සංස්කෘතිය
එදිනෙදා
ව්‍යවහාරයේදී සංස්කෘතිය යන සංකල්පය යෙදෙන ආකාරයට වඩා වෙනස්ව එය සමාජ ශාස්ත්‍රවල
අධ්යනයට ලක් කෙරේ. සංස්කෘතියක උසස් පහත් බව සැලකිල්ලට ගෙන සාමාන්‍ය ජනතාවත්, ඇතැම් විට ජන මාධ්‍ය ඒ සම්බන්ධ අදහස් ඉදිරිපත් කරනු දැකිය හැකිය.
එහෙත් සමාජ විද්‍යාඥයා හෝ මානව විද්‍යාඥයා සංස්කෘතියට අර්ථ දක්වන්නේ උසස් හෝ පහත් යන
අදහසින් නොව විද්‍යාත්මක පදනමිනි.
1951 දී
සංස්කෘතිය පිළිබදව ගවේෂණාත්මකව අධ්යනයක් කළ
ඒ.එල්. ක්‍රොබර් හා ක්ලයිඩ් ක්ලඛෝන් යන මානව විද්යාඥයින් පෙන්වා දුන්නේ එම
සංකල්පයට එවකට නිර්වචන 164ක් තිබුණු බවය. අයිතිහාසික , ජනක විද්යාත්මක යනාදි වශයෙන් එම නිර්වචන රාශියක් දක්නට තිබීම අසත්ය නොවේ. මිනිසාගේ
චර්යාව කලින් අනාවරණය කරගත නොහැකිය. එක් මොහොතක චිත්ත සොභාවය තවත් මොහොතක වෙනස්
විය හකිය. සමාජය ගැන කතා කරන විට මෙය තවත්
සංකීර්ණ වේ. ඒ නිස පුද්ගල චර්යා වල ප්‍රතිමුර්තියක්
බදු සංස්කෘතිය පිලිබද නිර්වචනයක් ඉදිරිපත් කිරීම දුෂ්කරය. එහෙත්,
බ්‍රිතාන්යෙ
මානව විද්යාවේ පියා ලෙස සැලකෙන ඊ.බි.ටයිලර්
තමාගේ "ප්‍රාථමික සංස්කෘතිය" පොතේ සංස්කෘතිය මෙසේ නිර්වචනය කොට
ඇත. "සමාජයේ සාමජිකයෙකු වශයෙන් මිනිසා විසින් අයත් කරගන්නා ලද වූත්, ලබා ගන්න වූත්
දැනුම, විශ්වාස, කලා, සදාචාර දහම් හා වෙනත් හැකියාවන්ගේ සමස්ථය සංස්කෘතිය වේ " ලෝකයේ
පවත්නා හෝ පැවතුණු ඕනෑම සංස්කෘතියක අඩු වැඩි වශයෙන් ඉහත සදහන් නිර්වචනයේ එන සංකල්ප
දැකිය හැකිය.
පළමුව
මිනිසා සමාජයේ සාමාජිකයෙකි. ඔහු ලබාගෙන ඇති දැනුම හෝ අනෙකුත් දක්ෂතා වගේම හුරු
පුරුදු දේවල් සමාජය මගින් හික්මවන ලද අගනාකම් හා ධර්මතා ප්‍රධාන තැනක් ගනී.
සමාජයක්
අර්ථවත් වන්නේ ඒ සමාජය නියෝජනය කරන
සංස්කෘතිය මගිනි. සමාජ සාරධර්ම හා අගනාකම්
සංස්කෘතියේ ලක්ෂණ වෙති. සමාජයක පවතින
චාරිත්‍ර,
ආගමික චින්තන, කලා ශිල්ප යනාදිය
සංස්කෘතිය මගින් නියෝජනය කරන ලද දේවල්ය. එකම සමාජයක සංස්කෘතික විෂමතා තිබෙන්නට
පුළුවන. එනම් කිසියම් සමාජයක පවතින ස්ථරයන් අනුව
ඒ ඒ ස්ථරයන් වලට අයත් විවිධ සංස්කෘතික ලක්ෂණ තිබෙන්නට පුළුවන. පහල පංතියක
සංස්කෘතියට වඩා ඉහල පංතියක සංස්කෘතිය වෙනස් ය. ප්‍රාදේශිය වශයෙන්ද සංස්කෘතියේ
ලක්ෂණ ප්‍රකට කෙරේ. ගැමි සමාජයේ සංස්කෘතියට වඩා නාගරික සමාජයේ සංස්කෘතිය වෙනස් වේ.
එය පාරිසරික හේතු නිසා සිදු වන්නකි. ගමේ ගැමි ජීවිතය කෘෂිකර්මය මත මුල් වන අතර එහි
සංස්කෘතිය ද ක්‍රියාත්මක වන්නේ එම ජීවන රටාව අනුඅවය. අනෙක් අතට නාගරික සමාජය තුළ කර්මාන්ත හා
අනෙකුත් ව්යවහාර මෙන්ම විවිධ සේවාවන් පවතී.
ඊට අනුකූල ලෙස නාගරික සංස්කෘතියක් ක්‍රියාත්මක වනු දැකිය හැකිය. එක අතකින් නගරය බහු සමාජ හා බහු සංස්කෘතික
ලක්ෂණ ස්ඵූට කරයි.
ඇමරිකන්
මානව විද්යාඥයෙකු වූ රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය ගැන ඉදිරිපත් කර ඇති අදහස් සමාලෝචනය
කිරීම අර්ථවත් වනු ඇත. පරම්පරාවෙන්
පරම්පරාවට මිනිසා විසින් ගෙන යන ලද
දායාදයක් වශයෙන් සංස්කෘතිය අගය කළ හැකි යැයි ලින්ටන් කියයි. එය එක
පරම්පරාවක ගොඩ නැගුණක් නොව පරම්පරා ගනණක් තිස්සේ වර්ධනය වී තිබේ. සංස්කෘතිය එකතු කිරීම් හා අඩු කිරීම් ඇති බව ද ඔහු පෙන්වා දෙයි. එය එසේ වන්නේ පරම්පරා
ගනණක් ඇතුළතය.
මිට
අමතරව සංස්කෘතිය ගැන විමසන විට ලින්ටන් එහි ඇති වර්ග කිරීමක් ද පෙන්වා දෙයි. එනම්
සංස්කෘතියක සර්ව විශ්ව ලක්ෂණ තිබීම, ව්කල්ප ලක්ෂණ
තිබීම හා විශේෂිත ලක්ෂණ තිබීමයි. එයින්
අදහස් කරන්නේ එක සංස්කෘතියක ඉටු කරන යම්
අවශ්යතාවක් තවත් සංස්කෘතියක එම අවශ්යතා
විකල්ප වශයෙන් වෙනත් අයුරකින් සපුරා තිබීමයි.
සංස්කෘතිය පිලිබද නිර්වචන
ටයිලර් සංස්කෘතිය විග්‍රහ කළ අන්දම
නිසා සංස්කෘත්ක විග්‍රහයේ ප්‍රධාන අංග
තුනක් ඉස්මතු වෙනු අපට දැකගත හැකිය. ඉන් පළමු වැන්න නම් කාලය පිලිබද හැගිමයි. දෙවනුව සංස්කෘතිය යනු මිනිසා විසින් ඉගෙන ගනු
ලබන්නකි. ඊළග වැදගත් ලක්ෂණය නම් සංස්කෘතිය අපගේ චර්යාවන් වලට මග පෙන්වීමය.
සංස්කෘතිය ගැන විවිධ නිර්වචන ඇතත් අපේ පහසුව
තකා ටයිලර් පැවසූ නිදර්ශනයක් සිත තබා ගෙන සංස්කෘතිය යන්න මෙසේ කොටස් වලට
බෙදා තෙරුම් ගත හැකිය.
1.
සංස්කෘතිය යන්න ඒ ඒ අංග එකට එක් වී එකට බැදී පවත්නා සංකීර්ණ ඒකකයකි.
2.
අපි සංස්කෘතිය,එය ඉගෙනීමෙන් වටහ ගනිමු. ඒ පිලිබද අවබෝධය අපිට උපතින්ම නොලැබෙයි. එසේ හෙයින් සංස්කෘතිය උගත මනා දෙයකි.
3.
සංස්කෘතිය කාලය තුලින්
වර්ධනයට පත් වෙයි. (අවුරුදු 2500කට
වඩා පැරණි සිංහල සංස්කෘතිය ගැන සිතන්න.)
4.
එය පරිණාමයට පත් වීමේ දී
ඇතැම් අංග හැලෙයි. වෙනත් අංග ඇතැම් විට
වෙනත් සංස්කෘතීන් තුළින් ඊට එක් වෙයි.
5.
සංකේතවත් අර්ථ මගින්
සංස්කෘතිය අපේ සමූහ ජීවිව්තයෙදී උච්චාරණය වෙයි. ඒ කියන්නේ අපි එහි අර්ථ සංකේත
මගින් වටහ ගනිමු. කෙනෙක් මල් අතින් ගෙන බුදු පිළිමයක් වෙත යනව අපි දකිමු. අතින්
ගෙන යන මල්, ඔහු ඇද පැළද සිටි අන්දම, යන ගමන, ඔහුගේ
අභිප්‍රාය අපිට හගවන සංකේතයන් ය. අපේ සංස්කෘතියේ ජීවත් වන ඕනෑම අයෙකුට ඔහුගේ ගමනේ අර්ථය වැටහෙයි. අර්ථය ඒ සංස්කෘතියේ
ජිවත් වන සෑම දෙනාම විසින්ම බෙදා හදා ගැනිමට පුළුවන්කම, තෙරුම් ගැනීමට පුළුවන් කම මෙහි ලා ගැනේ.
6.
සංස්කෘතිය කෘත්යම ය වන්නටත් පුළුවන: අව-කෘත්යමය වන්නටත් පුළුවන. ඒ
කියන්නේ සංස්කෘතියේ අංගයන් ක්‍රියාවට නැගෙන විට ඉන් සමාජමය රටාව ශක්තිමත් වීමට ඉඩ
ඇත. අපි සියළු දෙනාම එක තැනක හිද භාවනා කරමු. මේ භාවනාවෙන් අපේ කණ්ඩායම අතර
සම්බන්ධතාව තව තවත් තහවුරු වනු ඇත. කෘත්යමය වශයෙන් එය වැඩදායකය. අපේ කණ්ඩායමේ
හැගීම් තහවුරු වන්නට අපි හැම දෙනම එක මත්ද්‍රව්ය සුරුට්ටුවක් උරමු. අපේ කණ්ඩායමේ
හැගීම සමහරවිට මින් තහවුරු වූවත් මත්ද්‍රව්ය ඉරීම නිසා සමාජයට ඉතා හානිකර තත්වයක්
මතුවනු නොඅනුමානය. එය අව-කෘත්යමය එකක් හැටියට අපි හදුන්වමූ.
මාග්‍රට් මීඩ්, ඒ.ඇල්.ක්‍රෝබර්, රූත් බෙනඩික්ට් සංස්කෘතිය සමාජයීය
විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වා දී ඇත. 1940 දී රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන්
විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.ක්‍රෝබර් (Krober) සහ ක්ලක්හෝන් (Kluckhorn) සංස්කෘතිය නිර්වචනය කරන්නේ මිනිස්
චර්යාවේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංකේත මගින් ව්‍යාප්ත කරන මානව සමූහවල සුවිශේෂ
සාධනයක් ලෙස ගොඩ නැගුණ ක්‍රියාවලියක් ලෙසයි. 1963 දී ක්‍රෝබර් සහ
ක්ලක්හෝන් සංස්කෘතිය පිළිබඳ නිර්වචන සියගණනක් සොයා ගන්නා ලදි. ඔවුන්ට අනුව
සංස්කෘතිය චර්යාවන්ගේ ගවේෂණයක් හෝ චර්යාවක් නොව එහි සමස්ත සංයුක්තියයි. සංස්කෘතියේ
කොටසක් ලෙස චර්යාවේ ප්‍රමිතීන් හා ධර්මතා අඩංගු වේ. අනෙක් කොටස චර්යාවේ තෝරාගත්
මාර්ග හා සංකල්පවේදයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය ප්‍රවර්ග
හතරක් ඔස්සේ පැහැදිලි කරයි.
1. විස්තරාත්මක නිර්වචනය
2. ඓතිහාසික නිර්වචනය
3. ප්‍රතිමානාත්මක නිර්වචනය
4. මනෝ විද්‍යාත්මක නිර්වචනය
සංස්කෘතියේ ප්‍රධාන බෙදීම්
සංස්කෘතියේ ප්‍රධාන බෙදීම් 3ක් අපට දැකගත හැක. එනම්,
§ අදහස් (Ideas)
§ ධර්මතා (Norms) හා
§ භෞතික සංස්කෘතිය (Material
Culture)
යි.
අදහස් යනු අප
සිතන දේ ය. එහෙත් වඩා වැදගත් වන්නේ අර්ථවත්ව සිතන අදහස් ය. සමාජවල ස්වභාවය අනුව අදහස් විවිද වේ. ගොත්‍රික
හෝ සරල සමාජ වල පවතින අදහස් බොහෝ විට ඔවුන් ජීවත් වන පරිසරයට සම්බන්ධ වේ.හිරු සදු
ගංගා හා පර්වත පිළිබද ප්‍රාතමික මිනිසුන්ගේ අදහස් අධි ස්වාභාවික බලය හා සම්බන්ධ
වේ. ජනකතා, ජන ගායනා, ජන කවි, ප්‍රස්තා පිරුළු ආදිය මෙන්ම වෙනත් මුඛ පරම්පරානුගත අදහස් ග්‍රාමීය
සමාජ වල බහුල වශයෙන් පවතින බව පෙනේ.
'ජී.පී මර්ඩොක්' නම් මානව විද්යාඥයා එහිදී සංස්කෘතිය
තුළ දක්නට ලැබෙන ගුණාංග කොටස් 7ක් වශයෙන් බෙදා වෙන් කර ඇත. එනම්,
1. සංස්කෘතිය පෘද්දෙන් හා දැනීමෙන් ලබා ගත්තකි.
2. සංස්කෘතිය තුළ දක්නට ලැබෙන පරපුරෙන් පරපුරට
පැවතෙමින්
යාමේ ගුණ්ය.
3. සංස්කෘතිය තුළ දක්නට ලැබෙන සමාජයේ පැතිර
පැවතීමේ ගුණය.
4. සංස්කෘතිය තුළ දක්නට ලැබෙන පරමාදර්ශී ස්වභාවය.
5. සංස්කෘතිය තුළ දක්නට ලැබෙන සාමාජික
තෘප්තිය දැක්වීමේ ගුණය.
6. සංස්කෘතිය තුළ දක්නට ලැබෙන අවස්ථාවෝචිත පරිදි
සකස් වීමට
හැකි ගුණය.
7. සංස්කෘතිය
තුළ දක්නට ඇති සමෝධාන ගුණය යනුවෙනි.
මෙම ගුණාංග ඔස්සේ බලන විට සංස්කෘතිය ප්‍රධාන
කොටස් 3කට බෙදා වෙන් කළ හැක. එනම්,
අත්දැකීම් මත බිහි වූ සංස්කෘතිය
මෙය ගොඩ නැගෙන්නේ මූලිකවම අත්දැකීම් ආශ්‍රය කර ගෙනයි. එයින් අපට අපේ
පරිසරය හා යාන්ත්‍රික කම ඇතුළත් නුවණ ලබා දෙයි. අපගේ යම් යම් භෞතික අවශ්යතා ඉටු කර
ගැනීමට අපට බොහෝ විට නගුලේ සිට යන්ත්‍රෝපකරණ තෙක් විහිදි පවතී.
කලා රසිකත්වය මත බිහි වූ
සංස්කෘතිය
මෙය
නිසා සිංහලයේ විවිධ කලා කෘති එනම්, ගීත,
නාට්ය,
සහිත්ය,
නිර්මාණ
ආදිය බිහි වී ඇත. විශේෂයෙන්ම ජන කවි, ජන ගී ආදිය එහි වැද්ගත් වේ. මෙම
සංස්කෘතියේ යම් යම් අංග සකස් වීම කෙරෙහි බුදු සමය සිංහලයාට බලපා ඇති බව මාර්ටින්
වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.
ප්‍රතිමානික
සංස්කෘතිය
මෙය නම් හොද නරක හා ඒ පිලිබද නීති රීති චර්යා විධි කියා දෙන
සංස්කෘතියයි. මෙවැනි ඉගැන්වීමක් අපට ලබා දෙන්නේ ධර්මතා මගින් බැව් අපි දනිමු. මෙම
ඉගෙනුම අපි ලබන්නේ සමාජානුයෝජනය මගිනි. පවුල, පාසල,
මිත්‍ර
කණ්ඩායම්, ආදිය එහිදි වැදගත් වේ. කෙටියෙන් කීවොත් සමාජයේ
වැඩි පිරිසක් කැමති (ගණ ඉච්ඡා) හැසිරීමකට අපි පුරුදු පුහුණු වෙමු.
සංස්කෘතියේ අන්තර්ගතයන්
සංස්කෘතිය අවශ්‍යතා සපුරාලීමේ ක්‍රියාවලියක්
වශයෙන් ද හැදින්විය හැකිය. මානව අවශ්යතා
දෙයාකාරයකි. එනම්, මූලික අවශ්යතා හෙවත් ජීව විද්යාත්මක
අවශ්යතා හා ද්වීතීය අවශ්යතා ය. මූලික අවශ්යතා වන්නේ ආහාර. ලිංගික තෘප්තිය සෞඛ්ය හා
රැකවරණය වේ. සෑම සමාජයකම පුද්ගලයන් අඩු වැඩි වශයෙන් ලබා ගැනීම අනිවාර්ය
වේ. එසේ නොමැතිනම් මානව සමාජයේ පැවත්මක් ගැන කතා කළ නොහැකිය.
සමාජ විද්යාවේදී සංස්කෘතීන් තුළ පවත්නා සුවිශේෂාංග 3ක් ගැන කතා කරයි. එනම්,
ආවෘත සංස්කෘතිය
ආවෘත
සංස්කෘතිය යනු සංස්කෘතියක පවත්නා අදහස්, විශ්වාස,
පුරුෂාර්ථ
ආකල්ප යනාදිය හා සම්බන්ධ වූ චර්යාවන් ය. චර්යාවන් අනුව කටයුතු කරන ආකරය අපට විවෘතව
නොපෙනේ. යම් කිසි අසහනයකට පත් වූවකු දේව රූපයක් ළග නිශ්ශබ්දව යදින අයුරු සිතන්න. ඒ
සංස්කෘති ගැන නොදන්නා අයෙකුට මොහු
පෙනෙන්නේ කෙසේද? ඔහුගේ සිතේ ඇති දුක,
එ
දුක නැති කරගන්න ඔහු කරන ආයාචනය, දෙවියන් පිළිබද ඔහුගේ හැගීම,
මේ
සියල්ල සංස්කෘතියක ආවෘත ලක්ෂනයන් ය. ඔහුගේ
හැසිරීම් රටාවේ අර්ථය ඔහු කියන දෙයින්, ඔහුගේ ක්‍රියාවලින් හෝ ඔහු සතු මෙවලම්
වලින් වටහා ගැනීම අසීරුය.
සංස්කෘතියේ මේ ආවෘත ස්වභාවය තේරුම් ගැනීමට නම්
ඒ සංස්කෘතියේ පවත්නා,
අදහස්
විශ්වාස
ඇදහිලි
සාරධර්ම
හා
ආකල්ප වටහා ගත
යුතුය.
විවෘත සංස්කෘතිය
සමාජ සම්බන්ධතා වල පැහැදිලිවම දැකිය හැකි වූ යම් යම් අංශ දෙස
බැලීමෙන් විවෘත සංස්කෘතිය තේරුම් ගැනීමට
හැක. මෙම සමාජ සම්බන්ධතා තේරුම් ගැනීමේදී වැදගත් වන සමාජ විද්යාත්මක සංකල්ප කීපයක්
නම්, තත්ත්වය, කාර්යභාර්ය සහ ධර්මතාවයන් ය. තත්ත්වය යනු ඒ ඒ පුද්ගලයාට
සමාජය තුළදී හිමිවන තැනයි. එම තැන නිර්ණය
කර ගැනීමට විවිව්ධ කරුණු මූලික වේ. ඒ ඒ තත්ත්වයට අනුරූපව අප ඒ අය ඉදිර්යේ
හැසිරෙමු. පියෙක්, මවක්, පුතෙක් මෙන්ම රැකියාමය වශයෙන් විවිධ
ආකාර තත්ත්ව ඇත. මෙම තත්ත්ව රටා වලට අනුකූලව අපි අපේ චර්යාවන් සකස්කර ගනිමු. කාරිය
කොටස යනු එම තත්ත්වයට හිමි වැඩ කොටසයි. ඒ වැඩ කොටසයි. ඒ වැඩ කොටස තුළ ඔහු පිළිබද
ආකල්ප ගොඩ නැගේ. විවෘත හැසීරීම පෙන්වන ඊළග ලක්ෂණ නම්,
§ ධර්මතාවන් (Norms) - එනම් අපේක්ෂිත හැසිරීම රටාවයි.
අපෙන් සමාජය අපේක්ෂා කරන හැසිරීම් රටාවයි. පන්සල,
මළ
ගෙදර, මගුල් ගෙදර වැනි තැන් වලදී අප හැසිරිය යුතු රටාව ධර්මතාවලින් පෙන්වා
දි ඇත.
§ සමාජ සංස්ථා - යනු ඊළගට සමාජයේ විවෘත හැසිරීම අපට පෙන්වා දෙන අංගයයි.
ද්‍රව්යමය
සංස්කෘතිය
සංස්කෘතිය හා සම්බන්ධ වූ ද්‍රව්යමය
දේවල් පිළිබද එක්කාසු කළ දැනුමයි. ඇදුම් පැළදුම් මෙවලම් උපකරණ ගේ දොර ගෘහ උපකරණ
යන්ත්‍ර සුත්‍ර ආදි හැම දෙයම ඊට ගැනේ.යථෝක්ත දැනීමෙන් තොර වූ ඒ ද්‍රව්යමය භාණ්ඩය පමණක් සංස්කෘතිය ලෙස නො
ගැනේ. ඈත අතීතයේ ජීවත් වූ අද දක්නට
නොලැබෙන මිනිස් කොටසකගේ සංස්කෘතිය අප
විසින් ගොඩ නගා ගනු ලබන්නේ ඒ සංස්කෘතියෙන් අපට ඉතිරි වූ ද්‍රව්යමය කොටස් ආශ්‍රයෙනි.
ද්‍රව්‍යමය සංස්කෘතිය ගැන කතා කරන විට යම්
යම් සොයා ගැනීම් (inventions) ගැන අමතක කල නොහේ.
සංස්කෘතියේ කාර්යයන්
Mischa
Titier නම්
ලේඛකයා තුන් ආකරයකට සංස්කෘතිය සමාජයට කෘත්යක්
සලසන බව පෙන්වා දෙයි.
1.
මිනිසාට තමා අවට පරිසරය තමාට රිසි සේ සකස් කර හැඩ ගස්වා ගැනීමට හා
වෙනස් කර ගැනීමට සංස්කෘතිය උපකාරී වේ. තම කාර්මික ඥානය තුලින් පරිසරය ජය ගැනීම
සදහා මිනිසා විසින් නිපදවන ලබන විද්යාත්මක
උපකරණයන් ගෙන් ඇති කරනු ලබන මෙම සමාජ ජීවිතය සංස්කෘතියේ හා පුද්ගලයා අතර ඇති
සම්බන්ධතාව මැනවින් පළ කරයි.
2.
සමාජීය සත්වයෙකු ලෙස මිනිසාට
තවත් මිනිසෙකු හා සහයෝගීව සාමුහික ජීවන රටාවක් ගෙන යාමට සංස්කෘතිය බොහෝ දුරට ඉවහල්වෙයි. ඒ ඒ සමාජයන්හී පිළිගත් සාරධර්මතා,
ඇගයුම්,
විශ්වාස
ආදිය මෙහි ලා සහ සම්බන්දතා ගොඩ නගා ගැනීමේ ලා වැදගත් ය.
මිනිසාට මෙතෙක් අවශ්ය වූ ගුප්ය්හමය හා අද්‍රව්යමය වස්තූන් හා ස්ධ්ධාන්තයම්
පිළිබද නිරතුරු අධ්යනය කිරීම මගින් සමාජයේ නව දර්ශනයන් හා චින්තාවලින් ප්‍රතිස්ථාපනය
කිරීම තුළින් සංස්කෘතිය සමාජයට සේවයක්
සිදු කරයි.
“සී.ක්ලඛෝන්” නම් විචාරකයාට අනුව
සංස්කෘතිය මූලික වශයෙන් ම සමාජ අවශ්යතා ඉටු කිරීමේ ඒකායන මාර්ගයකි. සමාජයේ සාමාජිකයෙකු මිනිසා
වෙත් ඇති මානසික හා භෞතික අවශ්යතාවන් ඉටු කර ගැනීමෙදී ඒ සමාජයන්ගේ සමාජ ලක්ෂණයන් ගේ ප්‍රතිමුර්තියක්
බදු සංස්කෘතිය එහි ලා නිශ්චිත මාර්ගෝපදේශකත්වයක් පෙන්වන බැව් ඔහු වැඩි දුරටත් පවසා
තිබේ. මිනිසාගේ ච්‍රයාව ප්‍රදාන වශයෙන්ම සමකාලීනව පවත්නා සංස්කෘතික වටිනාකම් ,
ප්‍රතිමාන,
ආකල්ප, ආදිය ඈසුරෙන් ගොඩ නැගී පවතීම මීට මූලික හේතුවයි. තම අවශ්යතා ආදිය සපුරා ගැනීමේඩී සමජ්ජයට
අලුතෙන් බිහි වන දරුවෙකු වැඩිහිටියෙකුගේ තත්වයට පත්වන තෙක් රක්ෂාවරණ්ය ලබා දිම හා
ඉගෙනුම සමාජානුයෝජනය වනි ආංගත් සංස්කෘතිය විසින් ඉටු කරන බැව් සැළකේ.
අනුරුද්ධ සේනාධිලංකාර
අනුරුද්ධ සේනාධිලංකාර
ආශ්‍රිත
ග්‍රන්ථ
1. ටෙනිසන් පෙරේරා.බී.ඒ.2010,එස්.ගොඩගේ
සහෝදරයෝ,කොළඹ,10,මානව විද්‍යාව හා සමාජ විද්‍යා ප්‍රවේශය.
2. පෙරේරා,ටෙනිසන්,සන්ජ විද්‍යාව,2013,නුවන ප්‍රින්ටින්
ඇන්ඩ් පබ්ලිකේෂන්,කඩවත.
3. ශ්‍රී සරත්චන්ද්‍ර,බන්දුල. අපේ සංස්කෘතික
උරුමය,1997,විජයමුණි පියදාස සිල්වා,මිගමුව.
4. රාවය සංකෘතිය විවේචනාත්මක ඇගයීමක්,2012,රාවය
ප්‍රකාශනය.
No comments:
Post a Comment