Sunday, October 6, 2019

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යථාර්ථවත් කරගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත ශ‍්‍රී ලංකාවට වැදගත් වන්නේ කෙසේද?

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යථාර්ථවත් කරගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත ශ‍්‍රී ලංකාවට   වැදගත් වන්නේ කෙසේද?

 පටුන  

                                                                                                                                              xප‍්‍රජාතන්ත‍්‍රවාදය හැඳින්වීම

 

 x  ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක පවතින ලක්ෂණ

                                                

 x තොරතුරු අයිතිය පිලිබඳ සංක්ෂිප්ත ඉතිහාසය

 

 x  ශ‍්‍රී ලංකාවේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයේ ස්වභාවය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යථාර්ථවත් කරගැනීම    

    සඳහා තොරතුරු  දැනගැනීමේ පනත ශ‍්‍රී ලංකාවට   වැදගත් වන්නේ කෙසේද?

 

  x විමර්ෂණ

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය  හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය

 

 

යම්කිසි ප‍්‍රදේශයක, රටක, යම් සමාජයක ජිවත්වන ජනතාව ”ප‍්‍රජාව” යනුවෙන් හඳුනාගත හැකිය. එමෙන්ම ”තන්ත‍්‍රය” යනු පාලනය කරන ක‍්‍රමවේදය ලෙස හඳුගත හැකිය. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්න ”ප‍්‍රජාවගේ පාලනය ” ලෙස හඳුනාගත හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ඉංග‍්‍රීසි භාෂාවේ භාවිතාවන ෘැපදජර්ජහ යන්න තත්භව වි ඇත්තේ පැරණි ග‍්‍රීක භාෂාවෙනි. ග‍්‍රීක භාෂාවෙහි ”ෘැපද” යන්න ජනතාව යන අර්ථයෙන්ද ”නර්එි” යන්න පාලනය වශයෙන්ද ගැනේ. ඒ අනුව ෘැපදජර්ජහ යන්නෙහි අර්ථය :ජනතාවගේ පාලනය යන්නය.  

 ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්න නිර්වචනය කිරීම සඳහා ගත උත්සාහයන් රාශියක් දැකගත හැකිය. ඇතැම් චින්තකයෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ”දර්ශනයක්”  ලෙස සලකති. එමෙන්ම අතක් චින්තකයෝ මෙය පාලන ක‍්‍රමයක් ලෙස සලකති. කෙසේවෙතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ නිර්වචන කිහිපයක් මෙලෙස සඳහන්කළ හැකිය.

 

”ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආණ්ඩුක‍්‍රමයක් මෙන්ම දර්ශනයක්ද වේ.”

                                                            - ජේ. ආර් . ලවල්-

”මහජනයා විසින් මහජනයා උදෙසා මහජනයාටම කරනු ලබන පාලන ක‍්‍රමයකි.”

                                                                                                 -ඒබ‍්‍රහම් ලින්කන්-

              ”රාජ්‍ය යනු භාරකාර මණ්ඩලයක් වන අතර එය වැසියාගේ යහපත පිණිස කටයුතු කළ යුත්තේය. නීතිය   

                අභිබවා කටයුතු කරන පාලකයන් නෙරපා හැරීමේ බලය සමාජයට හිමිවිය යුත්තේය.”

                                                                                                                         -ජෝන් ලොක්”

 

ප‍්‍රරජාතන්ත‍්‍රවාදී පාලනයේ ආරම්භය පිළිබඳ සලකා බැලීමේදී ග‍්‍රීසියෙන් එවැනි පාලන ක‍්‍රමයක් පිළිබද තොරතුරු දැක්වේ. එනම් ග‍්‍රීසියේ පවතී  ”පෞර” රාජ්‍ය ආශ‍්‍රයෙනි. පෞර රාජ්‍ය යනු ”නගර රජයන්” ය. භූගෝලීය ලක්ෂණ අනුව ප‍්‍රදේශ වෙන් කර ගනිමින් ගෝත‍්‍රික ජනතාව විසින් තම ගෝත‍්‍රික ජනයා පාලනය කළ කුඩා පාලන ඒකකයක්ය. ඔවුන් තම ගෝත‍්‍රයේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇත. පසු කලෙක මෙවැනි ගෝත‍්‍ර පාලනය පෞර රාජ්‍ය නමින් හදුන්වනු ලැබ ඇත. ඇතෑන්ස්, ස්පාර්ටා, කොරින්ත්, තීබ්ස් මේ අතරින් ඉතා ශක්තිමත් පාලනයක් ගෙන ගිය අතර අන් රාජ්‍යන්ට වඩා මේවායේ විශාලත්වය ද වැඩිය. මේ කාලය තුළ සුලභව දක්නට ලැබුණු දෙයක් නම් දුර්වල, දුබල පෞර රාජ්‍යන් ප‍්‍රබල පෞර රාජ්‍යන් විසින් ආක‍්‍රමණය කර තම රාජ්‍යට ඈදා ගැනීමයි. මෙම නගර රාජ්‍යවල පුරවැසියන් ගණන පිලිබඳ නිශ්චිත අදහසක් පැවතියේ නැත. ප්ලේටෝ සඳහන් කර ඇති ආකාරයට එක නගර රජයක පුරවැසියන් 5000ක් පමණ සිටීම ප‍්‍රමාණවත්ය. ඇරිස්ටෝටල් ප‍්‍රකාශ කරන ආකාරයට එකිනෙකට හඳුනාගැනීමට පහසු වන ආකාරයේ පුරවැසි සංඛ්‍යාවක් සිටීම ප‍්‍රමාණවත් බවය.

 

 

 

 

 

පෞර රාජ්‍යයේ සංයුතිය් තුළ ප‍්‍රධාන කොටස් තුනක් දැකගතහැකි විය. පුරවැසියන්, වහලූ‍න් හා විදේශිකයන් එම කොටස් තුනයි. මෙහිදී දේශපාලන බලය හිමිවූයේ පුරවැසියන්ට ය. වහුන් යනු තවත් එක වෙළඳ භාණ්ඩයක් පමණි. මෙම පෞර රාජ්‍යන් තුළ දක්නට ලැබුණේ රාජාණ්ඩු පාලන ක‍්‍රමයකි. සෑම නීතියක්ම ප‍්‍රභූ වරුන්ගේ වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීම පිනිස සකස් වී තිබුණි. එහෙයින් සාමාන්‍ය ජනයාට

 

එයිනි සෙතක් සැලසුනේ නැත. එම නිසා බොහෝ අවස්ථා වලදී සාමාන්‍ය ජනතාව මෙන්ම වහලූ‍න්ද කැරළි ගැසීමට පෙළඹුනහ. මේ හේතුව නිසා ඇතැම් රාජ්‍යන් කැරලි මර්දනය කිරීම සඳහා  යුධමය පුහුණුව ලැබූ අතර එම රාජ්‍ය යුධ ශක්තියෙන් බලවත් වූ රාජ්‍යන් බවට පත් විය. තවත් රාජ්‍යන් මීට හාත්පසින්ම වෙනස් වූ පැතිකඩයන්ට යොමු වීමක් දක්නට ලැබුණි. එනම්, සාහිත්‍ය, චිත‍්‍ර, කලා, විද්‍යා, දාර්ශනික යන අංශයන්ගෙන් දියුණු වී ඉදිරියට එනු ලැබීය. ඇතෑන්ස් පෞර රාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටු වීමට පුරෝගාමී වූ පුද්ගලයින් තිදෙනෙකු හදුනාගත හැකිය. එනම්, ඩ‍්‍රැකෝ, සො‍ලෝන්, ස්ලෙයිතීනස් ය. ක‍්‍රි.පූ. 621 දී ඩ‍්‍රැකෝ යන ප‍්‍රභූවරයා ප‍්‍රථම වරට ලිඛිත නීති පද්ධතියක් ඇතෑන් පෞර රාජ්‍යයට හදුන්වා දෙනු ලැබූහ. ආරම්භයේදී මෙම නීති ඉතා දැඩි, දරුණු ස්වාභාවයක් ගෙන ඇත. එසේම මෙම ලිඛිත නීති පද්ධතිය හේතු කර ගනිමින් වංක විනිශ්චයකාර වරුන්ගෙන් ගැලවීමට සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබුණි. නමුත් එකළ විසූ සාමාන්‍ය ගොවි ජනතාවට එයින් වාසියක් නොවීය.

 

ඇතෑන්ස්හි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්තාපිත කිරීමට සහය වූ පුද්ගලයෙක් ලෙස සොලෝන් හැදින්විය හැකිය. මෙතුමා වහල් මෙහෙයෙන් පුද්ගලයන් නිදහස් කෙරුණු අතර ණය ගනුදෙනු සදහා පුද්ගලයන් වහල් සේවයේ යොදා ගැනීම තහනම් කිරීමේ නීතියක් පනවනු ලරබීය. මේ නිසි ඉතා දුක්ඛිත තත්වයෙන් දිවි ගෙවූ බොහෝ ජනතාවට සහනයක් ලගා විය. එසේම සොලෝන් විසින් වෙළද සමාජය ශක්තිමත් කිරීම උදෙසා කාසි භාවිතා කිරීමේ ක‍්‍රමයක් හදුන්වා දෙනු ලැබීය.මෙම පාලකයා සමාජ සුභසාධනය උදෙසා මහත් වූ කැපවීමක් සිදු කරන ලදී. ඒ සදහා තම දරුවන්ට දෙමාපියන් විසින් කුමන හෝ ජීවනොපායක‍්‍රමයක් හුරු පුරුදු කළ යතුය එනම් ජීවනොපාය වෘර්තියක් ඉගැන්වීම අනිවාර්ය කරනු ලැබීය. මෙසේ කටයුතු කිරීම නිසා දරුවන් වහල් සේවයේ යෙදවීම නතර වී ගියහ. වංශවත් පවුලකින් පැවත ආ ස්ලෙයිස්තීනස් ජනතාවට ඡුන්ද බලය ලබා දීමට පුරෝගාමීව කටයුතු කළ ප‍්‍රථම පුද්ගලයාය.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මකවන අකර දෙකක් ප‍්‍රධාන වශයෙන් දැකගත හැකිය. ඉන් එකක් නම් ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. අනෙක නම් වක‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයන් ක‍්‍රියාත්මක වන ආකාරද දැකගත හැකිය.

 

ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදී උපක‍්‍රම 

ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදී  පාලන ක‍්‍රියාමාර්ගවාදී පුරවැසියන් ඍජුවම රටේ පාලනයට සහභාගිවේ.

1.  ජනමත විචාරණය

 2. ජන ප‍්‍රරම්භනය

3. පුනරාවර්තනය

4. ජනමත සමීක්ෂණය

5. ප‍්‍රථමික ජනතා මණ්ඩල ක‍්‍රමය

 

 

යෙතා්ක්ත ක‍්‍රියාමාර්ග වක‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍රවාද ක‍්‍රියාත්මකවන මාර්ග වේ.

නුතනයේ මේ පාලන ක‍්‍රමය ක‍්‍රියාත්මකවන එකම රට ස්විස්ටර්ලන්තයයි.

 

වක‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍රවාදය

 

වක‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදී ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාලන බලය ගෙනයන නියෝජිතයෙකු වෙත පැවරේ. එබැවින් මෙය නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙසද හඳුන්වනු ලබයි. මෙහිදී නියෝජිතයන් පත්කරගනුයේ ඡුන්දය භාවිතයට ගැනීමෙනි. ඒ සඳහා කාලීනව පවත්වන මැතිවරණ ක‍්‍රමයක් වක‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියත්මකවන රටක පවතී. 

 

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක පවතින ලක්ෂණ

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක දැකගත හැකි ප‍්‍රධාන ලක්ෂණ 16 පවතී. මෙම ලක්ෂණ ඇමරිකානු දේශපාලන විද්‍යා සංගමය විසින් නිර්දේශිත ලක්ෂණ වේ.

 

 

1ග    මහජන ස්වාධිපත්‍ය

            2ග    සමානාත්මතාවය

            3ග    අයිතිවාසිකම්

            4ග    නියෝජන ආණ්ඩුක‍්‍රමය

            5ග    ව්‍යවස්ථානුකුල ආණ්ඩුව

            6 ග   කාලීනව පවත්වන නිදහස්, රහස්, තරගකාරී, සාධාරණ මැතිවරණ

            7 ග   වගකීම් සහගත ආණ්ඩුව

8 ග   නීතියේ ආධිපත්‍ය

           9 ග   අධිකරණයේ ස්වාධීනත්වය

10ග   තරගකාරී දේශපාලන පක්ෂ ක‍්‍රමය

           11 ග  බලපෑම් කණ්ඩායම්වල ක‍්‍රියාකාරිත්වය

           12 ග  නිදහස් ජනමාධ්‍ය

13 ග  සමාජ බහුවුධතාවය

14ග  යහපාලනය

            15ග  නිදහස් මහජන මතය

            16 ග පාලකයින්ගේ හා පාලිතයන්ගේ  ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන චර්යාව

 

තොරතුරු අයිතිය පිලිබඳ ඉතිහාසය සංක්ෂිප්තව

 

ශ‍‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සාකච්ඡුාව  1994 දක්වාම දිවයයි. 1994 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදු පෙරමුණට සහය දැක්වූ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන විසින් මැතිවරණ සටනේදී මෙම අදහස මතු කරන ලදි. මේ පිළිබඳව පළමු වරට ලිබිත සටහනක් හමුවන්නේ එවකට තොරතුරු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා  විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලූආණ්ඩුවේ මාධ්‍ය ප‍‍්‍රතිපත්තිය” පිළිබඳ කැබිනට් පත‍‍්‍රිකාව මගිනි.

 

ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටු වාර්තාව -1995

1995 වසරේදී මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති සංශෝධනය සඳහා උපදෙස් ලබාදීමට කමිටුවක් පත්විය. එම කමිටුවට නීතීඥ ආර්.කේ.ඩබ්.ගුණසේකර, ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක, රොහාන් එදිරිසිංහ, වික්ටර් ගුණවර්ධන, ලූෂන් රාජකරුණානායක, ආචාර්ය ජයම්පති වික්‍‍්‍රමරත්න, සූරියා වික්‍‍්‍රමසිංහ යන සාමාජිකයින් අයත්විය. මෙම පත්කිරීම සිදුකරනු ලැබුවේ එවකට සිටී ජනමාධ්‍ය හා සංචාරක අමාත්‍යවරයාය.

 

ශ‍්‍රී ලංකා නීති කොමිසම ඉදිරිපත් කල කෙටුම්පත -1996

1996 දී ශ‍‍්‍රී ලංකා නීති කොමිසම විසින් තොරතුරු සඳහා ප‍‍්‍රවේශය පිළිබඳ පනත් කෙටුම්පතක්  ඉදිරිපත් කළ අතර   නීති කොමිසම මෙම කෙටුම්පත සමග ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් එවකට පැවති නීති තන්ත‍‍්‍රයේ පවති ගැටළු සහගත තත්ත්වය පපිළිගන්නා ලදී.

 

කැබිනට් මණ්ඩලය සම්මත කල කෙටුම්පත - 2004

2002 - 2003 වසර වලදී වසරේ දී කතෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා විකල්ප ප‍‍්‍රතිපත්ති කේන්ද්‍රය එක්ව තොරතුරු ලබා ගැනීමේ නිදහස පිළිබඳව පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරන ලදී.  එවකට සිටි අග‍‍්‍රාමාත්‍ය වරයා සමග සාකච්ඡුා වාර කීපයක් ද මේ සම්බන්ධයෙන් පවත්වන ලදී.  පසුව එම කෙටුම්පත  විවිධ සංශෝධන සහිතව 2003 වසරේදී අධිකරණ අමාත්‍යංශය විසින් අවසන් කෙටුම්පත සකස් කරන ලදී. පසුව  අතර එය 2004 පෙබරවාරි මාසයේ දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.  ඒ ආසන්න කාලයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බැවින් එම පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩුවේ උනන්දුව ද මගහැරී ගියේය.

 

නීති කොමිසමේ යෝජිත තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පත - 2006

2006 වසරේ අපේ‍්‍රල් මාසයේදී ශ‍‍්‍රී ලංකා නීති කොමිසම විසින් ”තොරතුරු දැනගැනීමේ නිදහස” පිළිබඳ යෝජිත පනත් කෙටුම්පතක් දෙවන වරටත් ඉදිරිපත් කරන ලදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් උදෙසා ජනතාවගේ සහභාහිත්වය පැහැදිලි කරන ලදී. එසේම 2003 වසරේදී එක්සත් ජාතීන්ගේ සම්මුති 2ක් වන සංවිධානාත්මක අපරාධ පිටුදැකීමේ සම්මුතිය හා එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී සම්මුතියට ශ‍්‍රී ලංකාව  අත්සන් කළ බැවින්

 

 

 යහපාලනය වර්ධනය කිරීම සඳහාද මෙවැනි පනතක අවශ්‍යතාවය දක්වා තිබිණි. එසේම මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් ”අදහස් ප‍‍්‍රකාශ කිරීමේ අයිතිය” පිළිබඳ ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාව තුළ

 

තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුලත්වන බව ප‍‍්‍රකාශ කළ බැවින්ද එම ප‍‍්‍රතිපත්තිය සදහා නීතිමය පිළිගැනීමක් අවශ්‍ය බවද දක්වා ඇත. එසේම එහි තවදුරටත් දැක්වෙන්නේ කොමිසම විසින් 2001 වසරේදී තොරතුරු නිදහස පිළිබඳ පනතක් ගෙන ඒමේ යෝජනාවක් අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි.

එසේම මෙම පනත් කෙටුම්පත 2003 වසරේ අධිකරණ අමාත්‍යංශය විසින් සම්පාදනය කරන ලද පනත්

කෙටුම්පතෙහි සංශෝධිත සංස්කරණයක් වන අතර එය මෑත කාලීන ජාත්‍යන්තර වෙනස්වීම්ද සැලකිල්ලට ගෙන වැඩිදියුණු කරන ලද බව සඳහන් විය.

 

මිලින්ද මොරගොඩ පනත් කෙටුම්පත - 2009

විජේදාස රාජපක්ෂ තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පත - 2010

කරූ ජයසූරිය පනත් කෙටුම්පත - 2010

තිලංග සුමතිපාල පෞද්ගලික මංත‍්‍රී යෝජනාව - 2010

කරූ ජයසූරිය කෙටුම්පත - 2011

උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාව 2011

කල්තැබීමේ විවාදය – 2012

 

විපක්ෂයයේ පොදු අපේක්ෂක මැතිවරණ ප‍්‍රකාශය - 2015 ජනාධිපතිවරණය  ආදී උත්සාහයන්වල ප‍්‍රතිපායක් වශයෙන් තොරතුරු දැනගැනීමේ ප‍්‍රවේශය පිළිබඳ පනත් කෙටුම්පත 2015 නිර්මාණය විය. 2015 අපේ‍්‍රල් 22 වනදින කැබිනට් මණ්ඩලය වෙත ගරු අග‍‍්‍රාමාත්‍ය රනිල් වික්‍‍්‍රමසිංහ විසින් කැබිනට් පත‍‍්‍රිකාවක් ගෙන එමින් මෙම පනත හදිසි පනත් කෙටුම්පතක් ලෙස ගෙන ආයුතු බවට යෝජනා කරනලදී .. 2015 අපේ‍්‍රල් 29 වන දින පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අග‍‍්‍රාමාත්‍ය වරයා විසින් යෝජනාවක් ගෙන ආ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමතකරන කෙරිණි.

 

ඉන් පසුව 2015 නොවැම්බර් මස 02 දින කැබිනට් මණ්ඩලය වෙත අවසන් වශයෙන් සංශෝධනය කල කෙටුම්පත පාර්ලිමේන්තු  ප‍‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කල විසින් තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පත කැබිනට් මණඩලය විසින් සම්මත

 කරන ලද පනත් කෙටුම්පත 2015 දෙසැම්බර් 18 වන දින ගැසට් පත‍‍්‍රය පලවිය. පසුව 2016 මාර්තු 24 වන දින ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනත් කෙටුම්පත පළමුවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන ලදී.

පනත් කෙටුම්පත 2016 ජූනි මස 23 වන දින දෙවනවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ජූනි 23 හා 24 වන දිනවලදී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවති අතර 24 වන දින පැවති කාරක සභා අවස්ථාවේදී විපක්‍ෂය හා ආණ්ඩු පක්‍ෂය ගෙන ආ සමහර සංශෝධනයන්ද ඇතුලත් කරමින් ඡුන්ද විමසීමකින් තොරව පනත සම්මත කරන ලදී. 2016 අගෝස්තු මස 4 වන දින පනත සදහා ගරු කථානායක වරයාගේ අත්සන යෙදීමත් සමග පනත අප රටේ නීතියක් බවට පත් විය.

 

 

 

ශ‍්‍රී ලංකාවේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයේ ස්වභාවය

 

යම් රටක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන රටක් ලෙස නම් කිරීමට නම් එම රටෙහි පවතින ව්‍යවස්ථාව තුළ එරටෙහි පවතින දේශපාලනයේ ස්වභාවය දැක්විය යුතුය. ඒ අනුව ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට තුළ සමාජවාදී ආණ්ඩුක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වේ. ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී සමාජවාදී ජනරජයක් ලෙස මෙරට ව්‍යවස්ථාවෙන් හඳුන්වාදී ඇත. ඒ අනුව ගත කළ මෙරට පාලනය  තුළ ප‍්‍රජාතාන්ත‍්‍රික හා සමාජවාදී ලක්ෂණවල මිශ‍්‍රණයක් පැවතිය යුතුය. එවැනි ආණ්ඩුක‍්‍රමක් පවතින රටක දැකගත හැකි මුලධර්ම  කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

 

ෆ  ධනවාදී සමාජ ආර්ථික ක‍්‍රමය විසින් ඇතිකරනු ලබන ගැඹුරු ආර්ථික

ආමන්ත දරිද්‍රත සහ සමාජ අසාධාරණයට විසඳුම් ධනවාදය තුළ නොමැති නිසා එම ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කලයුතුය.

ෆ  ධනවාදයට විකල්ප ලෙස මතු වූ සමාජවාදය ධනවාදය විසින් ඇතිකරන ලද ගැටලූ‍වටල ප‍්‍රබල පිළිතුරු යෝජනා කළේය. එහෙත් විප්ලවීය පරිවර්තනයක් වෙතින් සමාජවාදය බිහිකිරීමේ පිළිවෙත ප‍්‍රයෝගිකත්වයෙන් දුරස් වේ.

ෆ ධනවාදයේ ගැටලූ‍වලට සමාජවාදී විසඳුම් ලබාදිය යුත්තේ ධනවාදී ක‍්‍රමය සමාජ සමානාත්මතාවය හා සමාජ සාධාරණය පිළිබද සමාජවාදී මුලධර්ම ප‍්‍රතිසංස්කරණය කිරීමෙනි.

 

 

එමෙන්ම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක දැකගත හැකි ප‍්‍රධාන ලක්ෂණ කිහිපයක්ද පවතී

 

 

1. ආර්ථික ක්ෂේත‍්‍රයට රාජ්‍ය මැදිහත්වීම

2. මිශ‍්‍ර ආර්ථිකය

3. සමාජ සුබසාධනය

4. අදායම් හා ධනය සමාජයේ යළි බෙදාහැරීම

 

 

5. සාමුහික කේවල් කිරීම

ආණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථානුකුලව ශ‍්‍රී ලංකාව තුළ පැවතිය යුත්තේ මෙවැනි පාලන ක‍්‍රමයකි.

 

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යථාර්ථවත් කරගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත ශ‍්‍රී ලංකාවට   වැදගත් වන්නේ කෙසේද?

 

 

න්‍යායාත්මකව ඉහත සඳහන් කළ කරුණු අනුව ප‍්‍රයෝගික වශයෙන් එවැනි තත්ත්වයක් ශ‍්‍රී ලංකාව තුළ පවතිනවාද යන්න ගැටලූ‍වකි. එවැනි ගැටළු සහගත තත්ත්වයක් තුළ තොරතුරු දැනගැනීමේ පනතේ පවතින වටිනාකම අමුතුවෙන් කිවයුත්තක් නොවේ. කෙසේවෙතත් මෙම පනත පවා යම් යම් සිමාවන් යටතේ ක‍්‍රියාත්මක කෙරෙන පනතක් බවද වටහා ගත යුතුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ශ‍්‍රී ලංකාව තුළ පැවතිය යුත්තේ බහු පක්ෂ ක‍්‍රමයකි. එහෙත් ප‍්‍රයෝහික වශයෙන් මෙරට පවතිනුයේ ප‍්‍රධාන පක්ෂ දෙකක් හා සුළු පක්ෂ ගණනාවකි. ඊට ප‍්‍රධානතම හේතුව ශ‍්‍රී ලංකාව යනු බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික රටක් වීමය. සිංහල ජනතාව වැඩි වශයෙන් මෙරට තුළ ජිවත් වුවද මුස්ලිම්, දමිල, මැලේ, බර්ගර්, ආදිවාසී යනාදී වශයෙන් විවිධත්වයක් මෙරට තුළ පවතී. එවැනි තත්වයක් තුළ සමාජය තුළ ඇතිවන සකසන්කාවන් තුරන් කිරීමට මෙම පතන ඉතාමත් ප‍්‍රයෝජනවත් වේ.

 

ප‍්‍රසිද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව තොරතුරු යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඔක්ෂිජන් ය. එහෙත් මෙම ඔක්ෂිජන් ලැබෙන්නේ පාලකයන්ට පමණක් නම් සාමාන්‍ය ජනතාවට හුස්ම ගැනීමට ස්වසන පද්ධතියක් තිබීමෙන් පලක් නැත.

 

 ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය සෑම වසරකම සැප්තැම්බර් 28දාට යෙදේ. තොරතුරු දැනගැනීමේ පනත (ඍසටයඑ එද ෂබදෙරප්එසදබ ්ජඑ - ඍඔෂ* 2017 පෙබරවාරි 4දා බලගැන්වෙන්නේ, ශ‍්‍රී ලංකාවේ නීති ප‍්‍රජාව හා මාධ්‍ය ප‍්‍රජාව 18 වසරක පමණ කාලයක් අඛණ්ඩව ගෙනගිය අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙසයි. පුරවැසියන්ට අවශ්‍ය කරන රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ තොරතුරු මින් ලබාගත හැකිය. රජයේ ආයතනවල මෙම කටයුත්ත සඳහා තොරතුරු නිලධාරියෙක් සේවයේ යොදවා සිටී. තමන්ට අවශ්‍යකරන තොරතුරු මෙම නිධාරිය මාර්ගයෙන් ඉල්ලූ‍ම් කිරීමේ හැකියාව ඉල්ලූ‍ම්කරුවන්ට සපයා ඇත. ඉල්ලූ‍ම්කරුවෙකුට අවශ්‍ය කරන තොරතුරු ලබාගැනීමට අවශ්‍ය අයසුම්පත‍්‍රය සම්පුර්ණ කොට මෙම තොරතුරු නිලධාරියට භාරදීමෙන් අනතුරුව ඉතිරි රාජකාරි කටයුතු සිදුකෙරේ. ග‍්‍රාමීය වශයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතුවාදී සිදුවන අක‍්‍රමිකතා පිලිබඳ වුවද විමසීමේ හැකියාව මෙම පනත මගින ජනතාව ලබා දී ඇත. විශේෂයෙන්ම යම් සංවර්ධන කටයුත්තක් අතරමග ඇණහිටියහොත් ඊට හේතුව එම ජනතාවට දැනගැනීමේ හැකියාව පවතී. මිට ප‍්‍රධානතම සාධකය නම් ජනතා බඩු මුදල්වලින් ආණ්ඩුව ක‍්‍රියාත්මක වීමය.  ඒ අනුව රජය සිය මුදල් ආයෝජනය කරන ආකාරය පිළිබඳව ජනතාවට  දැනගැනීමේ නිදහස  සලසා ඇත.

 

 

රජය මගින් පත්කොට ඇති තොරතුරු නිළධාරියා එම තොරතුරු ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට බැඳී සිටී. යම් හෙයකින් එම තොරතුරු ලබාදීමට කල් ගතවන්නේ නම් එය ඉලූ‍ම්කරුවන් වෙත ලිඛිතව දැනුම් දීම තොරතුරු නිළධාරියා මගින් සිදු කෙරේ. කෙසේවෙතත් පුද්ගල අයිතීන් හා ජාතික ආරක්ෂාව සුරැුකෙන් ආකාරයෙන් තොරතුරු නිකුත් කෙරෙන බවද වැටහා ගතයුතු  කරුණකි.  දැනට ශ‍්‍රී ලංකවේ පතින ස්ථාවර භාවයට හේතුව දැනගැනීමට පොදු මහජනතාවට අයිතිවාසිකමක් පවතී. එවැනි තත්ත්වයක් තුළ ඊට හේතු තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාගැනීමේ හැකියාවක් ජනතාව සතුය. එහෙත් පවතින ගැටලූ‍ව

 

නම් ජනතාව ඒ සඳහා උනන්දු නොවීමය. ඊට ප‍්‍රධානතම හේතුව වනුයේ දැනුවත් භාවයේ පවතින ගැටලූ‍සහගත තත්ත්වයයි. 

 

 

න්‍යායාත්මකව ගත්කල මෙරට තුළ සුභසාධන සේවාවක් වශයෙන් අධ්‍යාපනය ක‍්‍රියාත්මක කළ යුතුය. අධ්‍යාපනය අලෙවිකරණය යන්න අදවනවිට මෙරට පවතින විශාල ගැටලූ‍වකි. ලෝකය සදහා විවර වන බොහෝ උපාධි පාඨමාලා ඇත්තේ මුදලට ලබාගැනීමටය. නිදහස් අධ්‍යාපනය තුළ ඇතිවන මෙම ප‍්‍රායෝගික තත්ත්වයට හේතු මොනවද යන්න දැනගැනීමට මෙරට පුරවැසියන්ට අයිතියක් පවතී. එහෙත් එම කරුණු නිවැරදිව වටහා නොගෙන ගන්නා ඇතැම් ක‍්‍රියාමාර්ග යටතේ අත්වන ප‍්‍රතිඵලය ඇතැම් විට සිවිල් නිතිය යටතේ දඬුවම් කිරීමට පවා ඉඩ ඇති වරදකි. මෙය වටහාගත් යුතු කරුණකි.

 

යහපාලනය නමින් හඳුන්වන සිද්ධාන්තය ප‍්‍රයෝගික ලෙස ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මකද යන්න නිවැරදි ලෙස දැනගැනීමට පුරවැසියන්ට හැකියාව පවතී. එහි පවතින න්‍යායාත්මක කරුණු හා එම කරුණු ප‍්‍රයෝගික වශයෙන් ක‍්‍රියාත්මක කිරීමේදී ඇතිවන තත්වයන් පිළිබද විමසීමට ජනතාවට පිළිවන. එවැනි වටපිටාවක් තුළ මෙරට තුළ ක‍්‍රියාත්මක වන්නේ කුමන ආකාරයේ යහපාලන පිළිවෙතක්ද යන්න දැනගැනීමට ජනතාව උනන්දු විය යුතුය. විශේෂයෙන්ම

 

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙරට පවතින්නේ උණුසුම් තත්ත්වයකි. කෙසේවෙතත් බැඳුම්කරයක් යනු කුමක්ද යන්න නොදන්නා පිරිසක් මෙරට තුළ ජීවත්වේ. දැනුවත්වීමක් නොමැති ජාතියක් පාලනය කිරීමට ඉතාමත් පහසුය. කෙසේවෙතත් ජනතාවට බැඳුම්කරය යනු කුමක්ද? අයවැය හිගය යනු කුමක්ද? අයවැය හිගය පියවීමට බැඳුම්කර භාවිතාකල හැකිවන්නේ කෙසේද ආදී බොහෝ දෑ මෙමගින් දැනගැනීමේ හැකියාව පවතී.

 

යම් අපරාධ නඩුවක් පවත්වාගෙන යාමේදී ඊට අදාළ ඇතැම් ප‍්‍රබල සාක්ෂි ලබාගැනීමට වුවද මෙම පනතේ සහ ලබාගත හැකිය. මෙම පනත සම්බන්ධව ඇති ඉතාමත් වැදගත්ම බලය වන්නේ තමාට අවශ්‍ය කරන තොරතුරු නොලැබුණහොත් ඒ සම්බන්ධව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට ජනතාවට හැකියාව පැවතීමය. කෙසේවෙතත් පනත මගින් දක්වා ඇති වරනයන්ට යටත්ව තොරතුරු නිකුත් කරන බවද වටහාගත යුතුය. පනත මගින් ලබානොදෙන තොරතුරුද දක්වා තිබීම තවත් පහසුවකි. විශේෂයෙන්ම යම් තොරතුරක් සම්බන්ධයෙන් පවතින වටිනාකම මෙමගින් වර්ධනය වි ඇත. නීතියේ සාධාරණත්වය තවදුරටත් සුරක්ෂිතකිරීමට මෙම පනත මගින් මහඟු‍ පිටිවහාක් ලැබේ.  මෙමගින් විශේෂයෙන්ම අරක්ෂවන්නේ ජනතාවගේ සුරක්ෂිත් භාවයයි.

 

 

කෙසේවෙතත් හදිසි නීතියක් යටතේ හෝ කරණු නොදක්වා අත්අඩංගුවට ගත හැකි පොලිස් ක‍්‍රියාමාර්ගවලදී මෙම පනතේ ක‍්‍රියාමාර්ග තරමක් පසුගාමී බව වටහා ගත යුතුය. මන්ද යත් යම් තොරතුරක් ලබා ගැනීමට එම අවස්ථාවේදීම හැකියාව නොලැබීම ඊට හේතුවයි. කෙසේවෙතත් මෙම පනටහ අනාගතයේ එවැනි කාර්යක්ෂම පිළිවෙතකට ගමන් කිරීමට අත්තිවාරමක් ලෙස දැකගත හැකිය.

 

ශ‍්‍රී ලංකාව තුළ සැබවින්ම සමානාත්මතාවය පවතිනවාද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට මෙම පනත කදිම අවස්ථාවකි. අනෙකුත් රාජ්‍යන්ට සාපේක්ෂව සමානාත්මතාවය යන්න ප‍්‍රශ්න කිරීමට මෙමගින් හැකියාව

 ලැබේ. විශේෂයෙන්ම යම්යම් නීති ක‍්‍රියාත්මක කිරීමේදී එක් එක් පුද්ගයාට සාපෙක්ෂවද නැති නම් නීතියේ ආධිපත්‍ය උපයෝගී කරගනිමින්ද යන්න ප‍්‍රශ්න කිරීමට ජනතාවට ඉඩකඩ පවතී.

එවැනි ගැටළු සහගත අවස්ථාවක තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම එම නිතිය සම්බන්ධයෙන් විමසීමට ජනතාවට හැකියාව පවතී.

 

පුරවැසියෙකු ලෙස යම් රටක ජීවත්වීමේදී තමන්ට ලැබෙන අයිතිවාසිකම් මොනාද යන්න දැනගැනීමේ අයිතියක් එම පුරවැසියන්ට පවතී. තමන් නිකරුනේ ජිවත්වනවට වඩා ක‍්‍රියාකාරී දේශපාලන ජීවින් බවට පත්වීමට නම් මෙමෙ අයිතිවාසිකම් පිළිබඳව මන වැටහීමක් පැවතිය යුතුය. ඒ අනුව එම අයිතිවාසිකම් අතර තොරතුරු පනත ක‍්‍රියාත්මක වීමද සතුටට කරුණකි. එමෙන්ම එමගින් පුරවැසියෙකු ලෙස තමන්ට ඇති අයිතිවාසිකම් මොනාද යන්න තවදුරටත් දැනගැනීමට හැකියාව ලැබීම තවත් යහපත් තත්ත්වයකි.

 

න්‍යායාත්මක වශයෙන් මෙරට තුළ පැවතිය යුත්තේ සමාජවාදී හා ලිබරල්වාදී මිශ‍්‍ර ආර්ථිකයකි. ඒ අනුව සමාජවාදී රජයක මෙන මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් ආර්ථිකය පාලනය නොකලද යම් සිමවන්වලට යටත්ව ආර්ථිකය ගොඩනගාගැනීමට හැකියාව පවතී. එම ආර්ථික කටයුතු ඉතාමත් හොඳින් පවත්වාගෙන යාමට නම් ආර්ථික නිදහස මෙන්ම සහන ක‍්‍රමපිලිවෙතක්ද මෙරට තුළ පැවතිය යුතුය. එම සහන අතරට අඩු අදායම් ලාබී පවුල් සඳහා  සමෘද්ධි සහනාධාර,අඩු අදායම් ලාභී  විශ්වවිද්‍යාල ළමුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ආදී සහන ද පවතී. කෙසේවෙතත් ප‍්‍රයෝගික තත්ත්වය නම් ඇතැම් ආර්ථික ස්ථාවර තත්ත්වයක සිටින පවුල්වලටද සහනාධාර ලැබී, අන්ත දිළිඳු පවුල්වලට කිසිදු උපකාරයක් නොලැබීමය. එවැනි තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත්වීමට වුවද හැකියාව තොරතුරු පනත තුළින් උද වේ.

 

බලපෑම් කණ්ඩායම්වල ක‍්‍රියාකාරිත්වය වැඩි වශයෙන් පවතින ශ‍්‍රී ලංකාව වැනි රටම මෙම පනත බෙහෙවින් ප‍්‍රයෝජනවත්ය. සැබවින්ම බලපෑම් කණ්ඩායම්වල ක‍්‍රියාකාරිත්වය ඉහළ යන්නෙහි දේශපාලනික පැහැදිලිකිරිම නම් එරටෙහි පාලනය කාර්යක්ෂම හෝ සංවිධිත නොවීමය. යම් රජයක් කාර්යක්ෂම නම් එම රජයෙහි පුරවැසි අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වේ. එමෙන්ම සංවිධිත නම් කාර්යක්ෂමාතාවය ඉතාමත් ඉහළ අගයක පවතී. එවැනි තත්ත්වයක් මත ශ‍්‍රී ලංකාවේ පවතින පාලනයේ හා දේශපාලනික ක‍්‍රම පිළිවෙතෙහි පවතින අඩුලූ‍හුඬුකම් වුවද දැනගැනීමට ජනතාවට හැකියාව පවතී.

 

කෙසේවෙතත් තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධව ජනතාව තුළ තිබෙන දැනුවත්භාවය නම් ඉතාමත් අල්පය. එම දැනුවත්භාවය ජනතාව සතුව නොපවතින තාක් එය අත්තනෝමතික පාලනයන්ට මහඟු‍ පිටිවහලකි. එබැවින් පනත සම්බන්ධව ජනතාව තවදුරටත් දැනුවත් කිරීම අප වගකීමකී. එමෙන්ම එම කටයුත්ත නිසි ලෙස සිදුවුවහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ආණ්ඩුක‍්‍රමයක් වන ලංකාවේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ලක්ෂණ දැකගැනීමට අනාගතයේදී හෝ හැකියාව ලැබෙනු ඇත.

 

 අනුරුද්ධ සේනාධිලංකාර 

 

 

 

විමසුම්

 

දේශපාලන විද්‍යාව ගුරු මාර්ගෝපදේශය 2017 www'nie'lk

ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති, ලියනාරච්චි ජගත්, 2014 ,නිදහස් මාධ්‍ය  ව්‍යාපාරය, කොළඹ 5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment

ලස්සනට ඉන්න

 කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙ...