සමාජ සජිවිකරණය කෙරෙහි සංවර්ධන සන්නිවේදනයේ බලපෑම
(ඩෙංගු මර්දන වැඩසටහන් ආශ්‍රයෙන්)
සංවර්ධන සන්නිවේදනය
සංවර්ධන සන්නිවෙධනය යන්න නිර්මාණය වි ඇත්තේ සන්නිවේදනය හා සංවර්ධනය යන වචන එක්වීමෙනි. ඒ අනුව සන්නිවේදනය යන්න
නිර්වචනය කිරීමටත් සංවර්ධනය යන්න නිර්වචනය කිරීමටත් නිර්වචන ගණනාවක් නිර්මාණය වී
ඇත.
සන්නිවේදනය යනු.
“ කිසියම් කෙනෙක් යම් කිසිවක් කිසියම් නළයකින්
යම් කෙනෙකුට යම් බලපැමක සඳහා ඉදිරිපත් කරන දෙය සන්නිවේදනය නම් වේ.”
-
හැරල්ඩ් ඩි ලැස්වේල් -
“ මිනිස්
සමාජය තුළ ඔවුනොවුන් අතරේ අදහස් තොරතුරු
හුවමාරු කරගැනීම සන්නිවේදනයයි.”
-
බන්දුල අත්තනායක -
සංවර්ධනය සන්නිවේදනය යනු
සංවර්ධය යන්න නිර්වචනය කිරීමට ගත උත්සාහයන්
ගණනාවක් සංවර්ධන සන්නිවේදනය විෂය තුළ දැකගත හැකිය.
“ පසුගිය
කාලය තුළ ඌන සංවර්ධිත රටවල සම්ප්‍රදායික සමාජයන්හි ඇති වූ සියලුම තාක්ෂණික
වෙනස්වීම් අතුරින් ඉතාම මූලික වූත් මානව වර්ගයා කෙරෙහි සර්ව ව්‍යාපී ඇතිවුවත්
වෙනස්වීම සන්නිවේදනය හා සම්බන්ධය.”
-
අර්ථ ශාස්ත්‍රඥ මහාචාර්ය මිලිකන්-
“ගුවන් විදුලිය, පුවත්පත්, රුපවාහිනිය, සිනමාව
ඇතුළු යම් යම් ජනමාධ්‍ය මෙහෙයවමින් යම්කිසි මානව ජනාවාසයක කිසියම් යහපත් පරිසරයක් සකසාලිය
හැකිනම් එය වැඩදායක ක්‍රියාදාමයක් වනු ඇත. මෙම පදනම සංවර්ධන සන්නිවේදනය නම් වේ”
-
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර-
සංවර්ධන සන්නිවේදනය තුළ පුළුල් ලෙස සාකච්චා
කෙරෙනුයේ සංවර්ධනය කෙරෙහි සන්නිවේදනය යොදාගන්නේ කෙසේද යන්න ය. ඒ අනුව සන්නිවේදනය
සඳහා උපයෝගී කරගත හැකි මාධ්‍ය අදාල අරමුණු
කෙරෙහි ක්‍රියාත්මක වන ආකාරය මෙමගින් විමසාබැලේ. මහාචාර්ය විමල් දිසානායක ප්‍රකාශ කරන ආකාරයට සංහතික මාධ්‍ය සංවර්ධනය
කෙරෙහි යොදා ගත හැකි ය. සංවර්ධන සන්වර්ධන සන්නිවේදනය සම්බන්යෙන් අදහස් දක්වන
විල්බර් ශ්‍රාම් සංවර්ධන සන්නිවේදනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා ඇත.
1)
ජාතිකත්වය පිළිබඳ හැඟීම් තහවුරු කිරීම
2)
ජාතික අපේක්ෂාවන් උසස් තත්ත්වයකට පත් කිරීම
3)
වෙනස්වන සමාජයට අනුව නව ජාතික අපේක්ෂාවන් ඇතිකර
ගැනීම.
4)
සම්ප්‍රදායික සමාජයන්හි නව හැකියාවන් ව්‍යාප්ත
කිරීම
5)
පොදු ජනතාව හැකිතාක් පාලන තන්ත්‍රයට සහභාගී කර
ගැනීම.
6)
සංවර්ධන කටයුතු කෙරෙහි මහජනයා දක්වන ප්‍රතිචාර
දැන ගැනීම හෙවත් ප්‍රතිපෝෂණය.
මහාචාර්ය එවරට් එම රොජර්ස් ප්‍රකාශ කරන ආකාරයට සංවර්ධනය
පිලිබඳ අවබෝධයක් හෝ හැඟීමක් ලබා ගැනීමට ජනමාධ්‍ය අතවශ්‍ය සාධකයකි. සංවර්ධන සන්නිවේදනය
සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ තවත් මහාචාර්යවරයෙක් ලෙස ඩැනියල් ල්ර්නි හැඳින්විය
හැකිය. “සහවේදනය” නමින් හඳුන්වන නව සංකල්පයක්ද සංවර්ධන සන්නිවේදන විශ්ව මාලාවට
හඳුන්වා ඩි තිබේ. ඔහු ප්‍රකාශකරන ආකාරයට සම්ප්‍රදායික මතවල ගැලී සිටින ජනතාව තුල
නව අදහස් ජනිත කිරීමට අවශ්‍ය කරන ක්‍රියාදාමය ජනමාධ්‍ය හරහා සිදුකළ හැකි බවය. මෙම
විප්ලවීය ක්‍රියාවලිය “ සහවේදනය” ලෙස හැඳින්වේ. ලුෂන් පායි ද සංවර්ධන සන්නිව්දනය
සම්බන්ධයෙන් අදහස් රැසක් ඉදිරිපත් කල අයෙකි.
1972 වර්ෂයේ යුනෙස්කෝ සංවිධානය විසින් සංවිධානය
කල සන්නිවේදන ප්‍රතිපත්ති හ සැලසුම්කරණය පිලිබඳ සන්නිවේදන විශේෂඥන්ගේ සම්මන්ත්‍රණ
වාර්තාවෙහි මෙලෙස සඳහන් වේ.
“මිනිසාගේ
ජිවන තත්ත්වය නගාසිටුවීම සඳහා දරනු ලබන ප්‍රයත්නහි සන්නිවේදන අත්‍යවශ්‍ය අංගයකි.
මිනිසාගේ නිෂ්පසන, පුද්ගල ප්‍රකාශනය, ඔහුගේ සමාජ අවශ්‍යතා හ සම්බන්ධතා කෙරෙහි
සන්නිවේදනය බලපායි. කාර්මික සංවර්ධනයෙන් හීන රටවල ප්‍රධාන ගැටලුව නම් ආර්ථික හ
ජාතික කටයුතුවලට ජනතාව වඩාත් සහභාගී කරවා ගැනීම, ඔවුන්ගේ හැකියාවන් හ දැනුම වර්ධනය
කිරීම, විවිධ ජන කොටස් එකම ජාතියක් ලෙස කාර්යබද්ධ කිරීම, සංස්කෘතිය හ පුද්ගල අනන්‍යතාව පහදා ගැනීම
යනාදියයි.”
-1972-
යුනෙස්කෝ සංවිධානය -
සමාජ සජීවීකරණය
සමාජ සජීවීකරණය අවශ්‍ය වන්නේ ඇයි?
සජීවීකරණයක් අවශ්‍ය වනුයේ පවතින
තත්ත්වයෙන් ඉදිද්රි පියවරන් කරා ළඟා වීමය. එලෙස ඉදිරි ඉලක්ක සඳහාගමන් කිරීමට එම ඌන
සංවර්ධිත රටවලට නොහැකි විය. ඌන සංවර්ධිත රටවල ක්‍රියාත්මක වුණු සංවර්ධන ව්‍යපෘති
තුලින් බහුතර් ජනතාව වෙත ප්‍රතිලාබ නොලැබී යන බව කලක් යාමේදී වැටහිණි. එයට හේතු
සාධක ගණනාවක් පැවතියේය. සංවර්ධන ව්‍යපෘති සම්බන්ධයෙන් ජනතාව සතුව පවතින අල්ප දැනුම
එක සාධකයකි. මෙම සාධකය යාවත්කාලින වීමට බලපාන ප්‍රබලම සාධකය ලෙස දේශපාලන හස්තය
නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වේ. නිරන්තරයෙන්ම සිදුවන මෙම දේශපාලන අතපෙවීම් මත ජනතාව
සතුව පවතින චින්තන හැකිය වියැකී යැයි. මෙම සාධකය ශ්‍රී ලංකාවට සමීකරණය කිරීමේදී ද
පවතින යථාර්තයද මෙලෙසමය. වසර වසර ගණනාවක් අප රට යටත්විජිතකරණයට ලක්ව පවතී රටක් වීම
හේතු කොටගෙන මෙරටටද එම වාතාවරණය උදා විය. නිදහස ලබා ගතව ඇත්තේ වසර හට ගණනකි. තවමත්
යටත් විජිත මානසිකත්වය මෙරටින් පහවගොස් නොමැත.
සංවර්ධන කටයුතු සඳහා මහ ජනතාවගේ
සහභාගිත්වය අනිවාර්ය සාධකයකි. ඔවුන් සන්වර්ධන ව්‍යපෘති සම්බන්ධයෙන් දැනුවත්විය
යුතුය. එමෙන්ම එම ව්‍යපෘතිවලින් ලැබෙන ප්‍රතිලාභ බෙදී යන අකාරය සම්බන්ධයෙන්
දැනුවත් විය යුතුය. මේ සඳහා ජනතාව සතුව පවතී නිවහල් මානසිකත්වය ඇතිකළ යුතුය.
මිනිසාට කිසිදු බාධාවකින් බාධාවකින් තොරව සිතීමට ඉඩකඩ ලබාදිය යුතුය. මිනිසා යළි
සවිබලගන්විය යුතුය. ඒ සඳහා මිනිසා සතුව පවතින තාර්කික චින්තනය අවධි කල යුතුය. සමාජ
බුද්ධිය පනගන්විය යුතුය. මෙම ක්‍රියාවලිය සඳහා සමාජ සජිවිකරණය අවශ්‍ය වේ.
සමාජ සජිවිකරණය සම්බන්ධ නිර්වචන
කිහිපයක්
“සමාජ, ආර්ථික, දේශපාලන ආදීවිවිධ
හේතුන් මත කායික මෙන්ම මානසිකව ද දිළිඳු බවට පත්ව සිටින ජන කොටස් පුබුදුවාලමින්, ඔවුන්ගේ
ජිවන තත්ත්වය නංවාලීම උදෙසා කෙරෙන සමාජමය ව්‍යායාමයකි.”
“සමාජ සජිවිකර්නාය පීඩිත වූ
දිළිඳු ප්‍රජාව සඳහා පමණක් නොව, සමාජයේ සියලු ස්ථරයන්හි සිටින දේශපාලඥයින්, නිලධාරීන්
ඇතුළු සෑම ජන කොටසක් සඳහාම වූ විවිධ ස්වරූප ගත උත්ප්‍රේරණ ක්‍රියාවලියකි.”
“ පවත්නා සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන
පරිසරය තුළ තමන් පත්ව ඇති ස්ථානය නිසි ආකාරව අවබෝධ කර ගැනීම හා ඉඉට බලපෑ ඇති හීතු
සාධක තේරුම් අනිමට මෙන්ම එති අවධානම වටහා ගනිමින් ලැබී ඇති ඉඩකඩ තුළ සාමූහිකව ක්‍රියාකිරීම
සඳහා යතොඅථ්වී හූ විවිධ බලවේග විසින් යටපත් කර ඇති විභව ශක්තින් පුබුදුවාලීමේ හා
මුදා හැරිමේ ප්‍රයත්නයකි. එමෙන්ම දුප්පත්කමේ විලන්ගුවෙන් මිදී සිය මූලික අවශ්‍යතා
අත්පත් කරගනිමින් ආත්ම ගෞරවයකින් යුතුව යහපත් අනාගතයක් කරා ජනතාව පොළඹවන, පුළුල්
වූත් ගැඹුරු වූත් ක්‍රියාදාමයක් ලෙස සමාජ සජිවිකරණය අර්ථ ගැන්විය හැකිය.”
ඩෙංගු මර්දන
ක්‍රියාවලිය ආශ්‍රයෙන් සමාජ සජිවිකරණය කෙරෙහි සංවර්ධන සන්නිවේදනය බලපාන ආකාරය
මෙරට ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින්
දක්වන ලද වාර්තාවක් පහත දැක්වේ.
වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුළ වසංගතයක්
ආකාරයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තව පවතී. මෙම රෝගය සමාජයෙන් තුරන් කිරීමට සමාජ
සජීවීකරණ ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගැනීමට හැකියාව පවතී. එය වක්‍රාකාර ලෙස ගතහොත්
සංවර්ධනාත්මක ක්‍රියාවලියකි. ඩැනියල් ලර්නර් ප්‍රකාශකරන ආකාරයට සංවර්ධනය යනු
ආර්ථික වශයෙන් සංවර්ධනය පමණක් නොවන බව මින් සනාතවේ. කෙසේ වෙතත් මේ වනවිට සමාජයේ
යම් ව්‍යසනකාරී වසංගතයක් පවතී. සරලවම ගතහොත් “ යම් තත්ත්වයක්” පවතී. මෙම
තත්ත්වයෙන් මිදීමට ජනතාවගේ ආකල්ප, චර්යාවන් , සිතුම් පැතුම්, වෙනස්කල යුතුය. ඒ
සඳහා සමාජ සජීවීකරණ ක්‍රියාවලියකඅවශ්‍යතාවය පැනනගී.
මෙම සජීවීකරණ ක්‍රියාවලිය සඳහා ජනතාවගේ ආකල්පැ, චර්යාවන්,
හැසිරීම්, සිතුම් පැතුම් ආදිය වෙනස් කිරීමට භාවිතයට ගත හැකි ඉතාමත් ප්‍රබල වාහකයක්
ලෙස සංහතික මාධ්‍ය භාවිතයට ගත හැකි බව සනාථවී හමාරය. මෙම ක්‍රියාවලිය සඳහා සංහතික
මාධ්‍ය තුළ විවිධාකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ජාතික ඩෙංගු
මර්දන ඒකකය ඩෙංගු මර්දනය ක්‍රියාවලිය දියත් කරන ආකාරය
“ඩෙංගු මර්දනය හා වැලැක්වීම අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ප්‍රජාව සක්‍රිය කිරීමේ ක්‍රියාවලියන් ශක්තිමත් කිරීම
- මදුරු මර්දන සති ප්‍රකාශයට පත් කිරීම, මාධ්‍ය රැස්වීම් පැවැත්වීම හා මදුරු මර්දන සතියට සමගාමිව සිදු කෙරෙන ක්‍රියා කාරකම් සඳහා පහසුකම් සැපයීම.
- සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම.
- විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා මදුරුවන් බෝවෙන ස්ථාන හා ඒවා ඉවත් කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.”
රාජ්‍ය මගින් ගෙන යන මෙම සමාජ සජීවීකරණ ක්‍රියාවලිය
ජනතාව වෙත ගෙන යාම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කිහිපයක් මෙහිදී දැකගත හැකිය.
වර්තමානය වන විට රාජ්‍ය මධ මෙන්ම
පුද්ගලික මාධ්‍යද මේ සඳහා ක්‍රියාත්මක වෙමින් පවතී. ඩෙංගු රෝගය බෝකරන මදුරුවන්
විනාශ කිරීම මෙන්ම දැනට ඩෙංගු රෝගය වැළඳී සිටින රෝගීන් සුවපත් කිරීම යන ඉතාමත්
අසීරු කටයුත්ත අපි ඉටුකළ යුතු වෙමු. මේ සඳහා සංහතික මාධ්‍ය ගෙන ඇති ක්‍රියාමාර්ග
පිළිබඳ විමසීමක් කල යුතුය.
ඩෙංගු මර්දන ක්‍රියාවලිය පිලිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සංහතික මාධ්‍යට
ඉටුකල හැකි කාර්යන්
1. වෙළඳ
දැන්වීම් ප්‍රචාරණය
2. දැන්වීම්
ප්‍රචාරණය
3. නාට්‍ය
ප්‍රචාරණය
4. පුවත්පත්
දැන්වීම්
5. ත්‍යාග
ලබාදෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ආදී දෑ මාධ්‍ය
මගින් ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතී.
මේ සඳහා ඉලක්කගත කණ්ඩායම්
·
දැනට ඩෙංගු රෝගය වැළදුණු ජනතාව
·
ඩෙංගු රෝගය වැළදීමට අවදානමක්
පවතින කණ්ඩායම
දැනට ශ්‍රී ලංකාව තුල 70000ට අධික පිරිසකට ඩෙංගු
රිගය වැළඳී තිබේ. එමෙන්ම ඩෙංගු රෝගයේ පවතින ඉතාමත් අවධානම් තත්ත්වය නම් ඇතැම් රෝගීන් තුළ ඩෙංගු රෝගය
පැවතුණද රෝගී ලක්ෂණ පෙන්නුම් නොකිරීමයි. ඒ අනුව මෙම දත්ත ඉතාමත් ඉක්මනින් වෙනස්වීමේ
හැකියාවක් පවතී. කෙසේ වෙතත් ඩෙංගු රෝගී තත්ත්තවය සම්බන්ධයෙන් දැනට ජනතාව සතුව
පවතින දැනුවත්භාවය ඉතාමත් අල්පය. මේ සඳහා ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම
ඉතාමත් කාලෝචිතය.
ඩෙංගු රෝගී ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන්
රුපවාහිනී වැඩසටහන් විකාශනය කිරීමට හැකියාව පවතී. දැනට ඩෙංගු රෝගය නිසා අහිමි වූ
ජිවිත ගණන 215කි. වැඩිම ඩෙංගු රෝග මරණ සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බස්නාහිර
පළාතෙනි. මෙම දත්ත අන්තර්ගතකොට රුපවාහිනී වැඩසටහනක් නිර්මාණය කිරීමට හැකියාව පවතී.
එමගින් ජනතාව තුළ ඩෙංගු සම්බන්ධ බියක් ඇතිකළ හැකිය. මෙතරම් පිරිසක් ඩෙංගු
රෝගය්ර්න් පිද වින්දද එය අනෙකුත් ජනතාව වෙත එතරම්ම දැනී නොමැත. ඇතැම් උන රෝගීන්
තමාට පවතිනුයේ ඩෙංගු රෝගයද කියා පරික්ෂා කිරීමට හෝ රෝහල වෙතට නොයන තත්ත්වයක් පවතී.
ඇතැම් විට මේ සඳහා බලපානු ලබන ප්‍රබලම සාධකය ආර්ථික අපහසුතාවයයි. රජය මගින් මේ
සඳහා අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය නොමිලයේ ලබාදුන්නද ඇතැම් පිරිස්වලට සිය අහාර වේල්
සපයා ගැනීමටවත් වත්කමක් නොමැත. මේ සම්බන්ධව රජ දැනුවත් කිරීමට ද මාධ්‍යට හැකියාව
පවතී. ඒ අනුව මාධ්‍ය යනු හුවමාරු මධ්‍යස්ථානයකි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙසේ දක්වයි
“ඩෙංගු
උණ
ඩෙංගු උණ රෝගයෙදී එක්වර ඇතිවන තද උණ, අධික හිසරදය හා ඇස
පිටුපස වේදනාව, හන්දිවල හා පේශිවල
වේදනාව බොහෝ දුරට ඇතිවන අතර සමහර රෝගීන්ට රතු පැහැති විහිදුන
ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්වයන් ( විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා
සමෙන්)
ඩෙංගු
රක්තපාත උණ
ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තීව්ර
රෝගී තත්වයක් වන අතර ඉතා කුඩා
සංඛාවක් රෝගීන් හට මෙම තත්වය ඇතිවේ. ඩෙංගු රක්තපාත උණ
රෝගයේදී බොහෝ විට පැහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි අවධි 3ක් ඇති අතර ඒවා නම්
උණ සහිත අවදිය (මෙම
අවදියේදී දින 7කට
අඩුවෙන් පවතින තද උණ සහිත කාලයක් ද),
අවදානම් අවදිය (අවදානම් අවස්ථාව
ආරම්භ වනුයේ තරලය කාන්දු වීම පටන් ගැනීමත් සමග සහ සාමාන්‍යයෙන් උණ බැස යනවත් සමගය)
මෙම තත්වය දින 1-2
අතර කාලයක් පවතින අතර කලින් හඳුනා ගෙන අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියා කම්පන තත්වයට
පවා පත් විය හැක.
සුවවන අවදිය, දින
2-5 ත්
අතර කාලයක් පවතින අතර මේ කාලයේදී රෝගියාගේ කෑම රුචිය වර්ධනය වේ, හෳද ස්පන්ධනය අඩුවේ.
සුවවන අවස්ථාවට විශේෂිත වූ ලප (රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප) බොහෝ විට ශරීරය පුරා
කැසීමක්ද සමග දක්නට
ලැබේ. (අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් ඇත). මුත්‍ර වැඩිවශයෙන් පහ වීමක්ද මේ
අවස්ථාවේ සිදු විය හැක.
රෝගියා පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම්
කරන්නේ නම් (විශේෂයෙන්ම උණ බැස යන අවස්ථාවේ) අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත
යුතුය.
- නොනවත්වා වමනය කිරීම
- බඩේ කැක්කුම
- තද පිපාසය
- අධික නිදිමතබව හා සිහිමද ගතිය
- ආහාර ප්‍රතික්ෂේප කිරීම
- අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම
රෝගියා පහත සඳන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්
වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය
- අත් පා සුදුමැලි හා සීතල බව
- නොසන්සුන්බව හා කලබලකාරී බව
- සමේ පැහැය වෙනස් වීම
- මුත්‍ර පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම
- හැසිරීමේ වෙනස් කම් - සිහිමද ගතිය/ අසභ්‍ය වචන භාවිතය
ඩෙංගු
රෝග තත්වය කලින් හඳුනා ගැනීම
ඩෙංගු රෝගය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර
ලබා දීම මගින් ඩෙංගු රෝගයේ සංකුලතා හා අසාධ්‍ය භාවය අවම කල හැක.
ලංකාවේ දැනට පවතින ඩෙංගු අධි ජානපදික
තත්වය යටතේ උණත් සමග පහත සඳහන් රෝග
ලක්ෂණ සහිතව ප්‍රතිකාර සඳහා පැමිණෙන
රෝගීන් ඩෙංගු රෝගයෙන් (ඩෙංගු උණ /ඩෙංගු රක්තපාත උණ)
පෙලෙන බවට සැක කර අවශ්‍ය අවධානය යෙද වීම
අත්‍යවශ්‍ය වේ.
තද හිසරදය, ඇස්යට වේදනාව, අස්ථි හා මාංශ පේශිවල
වේදනාව, ශරීරයේ
මතුවන පලු
(විහිදුන ස්වභාවයේ රත් පැහැති ලප),
සුළු ලේ ගැලීම් තත්වයන් ( සම මතුපිට
හා රුධිර මාපක පරීක්ෂණය මගින් පෙන්නුම් කල හැකි පරිදි), සුදු රුධිරානු
අඩු වීම (<5000/mm3), රුධිර පට්ටිකා ≤150,000/mm3 , රුධිරයේ ඝන භාවය
වැඩිවීම (5 – 10%)
සමහර අවස්ථාවන්වලදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ
උගුරේ අසාදනය වැනි ස්වසන
පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව සහ මළ
බද්ධය, පාචනය, වමනය සහ කඩින් කඩ ඇතිවන
බඩේ වේදනාව වැනි ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව ඩෙංගු රෝගීන්
රෝහල් කරා පැමිණිය හැක.
තද උණ සහිත රෝගියකුගේ මුහුණ සහ අත් පා
ප්‍රදේශ රත් පැහැ විහිදුන පලු
සහිත ස්වභාවයකින් යුක්ත වීම, සුදු රුධිරානු ප්‍රමාණය
අඩු වීම (<5000 /mm3), රුධිර මාපක පරීක්ෂණය අනුව රුධිර ගැලීමේ හැකියාව වැඩි වීමක්
පෙන්නුම් කිරීම
(රුධිර පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය මට්ටමක පැවතියද) උණ සැදීමට වෙනත් හේතුවක්
නොමැති අවස්ථාවන්හිදී රෝගියා ඩෙංගු රෝගයෙන් පෙලෙන බවට බොහෝ දුරට නිවැරදි
රෝග විනිශ්ෂයකට පැමිණිය හැක.
කම්පන තත්වයෙන් පැමිණෙන රෝගියෙක්
විශේෂයෙන්ම උණ රහිතව, අත්
පා සීතලව, හෳද
ස්පන්දනය වේගවත් ව දුර්වල නාඩි වැටීමක් සහ අඩු රුධිර පීඩනයක් සහිත නම් ඩෙංගු
කම්පන තත්වය බවට සැක කල යුතුය.
NS 1 ප්‍රතිදේහය
ඩෙංගු අසාදිත රෝගියකු තුල උණ අවස්ථාවේ
මුල් කාලයේදී රුධිර පරීක්ෂණයක් තුලින්
සොයා ගත හැකි නවීන රසායනික
පරීක්ෂණයක් වන අතර ඒ තුලින් රෝගියාට
ඩෙංගු වැළදී ඇති බව පමණක්
සොයාගත හැක. එනමුත් රෝගියාට වලදී ඇත්තේ ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත උණ
දැයි වෙන් කර හඳුනාගැනීමට මෙම පරීක්ෂණයෙන් අවකාශ නොලැබේ. මේ හේතුව නිසා ඩෙංගු
රෝගය බවට මුල් අවස්ථාවේ සැක සහිත අවස්ථාවන් වලදී පමණක් මෙම පරීක්ෂණය සිදු
කිරීම ප්‍රයෝජනවත් විය හැක.
සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් කිරීමේ
වැදගත්කම
- උණ වැළදී තෙවන දිනයේදී සියළුම රෝගීන් හට සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍යවේ
- සමහර විශේෂිත රෝගීන් සඳහා පළමු දිනයේම හෝ, පළමුවරට ප්‍රතිකාර සඳහා පැමිණි අවස්ථාවේම රුධිර පරීක්ෂණයක් සිදු කල යුතුය. (ගර්භනී කාන්තාවන්, අවුරුද්දට අඩු ළදරුවන්, මහලු පුද්ගලයන් සහ වෙනත් කල්පවතින රෝග තත්වයන් ඇති පුද්ගලයන්)
- රුධිර පට්ටිකා ප්‍රමාණය ≥150,000/ mm3 නම් තෙවන දිනයේ සිට දිනපතා සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යවේ
- රුධිර පට්ටිකා ප්‍රමාණය ≤150,000/ mm3 නම් දිනකට දෙවරක් සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යවේ (රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය රදා පවතින්නේ, රෝගියාගේ සායනික තත්වය, අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හා අනෙකුත් සමාජීය අවශ්‍යතා මතය)
- රුධිර පට්ටිකා ප්‍රමාණය ≤100,000/ mm3 වන අවස්ථාවල් වලදී රෝගියා රෝහලකට ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ.
නේවාසික රෝගීන්
- උණ වැළදී තෙවන දිනයේදී හෝ එයට ප්‍රථම රෝහල් ගතවන රෝගීන් සඳහා බාහිර රෝගී අංශයේදී කලයුතු ආකාරයටම (ඉහත විස්තර කරන ලද පරිදි) රුධිර පරීක්ෂණ සිදු කල යුතුය. ප්‍රතිකාර කරන වෛද්‍යවරයා නියම කලහොත් ඊට වඩා වැඩි වර සංඛ්‍යාවක් රුධිර පරීක්ෂණ සිදු කිරීමට සිදුවේ
බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබන රෝගීන්
සඳහා විශේෂ උපදෙස්
- පළමුවරට රෝගියා හමුවන වෛද්‍යවරයා රෝගියාගේ මුඛයෙන් අවශ්‍ය ප්‍රමාණයට දියර ලබාගන්න බව තහවුරු කල යුතුය.
- වැඩිහිටි රෝගියෙක් හට පැය 24 ක් තුල මි ලි 2500 ක පමණ දියර ප්‍රමාණයක් උණ අවදියේදී ලබා ගත යුතුය. (රෝගියා රෝහලකට ඇතුළු වීමට පෙර) රෝගියාගේ ශරීර ස්කන්ධය කි ග්‍රෑම් 50 ට වඩා අඩු අවස්ථාවන්හිදී දියර ලබා දිය යුත්තේ පැය 24 තුල 50 මිලි / කි ග්‍රෑම් ලෙස හෝ පැයට 2 මිලි / කි ග්‍රෑම් වශයෙනි.
- කුඩා දරුවන්ගේ දෛනික දියර අවශ්‍යතාවය පහත සඳහන් පරිදි ගණනය කල යුතුය
දෛනික අවශ්‍යතාවය = 100 මිලි / කි ග්‍රෑම් / පළමු
කිලෝ ග්‍රෑම් 10 සඳහා
= + 50 මිලි /කි ග්‍රෑම් / ඊළඟ කිලෝ ග්‍රෑම් 10 සඳහා
= + 20 මිලි / ඉතුරු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය
සඳහා
උණ වැළදී දින 3 කදී හෝ ඊට පසුව
රෝගියා තුල පහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම්
වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස
රෝගියා / දෙමාපියන් දැනුවත් කල යුතුය.
- උණ බැස ගියද රෝගියාගේ සායනික ලක්ෂණ වල පිරිහීමක් ඇති වීම
- මුඛයෙන් දියර ගැනීම අපහසු වීම
- උදරයේ ඇතිවන තද වේදනාව
- සීතල හා අප්‍රාණික අත් පා
- අප්‍රාණික බව/ නොසන්සුන්බව/ නුරුස්නා භාවය
- අක්‍රමවත්ව සිදුවන ඔසප් රුධිර වහනය හෝ ඔසප් සමග සිදුවන අධික රුධිර වහනය වැනි ලේ ගැලීමේ වැඩි අවදානම් තත්වයක්
- පැය 6 කට වඩා වැඩි කාලයක් මුත්‍ර පිට නොවීම
ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන් කර
හඳුනා ගැනීම
උණ වැළදී තෙවන දිනයට පසු ඩෙංගු රක්තපාත
උණ වැළදුන රෝගීන් ප්ලාස්මා තරලය
කාන්දු වීම වැනි සංකුලතා වලට බඳුන් වීමේ
අවදානමක් ඇති නිසා ඩෙංගු උණ හා
ඩෙංගු රක්තපාත උණ රෝගීන් වෙන් කර
හඳුනාගැනීම ඉතා වැදගත් වේ. ඩෙංගු රක්තපාත තත්වය බොහෝ විට
දකින්නට ලැබෙන්නේ උණ බැස යනවත් සමගය.
උණ නොමැතිව හෳද ස්පන්දනයේ වේගවත් බවක්
හෝ උණ ට අනුපාතික නොවන පරිදි වේගවත්
හෳද ස්පන්දනයක් බොහෝවිට ඇතිවිය හැක. හෳද සන්කුචන පීඩනය හා
විස්ථාර පීඩනය අතර වෙනස පටු වීම (40
mmHg සිට 30 mm Hg) මගින් තරලය
කාන්දු වීම පටන් ගැනීම පිලිබඳ ඉඟියක් ලබා දෙන අතර මේ අවස්ථාවේදී රෝගියා
රෝහල් ගත කිරීම අත්‍යවශ්‍ය වේ. මේ අවස්ථාවේදී සිදු කරන පරීක්ෂණ මගින්
ක්‍රම ක්‍රමයෙන් රුධිරය ඝන වීමක් පෙන්නුම් කරන අතර මෙමගින් රෝගියා අවදානම්
අවදියට පැමිණ ඇති බව හඳුනාගත හැක.
කෙසේ වෙතත් අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍රයක
ආධාරයෙන් උර කුහරය හා උදර කුහරය
තුලට ක්‍රම ක්‍රමයෙන් ප්ලාස්මා තරලය
එකතුවන බව පෙන්වීම අවදානම් අවධියට
රෝගියා පත්ව ඇති බවට වඩාත් විද්‍යාත්මක
සාක්ෂියක් වේ.
රෝගියා රෝහල් ගත කිරීම
රෝගියාගේ සායනික රෝග ලක්ෂණ අනුව බොහෝ
විට රෝගියා
රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ. එහෙත් පහත
සඳහන් ලක්ෂණ ඇති රෝගීන් රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ.
- රුධිර පට්ටිකා ප්‍රමාණය <100,000/mm3
- උණ/ රෝගය වැළදී තෙවන දින හෝ එයට ප්‍රථම පහත සඳහන් අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්
- උදරයේ ඇතිවන තද වේදනාකාරී තත්වය
- නොකඩවා පවතින වමනය
- ශ්ලේෂ්මල පටල වලින් සිදුවන ලේ ගැලීමේ තත්වයන් (මුඛයෙන්, නාසයෙන් ලේ ගැලීම)
- අලසබව හෝ නොසන්සුන් බව
- අක්මාව විශාල වීම (සෙමි 2කට වඩා)
- රුධිර ඝන වීම හා සීග්‍රයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය පහත බැසීම
- ප්ලාස්මා තරලය කාන්දු වීම පෙන්නුම් කරන සායනික ලක්ෂණ: උරස් හා උදර කුහරයේ ප්ලාස්මාව කාන්දුවීම ( තරමක් ප්‍රමාද වී දක්නට ලැබෙන තත්වයකි)
ඉහත සඳහන් රෝග ලක්ෂණ නොමැති නමුත් රෝහල්
ගත කලයුතු වෙනත් රෝගීන්
- ගර්භනී කාන්තාවන් - උණ / රෝගය වැළදී 2 වන දිනයේදී රෝහල් ගත කර සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් දිනපතා සිදු කල යුතුය
- වයෝවෘද රෝගීන් / ළදරුවන්
- ස්ථුල බව සහිත රෝගීන්
- වෙනත් කල් පවතින රෝග සහිත රෝගීන් (දියවැඩියාව, දිගු කාලීන වකුගඩු රෝගීන්, හෳද රෝගීන්, තැලසිමියාව වැනි රුධිර ආශ්‍රිත රෝගීන්, සහ වෙනත් ප්‍රධාන දිගු කාලින රෝග තත්වයන්)
- සමාජයීය තත්වයන් මත විශේෂ අවධානය යොමු කල යුතු රෝගීන් උදා: තනියම වාසය කරන රැක බලා ගැනීමට කිසිවෙක් නොමැති රෝගීන්,
- පදිංචි ස්ථානයට ආසන්නව සෞඛ්‍ය පහසුකම් නොමැති හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා යාමට ප්‍රවාහන පහසුකම් නොමැති රෝගීන්
පැය 48
ක කාලයක් සායනික වශයෙන් ස්ථාවර හා උණ
නොමැති රෝගීන් ඩෙංගු රෝගයෙන් සුවවන අවදියට පත්ව ඇති බවට නිගමනය කල හැක.
රෝගීන් සඳහා උපදෙස්
- උණ දින දෙකකට වඩා පවති නම් ළඟම රෝහලෙන් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගේ උපදෙස් ලබා ගැනීම
- උණ වැළදී තෙවන දිනයේ දී සම්පුර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම (වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත)
- රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසා වත් වෙහෙස කර භාවයට පත් නොකිරීම
- වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම, මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදී ද්‍රව්‍ය වේ. වතුර පමණක් පානය කිරීම සුදුසු නොවේ
- රෝගියාට ආහාර රුචිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝණ ආහාර ලබා දිය යුතුය, එසේ නමුත් රතු, දුඹුරු පැහැති ආහාර (බීට් රූට්, චොකලට්, රතු පැහැති පැණි බීම වර්ග සහ ආහාර වර්ග) ලබා දීමෙන් වැළකිය යුතුය. මෙය මල පහ සමග රුධිරය යෑමේ අවස්ථාවන් හඳුනා ගැනීමට බාධාවක් වේ.
- වෛද්‍ය උපදෙස් අනුව උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත හැක”
-ජාතික ඩෙංගු මර්දන
ඒකකය-
නිරන්තරයෙන්ම ජනතාව තුළ ඩෙංගු රෝගය
පිලිබඳ දැනුවත් කිරීම සිදු කල යුතුය.
ඩෙංගු රෝගය වැළඳීමට
අවධානමක් පවතින ජනතාව
ඩෙංගු මදුරුවන් දෂ්ට කිරීම බොහෝවිට
උදෑසන 06.00 -09.00 ත් අතර හා සවස 03.00 - 06.00 අතර සිදු වුවත්
සෙසු වේලාවන්හි හෝ රාත්‍රියේ හොඳින් එළිය තිබෙන ස්ථානවල මේ මදුරුවා සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශකර සිටී. අ අනුව
ඩෙංගු මදුරුවන් යනු දහවල් කාලයේ පමණක් ක්‍රියාත්මකවන මදුරුවන් විශේෂයක් ය යන මතය
බැහැර කිරීමට සිදුවේ. ඒ අනුව පවතින අවධානම තවදුරටත් ඉහළ යයි. ඒ අනුව ජනතාව සතුව
ඩෙංගු රෝගය පිළිබඳව පවතින දුර්මත ඉවතලිය යුතුය.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම
කල යුතුය. ඇතැම් අවස්ථාවල සංවර්ධන වව්‍යපෘති හරහා ජලය එක්රැස් වන ස්ථාන නිර්මාණය විය හැකිය. විශේෂයෙන්ම නගර ආශ්‍රිත කානු පද්ධති
නිසි ආකාරව පිළිසකර නොකිරීම නිසා මෙම තත්ත්වය උද්ගතවේ. මුඩුක්කු ආශ්‍රිත ජනතාව මෙම
අවධානමට දැඩි ලෙස මුහුණ දෙන පිරිසකි. මාධ්‍ය මගින් මෙම ස්ථාන පිලිබඳ දැනුවත්
කිරීමක් සිදුකිරීමට හැකියාව පවතී. එමෙන්ම එම ජනතාවට සිය වටාපිටාව පිර්සිදුවට
තබාගැනීමට අවශ්‍ය කරන දැනුවත් කිරීම් මාධ්‍ය හරහා සිදුකිරීමේ හැකියාව පවතී.
තම නිවාස අවට පවිත්‍රකොට අසල්වාසීන්ගේ
ගෙවතුවලට කුණු දැමීමේ සම්ප්‍රදාය මුල්බැසගෙන ඇත. කෙසේ වෙතත් එමගින් තමන්ට මදුරුවා
දෂ්ටකිරීමෙන් මිදීමට හැකියාව නොමැති බව ජනතාව තුළට ආරෝපණ කල යුතුය. එමෙන්ම සිය
ගෙවත්ත පිරිසිදුව තබා ගන්නා පුද්ගලයින් පසසිමද කල හැකිය. මේ සඳහා ත්‍යාග ලබාදීම
සිදුකළ හැකිය. නිදසුන් ලෙස “හිරු” රුපවාහිනී නාලිකාව හරහා එවැනි මුදල් ත්‍යාග
ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
සමාලෝචනය
රටක සංවර්ධනය තීරණය කරන නිර්ණායක යටතට දලදේශීය
අදායම, පුද්ගල උපත් හා මරණ අනුපාතය අදී නිර්ණායක භාවිතයට ගනී. කෙතරම් ජනතාවක් රටක්
තුල ජිවත් වුවව එම ජනතාව සුවපත් ශක්තිමත් ජනතාවක් නොවේ නම් එරට සංවර්ධනය වීම සිදු
නොවන්නකි. එබැවින් රටක් තුල ජිවත් වන ජනතාව සුවපත් ජනතාවක් විය යුතුය. ඩෙංගු රෝගය ජනතාවගේ
ශාරීරික සුවය මෙන්ම මානසික සුවයද ව්‍යාකුල කරනු ලබයි. එබැවින් එය සංවර්ධන කටයුතුවලට
දැඩි බාධාවකි.
ඩෙංගු මදුරුවන් හෝ අනෙකුත් මදුරුවන් සහමුලින්ම විනාශ
කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බව සහතිකය. එසේ වුවහොත් මදුරුවන පලව හරින නිෂ්පාදන
නිපදවන ආයතන දැඩි අපහසුතාවයට පත්වනු ඇත.
මුලාශ්‍ර
·
වැල්ලක්කලගෙ, පියසේන, සහභාගිත්ව සංවර්ධනය හා සමාජ
සජිවිකරණය , 2010,ලස්සන මුද්‍රණ ශිල්පියෝ, වැල්ලම්පිටිය.
·
සංවර්ධන සන්නිවේදනය හා සන්නිවේදන ව්‍යපෘති සැලසුම්කරණය, අත්තනායක ,බන්දුල,1999.
ඉඳුරු මුද්‍රණ ශිල්පියෝ, පන්නිපිටිය.
No comments:
Post a Comment