Wednesday, October 25, 2017

කලාව
කලාව යනු කුමක්ද යන්න පැහැදිලි කිරීමට නිශ්චිත නිර්වචනයක් නොමැත. එහෙත් එය අර්ථදැක්වීමටගෙන ඇති උත්සාහයන් ගණනාවක් දැකගත හැකිය.මෙරට නාට්‍ය කලාවට අනුපමේය සේවයක් කළ එදීරිවීර සරත්චන්ද්‍රයන් ප්‍රකාශකරන ආකාරයට
කලාව යනු කුමක් දැයි පහදා දීම ඉතා උගහට ය.කලාව නො වන්නේ කුමක් දැයි දැක්වීම ඊට වඩා පහසු බව කිව යුතුයි
එදිරිවීරසරත්චන්ද්‍ර-
දක්වා ඇත.
Encyclopedia Micropedia සාර්ව ශබ්ධකොශයෙහි සඳහන් වන ආකාරයට ගෘහ ksර්udKh, චිත්‍ර ශිල්පය, මුර්තිශිල්පය, සාහිත්‍ය, සංගීත , නර්තනය ආදිය කලාවයටතට ගත හැකිය.
Encyclopedia Britanica ේනවා දෙන
ආකාරයට යමෙකු තුළ පවත්නා හැකියාවත්, බුද්ධියත්,මෙහෙයවා සෞන්දර්යාත්මක අර්ථ ඇති කලා කෘතියක් හෝ පරිසරයක් සෙසු අය සඳහා හඳුන්වා දීමයි.

ඉංග්‍රීසි භාෂාවේ කලාව යන්න හැඳින්වීමට භාවිතාකරන වචනය වනුයේ “ATRS” යන්නය. එහෙත්මෙය ඇතැම් අවස්ථාවලදී අර්ථ ව්‍යාකුල වන ආකාරයට භාවිතාවන අවත්තද දැකගත හැකිය.නිදසුන් ලෙස ඇතැම් ආයතනවල අංශ වෙන්කිරීමේදී මෙය දැකගත හැකිය“Art section” ඇතැම් අධ්‍යාපන ආයතනවල නම් යොදා ඇත එහෙත් එම අංශය තුළ ඇතැම් විද්‍යා විෂයන්ද උගන්වනු ලබයි. මෙහිදී සිදුව ඇත්තේ චිත්‍ර විෂයට යොදන ඉංග්‍රීසි වචනය හා සමස්තකලා විෂය මාලාව හැඳින්වීමට යොදන ARTSයන්න පටලවා ගැනීමකි.
කෙසේ වෙතත්
“Arts” +යන වචනය ඉංග්‍රීසි භාෂාවට පැමිණ ඇත්තේ ලතින් භාෂාවේ එන ars” යන වචනයෙනි. එනම්යමෙකුගේ නව නිර්මාණාත්මක ශක්තියයි.
කලා නිර්මානයක පවතින වටිනාකම ගණනය කලනොහැකිය. එහෙත් වර්තමානය වන විට ගීතයක මිලක්පවතී. ග්‍රන්ත සඳහා මිලක් පවතී. එසේ වීමටද බලපානුයේ රටක පාලන අධිකාරිය විසින් කලාවට ලබාදී ඇති තක්සේරුවයි.  
සිංහල විශ්වකෝෂ අනුව කලාව යන්න ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකිය
1. කලා සහ ශිල්
2. භාහිර ලක්ෂණ අනුව වර්ගීකරණය
3. ගුණාත්මක ලක්ෂණ අනුව වර්ගීකරණය
කලාව සතුව මුලධර්ම පවතීයම් කලා කෘතියක් තොර ගැනීමට ප්‍රථම කල කෘතියක් යනු කුමක්ද යන්න වටහා ගත යුතුය. සරලව ගත හොත් කලා කෘතියක් යනු “එකතරා ක්ෂික්ෂණයක් යටතේ ප්‍රකාශ කිරීමේ ශක්තියත් එසේම අත්දැකීම් මගින් ලබාගන්නා තොරතුරුත් අඩංගු කොට සිදුකරනු ලබනksර්udKdනයකි”. කෙසේ වුවද කලාව හා මිනිසා අතරපවතිනුයේ වෙන් නොවන බැඳීමකි. ලෝකයේ පවතින සෑම කලා අංගයක්ම එක සමාන නොවේ. එයභූගෝලීය සාධක මත වෙනස් වී ඇත. විශේෂයන්මපෙරදිග හා අපරදිග කලානිර්මාණ තුළ පවතිනවෙනස්කම් පැහැදිලි ලෙසම දැකගත හැකිය. ග්‍රීකනිර්නාම තුල දැකගත හැකිවන්නේ බැඳීම් මුල්කොටගත් නිර්මාණයන්ය. එය දේවවාදී සංකල්පයන් ලෙස ඉදිරිපත් කර ඇත. දෙවියන් සියල්ල නිර්මාණය කළ බවට සාක්ෂි සැපයෙන අයුරින් එම නිර්මාණ ඉදිකොට ඇත. විශේෂයන්ම “තාත්විකවාදී”රිතියක් අනුගමනය කොර ග්‍රීක නිර්මාණ නිමවා ඇත. එහෙත් පෙරදිග රටවල නිර්මාණ ඊට හාත්පසින්මවෙනස්ය. පෙරදිග නිර්මාණ සඳහා බොහෝදුරට පාදකවී ඇත්තේ අධ්‍යාත්මික සුවයයි.
සත්වයින් වනාහි ksර්udKd;aul කොට්ටශයකි. ඔවුන් ksර්udKd;aul වීමට බලපාන සාධක ගන්නාවක් අතර බුද්ධිය ප්‍රමුඛ වේ. බුද්ධිය චින්තන යන්න ද වරෙක යම් කලාවකි. කුමක්ද කලාව නමින් හඳුන්වනුයේ?කලාවෙන් කරනුයේ කුමක්ද?කලාව කුමක් සඳහා පවතින්නේද?කලාව බුද්ධිමය ක්‍රියාවලියක ප්‍රතිපලයක්ද නැතිනම් විකාරයක්ද?කලාවට සිමා පවතීද?සිමා මොනවද?මෙලෙස නොයෙක් ගැටළු අප සිත් තුල ජනිත වීම සම්බන්ධයෙන් මම කෘතක්ඥ වෙමි.
මා ඉදිරියේ පවතින්නේදම ජිවත් වන්නේද කලාව තුලය. එය ඔබත් පොදු දහමකි. කලාව සරලවම ගතහොත් යම් කෘත්‍රිම දෙයකි. කලාව යන්න කව්රුන් ksර්udKh කළ ද එය අපුර්ව දෙයකි.කලාව ඉදිරිපත් කරන්නන් කලාකරුවන්ය. එබැවින් කලාකරුවන් කලාවේ  යන නිගමනයට නොබට යුතුය.මන්ද යත් ඇතැම් කලාකරුවන් කලාවේ පුරුක් විය හැකි බැවිනි.එහෙත් සියලුම කලාකරුවන් කෙරෙහි අපි ගෞරවකරමු.
සිතට නැගෙන මිහිරි අමිහිරි සිතිවිලි  මෙන්ම අත්දැකීමට ලක්වන නොයෙක් දෑ මිනිසා විසින් ප්‍රතිනිර්මනාට යන ගමන් මගේ එක තැනකදී කලාව උපදී. මුතු බෙල්ලෙකුගේ මාංශ අතර සැඟවුණු වැලි කැටයේ වේදනාව මුතු උපද්දවයි. මනෝභාවයන් කම්පනය වීමෙන් හටගන්නා සිතිවිලි කුමන හෝ මාධ්‍යක් ඔස්සේ ජනතාව අතරට ගමන් ගනී. ඒ කලාවෙන් සහෝර්දයන් ප්‍රකම්පනය වේ. ඇතැම් විට එම මාධ්‍ය ගීත මාධ්‍යක්,කවියක්.ගෘහ නිර්මාණයක්,වහනයක් ආදී මෙකි නොකී අපුර්ව දෙයක් විය හැක.
මානව පරිනාමයේ එදා මේද තුල නොයෙක් නිර්මාණ බිහි වි ඇත. එම නිම්න ඇලට අරමුණු ඇත. අරමුණු සැපත් කරගැනීමට ගොඩ නෙගු නුර්මන වල සාර්ථක අසර්තකබවයන් විමර්ශනයට විචය බිහි වි ඇත. මේ සියල්ලම දාමයක් ලෙස එකිනෙකට  බැඳී පවතී. රෝදය බිහිකරගත් ආදී මානවය එය ප්‍රවාහන මදයක් තත්වයට දියුණු කළහ.එයද කලාවකි.කලාව යනු විද්‍යාවෙන් තොර වුවක් නොව.කලාව පටු වුවක්ද නොව.
කලාව යන්න විවිධ නිර්ණායක නිසා වෙනස් වීමට හැකියාව පවතී.එය ඒක දේශික නොවේ.ඒක පර්ශවියත් නොවේ.සිතුම් පැතුම් අනුව කලාව වෙනස් විය හැක.පුනරුද යුගයේදී පැවති උච්ච කලාව  ඉසව්ව සිමා වූයේ බුද්ධිමතුන් ප්‍රිය කරන්න වූ කලාවක් ලෙසයි.කලාව යන්න සිමා නොකළ යුතුය. හැරල්ඩ් බ්ලුම්,රොබට් හයිසන් වැනි ප්‍රාඥයන් ප්‍රවිෂ්ඨ කළ ලේඛකයින්ය .ක්ෂේශ්පියර්, බිතෝවන් වැනි නිර්මාපකයින් කලාකෘති එම යුගයෙහි විශේෂයන්ය.අහිංසක ජනතාවටද මෙමගින් රසයක් ලැබුනා නම් වඩාත් යහපත් යැයි විටෙක දැනේ.
කලාකරු දුම්රියේ ගමන්ගත යුත්තේ තුන්වන පංතියේය යන්න සාමාන්‍ය කියමනකින් එහා ගිය විශේෂ කියමනකි.මෙය කලාකරුවාගේ මග යහපත් කිරීමට කියූ දෙයක් ලෙස හැගෙන තරමටම සංවේදී කියමනකි. කලාවට සීමාවක් නොමැත. සිමා දැමීමද පලක් නොවන දෙයකි.කලාකරුවන් සිය ගමන් මග සකසාගෙන අහිංසක කලාකාමී ජනතාව මුලා නොකරනවානම් කෙතරම් යහපත්ද?කලාව මානසික තෘප්තිය උදෙසා අරඹන බොහෝ දෙන අවසානයේ මුදල් මත කලාව රඳවන තත්වයකට පත්ව ඇත. මෙයට වගකිව යුත්තේ කලාකරුවන් පමණක් නොවේ. සමස්ත සමාජයම මීට වග කිව යුතුය. වාණිජ වාදී සමාජයක කලාකරුද අසරණ වි ඇත.
රසය’ යන්න පැහැදිලි කිරීම ඉතාමත් අසීරුය.ගීතයකට හෝ වාදනයකට සවන් දෙන තැනැත්තා තුළ කිසියම් ආහ්ලාදයක් උපදී. ඔහු එයින් රසාස්වාදයක් විඳිතියි. එහෙත් එම රසය විඳීමට හැකිය ඇත්තේ ගීතය හෝ සංගීතය ඇසෙන විට නොව අසන විටය.
රසාස්වාදය යනු අසන්නා තුළ ජනිත වන ආවේග රාශියයි. එය වින්දනයකි. අසන්නා එයින් තෘප්තිමත් වන්ට මෙන්ම නොවන්නටද පුළුවන . ඔහු එයින් කිසිදු වින්දනයක් ලබන්ට  නොලබන්නටද පුළුවන. එහෙත්එම පුද්ගලයාගේ රසවින්දන මට්ටම තීරණය කිරීමට අපට නොහැකිය. ඇතැම් පිරිස් රසවින්දනයේ ප්‍රමාණය නිර්ණය කිරීමට පෙළඹෙති. එය නිෂ්පල ක්‍රියාවකි.





No comments:

Post a Comment

ලස්සනට ඉන්න

 කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙ...