාලෝචනය ආගමික විඥානය සමාජයේ යම් නිශ්චිත දිනෙක් ඉවත් වේය යන්න කිව නොහැකිය. සමාජය තුළ අඩු වැඩි අශයෙන් යම් යම් සමාජ ප්‍රශ්න පවතී. නව ආගම බිහිවීමටත් පවතින් ආගම නිධේදනය වීමටත් හැකියාව අවශ්‍ය තරම් පවති. එබැවින් සමාජ විඥාණය තආගමික විඥාණය කෙදිනකවත් බැහැර වන්නේ නැත. එය අඩු වැඩි වශයෙන් ලොව පවතින තෙක් පවතී. මුලාශ්‍ර • මල්ලිකාරච්චි, ඩෙස්මන්ඩ් බුදුන් වහන්සේ සහ කාල්මාක්ස් , 2011 ,සංහිඳ ප්‍රකාශන , නුගේගොඩ • සමාජ විද්‍යාඥයින්ගේ සංගමය , ප්‍රවාද , කලාප 16, කරුණාරත්න සහ පුත්‍රයෝ හෝමගම , 2000 • නන්දන, පෙරේරා v p, ඉස්ලාම් ධර්මය හා සමාජ ක්‍රමය, චතුර මුද්‍රණාලය, වැල්ලම්පිටිය, 2001 • අබේපාල , රොස්මන්ඩ්, සිග්මන් ප්‍රොයිඩ්ගේ මනොවිශ්ලේෂණවාදය, තරංග ප්‍රින්ට්ස් , නාවින්න, 2011 • ගමගේ, ජේ නාමල්, දේව සංකල්ප, චතුර මුද්‍රණාලය, වැල්ලම්පිටිය, 2001 • විජේතුංග, W.A.D.S, විනිශ්චය, ජේසුස් ක්‍රිස්තුස්, 1997 • ගෝඩර්,යුස්ටයින්, සොෆිගේ ලෝකය, විදර්ශන ප්‍රකාශන කළුබෝවිල, 2016 • එදිරිසිංහ, දයා, පෙරේරා ඥානදාස, දාර්ශනික විමර්ශන, තරංග ප්‍රින්ටස්, 2001 අනුරුද්ධ සේනාධිලංකාර

No comments:

Post a Comment

ලස්සනට ඉන්න

 කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙ...