මාධ්‍ය පඨිතයක සමකාලින විශේෂතා
සංහතිකයා නිර්මාණය වූ ද සිට මාධ්‍ය සතුව වඩාත් පුළුල් වගකීමක් පවතී. සංහතිකයට අවශ්‍යය කරන තොරතුරු ලබා ගැනීමට අවශ්‍යය කරන මාර්ග සංහතික මාධ්‍ය හරහා සිදුවන බවට සංහතිකයා තුළ විශ්වාසයක් පවතී. සංහතික මාධ්‍ය යනුවෙන් හඳුන්වන පුවත්පත්, ගුවන්විදුලිය, රුපවාහිනිය වැනි මාධ්‍ය හරහා තොරතුරු ලබාගැනීම පමණක් නොව තවත් කාර්යයන් කිහිපයක් බලාපොරොත්තු වේ. ඒ අතරට
1. ප්‍රචාරණය
2. අධ්‍යාපනය ලබාදීම
3. විනෝදාස්වාදය ලබාදීම
4. තොරතුරු ලබා දීම
5. පෙළඹවීම
කෙසේවෙතත් මාධ්‍ය මගින් සිදුකෙරෙනුයේ යථාර්තය ප්‍රතිනිර්මාණය කිරීමය. එනම් පවතින යම් දෙයක් මාධ්‍ය මගින් ලබාගෙන එය ඉදිරිපත් කිරීමය. මෙහිදී පවතින දෙය එලෙසින්ම සංහතිකයා වෙතට පැමිණේද යන්න ගැටලුවකි. එය යම් යම් සංශෝධනයන්ට ලක්වීම නිරායාසයෙන්ම සිදුවේ. ඒ අනුව මාධ්‍ය පඨිතයක් සතුව ලක්ෂණ කිහිපයක් පවතී.
අර්ථ ප්‍රකෂනවේදය
එනම් මාධ්‍යකරුවා හා සිද්ධිය අතර පවතින සබඳතාවය. යථාර්තයට මාධ්‍යකරු දක්වන සම්බන්ධතයව මෙලෙස දැක්වේ.
පද සංයෝජනය
යම් සිදුවීමක් දකින මාධ්‍යකරු එම සිද්ධිය මුල මැද අග පිළිවෙලින් සකස් කිරීම.
උපයෝගීත්වය
එනම් නිර්මාණය හා ග්‍රාහකයා අතර පවතින සබඳතාවය.
මෙහිදී අර්තප්‍රකෂණවේදය තුළ කොටස් යථාවිධ තොරතුරු අන්තර්ගතවේ. එනම් යම් සත්‍යවශයෙන්ම දුටු දෙයයි. ඉන් අනතුරුව තමාගේ මතයට අනුව සිය නිර්මාණය සිදුකරයි. පසුව එය සන්ධෝධනය වේ. ඇතැම් විතර්ක ආයතනයේ මතයට අනුව සිය නිර්මාණය සංශෝදනය කිරීමට සිදුවේ. මෙම තොරතුරු වටිනාකමකින්යුක්ත තොරතුරු ය. පසුව ප්‍රතිමනක තොරතුරු ඊට අන්තරගතවේ. ප්‍රතිමනක තොරතුරු ලෙස හඳුන්වනුයේ අදාළ පඨිතය තුළින් ග්‍රාහකයා ගතයුත්තේ කුමක්ද යන්න තීරණය කිරීම ය.
මේ හේතුවෙන් සෑම මාධ්‍ය නිර්මාණයක් තුළම එකම කරුණු අන්තර්ගත නොවේ. පඨිතය නිර්මාණය කිරීමට පාදක කරගන්නා සිද්ධිය එකක් වුවද අවසන් ප්‍රතිපලය වෙනස්වීමට හැකියාව පවතී. එය ආයතනික මතය හා තම පුද්ගලික මතය අනුව වෙසන්විමට අවශ්‍යය තරම ඉඩකඩ පවතී.
කෙසේවෙතත් අතීතයේ සිට පවත ආ මාධ්‍ය පඨිතය මේ වන විට යම් යම් වෙනස් වීම්වලට භාජනය වි පවතී. ඒ අනුව ඉදිරියෙදී සමකාලීන මාධ්‍ය පඨිතයවල දැකිය හැකි සුවිශේෂීතා පිළිබඳව විමර්ශනය කරමි.
සමකාලින මාධ්‍ය පඨිතයක දැකිය හැකි සුවිශේෂිතා පහත සඳහන් කරුණු යටතේ විමර්ධනය කිරිමයට හැකියාව පවතී.
ආකෘතිය
මාධ්‍ය පඨිතයක් යනු මාධ්‍ය නිර්මාණයකි. රනම් යම් සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් වටා ගෙතෙන වියමනකි. ආකෘතියක් යනු සංකීර්ණ ස්වභාවයක් සරල ආකාරයට දැක්වීමකි. සංහතික මාධ්‍යයේගමක බලවේගයක් වන “පුවත්” මාධ්‍ය පඨිතයක්ලෙස ගතහොත් එය රචනාකිරීමට ගත් ප්‍රබලතම ආකෘතිය වුයේ යටිකිරු පිටමිඩ ආකෘතියයි. එහෙත් අද වනවිට ආකෘති ගණනාවක් භාවිතයට ගනී. නිදසුන් ලෙස
• අනුපිළිවෙලින් සංවිධානය කිරීම
• මූලික වාර්තා සංවිධාන ප්‍රවේශය
• රචනා ශෛලිය
• විනිවිධ පෙනෙන ලෙස ලිවිම
මෙම සම ආකෘතියක් තුළම අන්තරගතවන පුවත එකක් වුවද ඉදිරිපත්වන ආකාරය වෙනස්ය. රචනා ශෛලය තුළපුවතක් ලියවෙනුයේ රචනාවක් ලියන ආකාරයටය. ඒ තුල උපමා රූපක ආදිය අන්තරගතය. එය විශේෂාංග ගණයට අදාළකරගත හැකිය.
පුවත් පඨිත පමණක් නොව රුපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් ආකෘති පවා වෙනසකට භාජනවී ඇත. නිදසුන් ලෙස රුපවාහිනී මාධ්‍ය තුල විවිධ වැඩසටහන් ආකෘති නිර්මාණය වීම ගත හැකිය. මෙයට ඇතැම් මාධ්‍ය සමීක්ෂණවල බලපෑමද නැතුවම නොවේ. එමෙන්ම අත්හදා බැලීම් ද හේතුපාදක වේ. ඊට නිදසුනක් ලෙස ඩැනියල් ල්ර්න්ර් අරාබි රටවල් පදනම් කරගනිමින් සිදුකළ ඇතැම් මාධ්‍ය සමීක්ෂණ ගත හැකිය.
මුල්කාලීන රුපවාහිනී වැඩසටහන් ශානර වෙනුවට වර්තමානය වනවිට නව වැඩසටහන් ශානර ඉදිරිපත් වි තිබේ. අතීතයේදී සොප් ඔපෙරා වලට සීමාවී තිබුණු ෂනර තුල අන්තර් ෂනර නිර්මාණය වි ඇත. නාට්‍ය නම් මාධ්‍ය පඨිතය තුළ මෙම වෙනස දැකගත හැකිය. විශේෂයෙන්ම වර්තනමය වනවිට රුපවාහිනී ටෙලි නාට්‍ය විකාශනය වන වේලාවන් අලලා එම වේලාවන් නාමකරණයටද භාජනය කොට ඇත. නිදචුන් ලෙස ස්වර්නාහිනි “රන් දේ පැය” ආදී නම්වලින් ඒ ඒ මාධ්‍ය ආයතන සිය ටෙලිනාට්‍ය විකාශන කාලය නම්කොට ඇත.
ගෝලීයකරණයේ අතුරු ප්‍රතිපලයක් ලෙස ලෝකයේ වෙනත් රටවල විකාශනය වන ඇතැම් ගුවන් විදුලි නාට්‍ය හා රුපවාහිනී ටෙලිනාට්‍ය ආකෘති මෙරට රුපවාහිනී තුළ දැකගත හැකිය මෙය සමකලින් මාධ්‍ය පඨිත තතුළ දැකගත හැකි ලක්ෂණයකි.
අන්තර්ගතය
සමකාලින මධ්‍ය පඨිතවල දැකගත හැකි තවත් ප්‍රධාන වෙනස්කමක් වනුයේ අන්තරගතයේ පවතින වෙනස්වීමය. අතීතයේ සංහතික මාධ්‍ය පඨිතවල පවතී ඇතැම් කරුණු මේ වනවිට සංශෝධනය වී පවතී. රෝම අධිරාජ්‍ය තුළ පැපිරස් පත්වල පලකරන ලද පුවත්වල අන්තර්ගත වුයේ එවකට පැවතී පාලනයට අදාළ තොරතුරුය. ඍජුවම පුවත් ය. එහෙත් වර්තමානය වැනිය පුවත් තුළ නිර්මාණාත්මක අංගද අන්තර්ගත වේ. පශ්චාත් නුතනවාදය තුළදී පවතින තොරතුරු බහුලත්වය මත පුවත් සම්පදකයින්ටද මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතාමත් අසිරුතාවයකටය.
වර්ථමාන මධ පඨිතය තුළ නිශ්චිත අරමුණක් දැකගත නොහැකිය. එය ඇතැම් විටෙක තමන්ගේ මතයට අනුකූලව හැඩගස්වා ගැනීමට හැකියාව පවතී.
ඉදිරිපත්කරන ආකාරය
සමකාලින මාධ්‍ය පඨිත තුළ දැකගත හැකි තවත් ලක්ෂණයක් ලෙස පඨිතය ඉදිරිපත් කරන ආකාරය දැකගත හැකිය. නිදසුනක් ලෙස ගුවන්විදුලි මාධ්‍ය ගතහොත් අතීතයේදී ඉදිරිපත් කෙරුණු මාධ්‍ය පඨිත ඉතාමත් සංවරශීලීය. නියමිත හඬ පරීක්ෂණයකින් සමත්වන සන්යමයකින් යුක්ත නිවේදකයින් පිරිසක් විසින් මාධ්‍ය පඨිත ඉදිරිපත් කරන ගුවන් විදුලියක් අපසතුව පැවතියේය. එහෙත් මාධ්‍ය පෞද්ගලිකරණය වීමත් සමගම එම සංස්කෘතිය වෙසන් විය.
මතක් වනතුරුම ගුවන් විදුලි සංස්ථාව මගින් ඉදිරිපත් කරන පුවත් විකාශනය තුළට පුවත් නිවේදකයාගේ හඬ හැර වෙනත් කිසිදු හඬක් යොදාගත්තේ නැත. ඉන් ගම්‍යවන ඉතාමත් ප්‍රබලතම කරුණක් නම් ජාතික ගුවන්විදුලිය කෙරෙහි තැබූ විශ්වාසය එතරම් ප්‍රබ්නල විය. එහෙත් මතකාලින සංශෝධනයකට අනුව මේ වනවිට ජාතික ගුවන්විදුලියේ පුවත් විකාශනය අතර මැදට උදෘත ලෙස ඇතැම් විශේෂිත පුද්ගලයන්ගේ හඬ පට යොදාගනී. තම අමාත්‍යවරයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක් මුල්කොටගෙන පුවතක් නිර්මාණය වනවානම් එම අහන්දපටය විකාශය කිරීමට වර්තමානය වැනිය ජාතික ගුවන් විදුලිය ප්‍රවෙසම්වේ.
නිර්මාණය කිරීමට භාවිතයට ගන්නා උපක්‍රම
වර්තමානයේදී මාධ්‍ය පඨිතයක් නිරම්නය කිරීමට ගනුලබන උපකරණ ප්‍රමාණය ඉතාමත් අල්පය. එමෙන්ම ඒවා ඉතාමත වේගවත්ය. අතීතයේදී යම් මාධ්‍ය පඨිතයක් සංහතික ගතකිරීමට දැඩි යාසයක් ගැනීමට සිදුවේ. එහෙත් වත්මන වනවිට එය ඉතාමත් සරල කරුණක් බවට පත්ව ඇත. එක රටක සිදුවන දෙයක් අ මොහොතේම තවත් රටක සිට රුපවාහිනී තිරයක් හෝ පරිගණක තිරයක් හෝ ජංගම දුරකතනයක් හරහා දැකගත හැකිය. අතීතයේදී යම් පුවතක් ජනගතවිමට දිගු කාලයක් ගතවේ. එහෙත් වර්තමානය වන විට එතරම් කාලයක් ගතනොවේ.
ඇතැම් පුවත් ලබාගැනීමට මාස දෙක තුනක් ගත වූ අවස්ථා දැකගත හැකිය. මිට නිදසුනක් ලෙස බ්‍රිතාන්‍ය යටත් විජිත සමය තුල බ්‍රිතානයෙන් මෙරටට පුවත් පතක් පැමිණියේ පිලිණි වුණු පුවත් පත් ලෙසය. එහෙත් තත්කාලයට සාපේක්ෂව එය ඉතාමත් වේගවත්ය. කෙසේවෙතත් වර්තමානයේ ENG වැනි ක්‍රමවේදයන් ග්‍රහ මාධ්‍ය පඨිත නිර්මාණය වන හා විකාශනය වන කාලය ඉතාමත් අවමය.
තාක්ෂණය
අතීතයේ මාධ්‍ය පඨිතයක් නිර්මාණය කොට සංහතික ගතකිරීම යනු ඉතාමත් බැරෑරු කටයුක්තක් විය. මුල්කාලීන පුවත්පත්වල ඡායාරූප පළවුයේ අදාළපුවත පළවී සති කිහිපයකට පසුවය. ඇතැම් විටෙක එයද අතින් අඳින ලද චිත්‍රයක් විය. ගුටෙන් බර්ග් සිය මුද්‍රණ යන්ත්‍රය මගින් ප්‍රථමයෙන් මුද්‍රණය කළබයිබලය තුළපවා දක්නට ලැබුණේ අතින් අඳින ලද සිතුවම්ය. මෙය කෙමෙන් කෙමෙන් පරිණාමනය වි ඡායාරූපකරණය පුවත්පත් හා ඥාති විය. ඉන් පසුව ඡායාරූප සහිතව පුවත්පත් නිර්මාණය වීමට අවකාශය සැලසිණි.
වර්තමානය වනවිට තාක්ෂණයේ දියුණුව සමග පුවතට අදාළ ඉතාමත් සුපැහැදිලි දර්ශන මෙන්ම ඡායාරූප ද දැකගැනීමේ හැකිය පවතී. ඒ අනුව වර්තමානයේ පවතින් මාධ්‍ය පඨිත ඉතාමත් දියුණු ඒවා ලෙස දැකගත හැකිය.
විශේෂයෙන්ම මාධ්‍ය අභිසාරිතාවය හේතුවෙන් මාධ්‍ය අතර ඇතිවන සබඳතාවය හේතුකොටගෙන යම් මාධ්‍ය පඨිතයක් විවිධ සංහතික මාධ්‍ය ඔස්සේ දැකගත හැකිය. එමගින් සංහතික මාධ්‍ය අතර පවතින තරගකාරිත්වය පහළ බසිනු ඇත. එසේ වුවද නිවැරදි පුවත ප්‍රථමයෙන් ඉදිරිපත් කිරීමට සෑම මාධ්‍ය පඨිතයකම උත්සහ ගනී.
සංකේත භාවිතය ඉහල මට්ටමක පැවතීම
“සුදු නෙළුම කෝ සොරබොර වැවේ” යන අමරදේවයන් ගයන ගීතය තුළ ගැබ්ව ඇත්තේ පුවතකි. එනම් සොරබොර වැව ආශ්‍රිතව නෙලුම් මල් කඩා ගෙනවිත් ඒවා අලෙවිකොට දිවි රැකගත් දැරියකගේ අනුව්දනිය මරණයයි. මෙය ප්‍රතිනිර්මාණය වන්නේ ගීතයක් ලෙසය.
පශ්චාත් නුතනවාදය තුල තමාට උචිත ආකරයෙන් සංකේත වරනගා ගැනීමට හැකියාව පවතී.
අරමුණු
BBC ආයතනය ක්‍රියාත්මක වුයේ ප්මහජන සේවා ගුවන් විදුලියක් ලෙසටය. ලෝකයේ තවත් සංහතික මාධ්‍ය ආයතන කිහිපයක් මේ ගණයට වැටේ. එහෙත් වර්තමනයවන විට ජනතාව වෙනුවෙන් කැපවීම යන අරමුණ වෙනස් වී ඇත. පවතින ආර්ථික රටාව සමග අපොරබදීමට අවශ්‍ය කරන මාධ්‍ය පඨිත නිර්මාණය වන ප්‍රවනතාවයක් දක්නට ලැබේ. කලක් රුපවාහිනී ආයතන දිනකට එක්වරක් විකාශනය වූ පුවත් විකාශය පසුකාලීනව තෙවරක් විකාශනය විය. ඒ උදැසන පුවත්, දහවල් පුවත් හා රාත්‍රී පුවත් ලෙසය. එහෙත් වර්තමානය වනවිට වාණිජ හා සමාජීය අරමුණු පුළුල් වි ඇත. එබැවින් ආයතනවලට වැඩි ආයෝජනයක් ලබා ගැනීම උදෙසා “පයෙන් පැය” පුවත් විකාශනය කෙරේ. ඇතැම් විටෙක එමගින් විකාශනය වන ඇතැම් පුවත්වල පුවත් වටිනාකමක් පවතිනවාද යන්න ගැටුළුවකි.
අනුකාරක සංස්කෘතිය
නව සංකල්ප අනුව ක්‍රියාත්මකවන මාධ්‍ය සංස්කෘතියක් වර්තමානය මාධ්‍ය පඨිත තුළ දක්නට නොලැබේ. එක ආයතනයක් නව සංකල්පයක් අනුව යම් පඨිතක් නිර්මාණය කලවිට එය අනුකරණය කිරීමේ කලාවක් දක්නට ලැබේ. මෙරට ආයතනවලට පමණක් එල්ලවන චෝදනාවක් නොවේ. ලෝකයේ ඇතැම් මාධ්‍ය අයතනවෙත ජනතාවගේ අවධානය ලබා ගැනීමට අනුකරණය උපයෝගිකරගනී. මේ සඳහා චීන මාධ්‍ය ආයතන සතුව පවතින ඇතැම් සංකල්ප දැකගත හැකිය.
ශ්‍රී ලංකාවේ සිනමාව ගතහොත් බොහොමයක් චිත්‍රපට විදෙස් රටවල විකාශනය වුණු චිත්‍රපටවල අනුකරාකරනයනය. නව සංකල්පවල හීනතාවයයක් වර්ථමාන මාධ්‍ය පඨිත තුලින් දක්නට ලැබේ.
වගකීම
වර්තමානයේ විකාශනය වන ඇතැම් මාධ්‍ය පඨිතවගකීමකින් තොරව විකාශනය වන බව නොරහසකි. විශේෂයෙන්ම සමාජ ජාලා වෙබදවී හරහා “පුවත්” යන මාධ්‍ය පඨිතය විනාශවන ආකාරය දැකගත හැකිය. මිට ප්‍රධානතම හේතුව වනුයේ එම ගිණුම්වල අයිතිකරු තමුන්ම වීමය. එමගින් පවතින වගකීම හෑල්ලුවට ලක්වීම හේතුවෙන් පුවතක පවතින වටිනාකම හීන වි යයි.
අනුරුද්ධ සේනාධිලංකාර
No comments:
Post a Comment