Sunday, October 6, 2019

මනෝවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය යටතේ මාධ්‍ය පඨිතයක් විචාරාත්මකව විමසීම





ප‍්‍රාවේශය



මනෝවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය යටතේ මාධ්‍ය පඨිතයක් විචාරාත්මකව විමසීම

මාධ්‍ය විචාරයට ලක්කරන විචාර ක‍්‍රම ගණනාවක් දැකගත හැකිය.  ඒ අනුව මෑතකාලීනව වඩාත් අවධානයට ලක්වුණු විචාර ක‍්‍රමවේදයක් ලෙස මනොවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය දැකගත හැකිය. මෙම අධ්‍යයන ක‍්‍රමය සංවර්ධනය මෙනින් පටතින රටවල එතරම්ම ප‍්‍රචලිත විෂයක් නොවුනද සංවර්ධිත රටවල මෙම විෂය ප‍්‍රචලිත විෂයකි.  මනෝ විද්‍යාව මෙන්ම සංහතික සන්නිවේදන අධ්‍යයනද සමාජ විද්‍යා ගණයට ගැනේ. විශේෂයෙන්ම මිනිසා හා සංහතික මාධ්‍ය කෙරෙහි පවතින සබඳතාවයන් අධ්‍යනය  කිරීම සංහතික මාධ්‍ය අධ්‍යනයේදී සිදුකෙරේ. මිනිසා සාමාජිය ජීවියෙකි. සංහතිකයා සමාජයේ විවිධ සතර නියෝජනය කරයි. එහෙත් එම සංහතිකයන් සංදේශ ග‍්‍රහණය කරගන්නේ එකම ආකාරයට නොවේ. ඒ අනුවමාධ්‍ය මගින් සමබර සංදේශ ජනගත කිරීම කළ යුතුය. මේ සඳහා ග‍්‍රාහක මනස හැසිරෙන ආකාරය වටහාගත යුතුය. 



හැඳින්වීම



මනෝවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය

           

මනෝවිශ්ලේෂණ වාදයේ නිර්මාතෘ සිග්මන් ෆ්‍රොයිඞ් වන අතර, තම න්‍යාය ගොඩනැගී මට ඔහු  තමාගේ චිකිත්සාගාරය උපයෝගී කරගත්තේය. ෆ්‍රොයිඞ්ගේ න්‍යාය මානසික රෝගීන් ආශ‍්‍රීතව ගොඩ නැගුණු අතරහි එහි මූල ධර්ම පෞර්ෂය, චිත්තවේග, පේ‍්‍රරණ, මනස සහ මානසික ප‍්‍රතිකාර වැනී නව මං පෙත් කරා යොමු විය.

මනෝවිශ්ලේෂණ වාදය  මගින් නව සම්ප‍්‍රදාය, නව සංකල්ප, නව විධි ක‍්‍රම මනෝවිද්‍යාවට හදුන්වා දුන්නේය. ඇල්ෆර්ඞ් ඇඞ්ලර්, කාල් යුංග් වැනි මනෝ විද්‍යාඥයන් විසින් පසු කාලීනව මෙම ප‍්‍රවේශය පෝෂණය කරන ලදී. මනොවිශ්ලේෂණ වාදය විෂය ක්ෂේත‍්‍ර රාශියකට, එනම් භාෂාඅධ්‍යයනය, දර්ශනය , දේශපාලනවිද්‍යාව, ආචාර ධර්මවිද්‍යාව, මානවවිද්‍යාව, ආගම් අධ්‍යනය සහ කලා ක්ෂේත‍්‍ර වලටද බලපෑම් කළේය. මෙම අධ්‍යන ක‍්‍රමය ඇතැමුන් පිළිගත් අතරම ඇතැමුන් පිළිනොගත්තේය. මෙහි න්‍යාය සහ මූලධර්ම අති බහුතරය ෆ්රොයිඞ් විසින් ගොඩ නැගු අතර ඔහුගේ අනුගාමිකයන් මෙම න්‍යාය සහ මුලධර්ම පෝෂණය කිරීම වෙනස් කිරීම සහ අර්ථකථනය කළහ. මේ සියළු කරුණු හේතුවෙන් මනෝ විද්‍යාවේ විවිධ ගුරු කුල අතරින් මනොවිශ්ලේෂනවාදයට හිමි වන්නේ සුවිශේෂී තැනකි.



            පුද්ගලයා පිළිබද සංකල්පය මනස ඉතා වැදගත් තැනක් ගනී මනස පාවෙන හිම කුටියකට සමාන කරන ප්‍රොයිඞ් එහි අන්තර්ගතය පිළිබඳව පැහැදිලි කරයි. විඥානය හෙවත් උඩු සිත පුද්ගලයාගේ මතකයෙහි, අවධානයෙහි හා සංජානනයෙහි පවතින සිතිවිලි හා තොරතුරු මිට අයත් වේ. එනම් කෙටිකාලින  මතකයයි. අප දැනුවත්ව සිදුකරන හැසිරීම් මෙමගින් සිදුවේ ෆ්‍රොයිඞ්ට අනුව පුද්ගලයා අභිපේ‍්‍රරණයට ලක් කරන කුඩා කොටසකි. උපවිඥානය අපහසුතාවයකින් වුවද මතකයට නැංවිය හැකි සිතිවිලි සහ තොරතුරු මීට අයත් වේ. එනම් මේ අවස්ථාවේ සිතෙහි නැති,අවශ්‍ය අවස්ථාවට සිහියට නගාගතහැකි සිතිවිලි පවත්නා කොටසක් වේ.





අවිඥානය

මිනිස් මනසේ නිදන්ගතව පවතින සිතිවිලි, ආවේග, සහජ පේ‍්‍රරණ,කාංසාව උද්දිපනය කළ මතකයන් සහ

චිත්තාවේගවලින් සමන්විත මෙම කොටස මනසෙහි, විශාලතම,කොටස වේ. එසේම මනසෙහි ප‍්‍රාථමික හා ප‍්‍රබලම අංශය වේ. මනසෙහි බලවත් ,ගුප්ත, අන්ධකාර, කොටසකි මිනිසාගේ හැසිරීම් මෙහයවන මහත් බලවේගයක් මෙහි පවතින අතර මිනිසාගේ පොරුෂය කෙරෙහි මෙහි විශාල බලපෑමක් පවතී.



මනෝවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය තුළ පුද්ගලයා හා මාධ්‍ය තුළ පවතින සබන්ධතාවයන් මනෝවිශ්ලේෂණාත්මක කෝණයකින් විමසයි. ඒ අනුව මනස සම්බන්ධයෙන් ප්‍රොයිඞ්ගේ පහත විමර්ශනයන් මාධ්‍ය ක‍්‍රියාවලිය තුළ පවතින ආකාරය සම්බන්ධ අධ්‍යනයක් මනෝවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය සතුවේ.



            පෞර්ෂය පිලිබදව පැවසීමේ දී ෆ්රොයිඞ් මිනිසාගේ පෞරුෂය ඉඞ්, ඊගෝ, සුපර් ඊගෝ, යන කොටස් වලින් සමන් විත වන බව පවසාඇත. ඉඞ් යනු මිනිස් මනසේ එක් කොටසක් ඇති සත්ත්ව් ආශාවන්, ප‍්‍රාථමික බලාපොත්තු සහ ස්වාභාවික පෙලභවීම්ය. ඉඞ් ප‍්‍රාථමික වනචාරී බලාපොරොත්තු වලින් යුක්තය.ජීවියාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක නියෝජනය කරයි. අවිඥානයට සාමානය. ඉඞ් අංශය මෙන්ම් සුපර් ඊගෝ අංශයෙන් කොටසක්දඅවිඥානයට අයත් වේ ඉඞ්හි මානසික ශක්ති නිෂ්පාදනය කරන ආශ නම් වේ. මනොවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය තුළදී ඉඞ්ගේ ක‍්‍රියාකාරිත්වය හේතුවෙන් සිදුවාන බාලපෑම අතිමහත්ය. විශේෂයෙන්ම මාධ්‍ය දැන්වීම් ශානාර්ය තුළදී මෙය වඩාත් ප‍්‍රබලව භාවිතා වේ. ඒ අනුව ඉඞ් තුළ පවතින ආශාවන් භාවිතයට ගනිමින් එම ආශාවන්ට අමතන ආකාරයට දැන්වීම පවා නිර්මාණය කිරීමට දාන්විම්කරුවන් උත්සහ ගනී.  



ආශ යනු ශරීරයේ ආතති තත්ත්වය මුදා හැරීමේ අවශ්‍යතාවයයි. ආශා වර්ග දෙකකි. ජීවන ආශය හෙවත් ඊරොස් (කසෙැ සබිඑසබජඑ*:- ජීවත්වීම/ඉගෙනීම/රැුකියාව/විභාග මෙය ස්වයං ආරක්ෂක පේ‍්‍රරණයන් සහ ලිංගික පේ‍්‍රරණයන්ගෙන් සමන්විත වේ. පදනම් කරගැනීම නිර්මාණය කෙරෙන වෙළඳ දැන්වීම  අපමණ ලෙස දැකගත හැකිය. විවාහය  වැනි සංස්කෘතික අංගයන් මනාව යොදාගැනීම, වර්ණ භාවිතය, කමය ජනනය වන අලරයට දැන්වීම් නිර්මාණය කිරීම ආදිය මාධ්‍ය සංදේශ තුළ දැකගත හැකිය.   මරණ ආශය හෙවත් තන්ටෝස්.

 සබිඑසබජඑ*විනාශකාරී බව/ ඇබ්බැහි වීම්/ සිය දිවි නසා ගැනීම්. මෙම තත්ත්වය මුල්කරගෙන නිර්මාණය වන මාධ්‍ය සංදේශ සෑම මාධ්‍ය තුලම දැකගත හැකිය. විශේෂයෙන්ම ”ජීවිත රක්ෂණ” සමාගම් ආශ‍්‍රිත වෙළඳ දැන්වීම් මෙමගින් කදිම ලෙස ප‍්‍රයිජන ගනී.  තමා පිළිබඳ මෙන්ම අනුන් පිළිබඳ විනාශකාරී පේ‍්‍රරනයන්ගෙන් සමන්විත වේ.

            එමෙන්ම ඊගෝ පුද්ගලයාගේ තර්කානු බුද්ධියයි. ඉඞ් විසින් ඇති කරන ගැටුම්කාරී තත්වයන් ඊගෝ සමබරතාවයෙන් තබා ගනී. සැලසුම් කිරීම, හේතු සෙවීම, ගැටළු විසඳීම සහ ඉඞ් පාලනය කිරීමට ඊගෝට හැකියාව ඇත. ඊගෝ කටයුතු කරන්නේ යතාර්ථ මුලධර්ම ඔස්සේය. ඉඞ් අවිඥානයේ පැන නගින ආශයන් අමු අමුවේ තෘප්ත කිරීමට උත්සාහ ගන්නා විට ඊගෝ එය පාලනය කරමින් බාහිර ලොවට ගැලපෙන ඔරොත්තු දෙන ආශයන් පමණක් තෝරා සුදුසු ආකාරයෙන් සන්තර්පනය කිරීමට මග පෙන්වයි. මෙලෙස බාහිර ලෝකය හා ඉඞ් අතර මධ්‍යස්ත සාධකයක් ලෙස ක‍්‍රියා කරයි.  මනෝවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය තුළදී මධ්‍ය සංදේශ සතුව ගොඩනගන තාරක පිලිබඳ අවධානය යොමු කෙරේ. ඒ අනුව පියවි ලෝකයේ කිසිදු ආකාරයකට සබඳතාවයක් නොදක්වන ඇතැම් වස්තූන් සම්බන්ධයෙන් තාර්කික සබන්ද්තාවයක් ගොඩනැගීමට මාධ්‍ය සංදේශ නිර්මාණකරුවන් උත්සහ ගනී. ඒ අනුව එම තත්ත්වයන්ට මනස අනුගත වීම මගින් එම මාධ්‍ය සංදේශ ජනගත කරගන්න ආකාරය පිලිබදව අධ්‍යනය කලහැකිය. 



සුපර් ඊගෝ  මනසේ සංවර්ධනය වන තුන්වන කොටසයි.මෙය නියෝජනය කරන්නේ පුද්ගලයාගේ සදාචාර (පදර්ක* අංශයයි. දරුවා සිරිත් විරිත් අගයන් ඉගෙනීමට පටන් ගැනීමත් සමග සුපර් ඊගෝ සංවර්ධනය ආරම්භ වේ. සුපර් ඊගෝ ක‍්‍රියා කරනුයේ සදාචාර මූලධර්ම අනුවය. මනෝවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය මාධ්‍ය සංදේශ සම්බන්ධයෙන් සුපර් ඊගෝ ක‍්‍රියාකාරිත්වය අධ්‍යනය කෙරේ. 



සංරක්ෂණ ප‍්‍රයෝග

            ෆ්‍රොයිඞ්ගෙන් සිදු කෙරුණු තවත් දායකත්වයක් නම් සංරක්ෂණ ප‍්‍රයෝගයන් විවරණය කිරීමයි.බාහිර පරිසරය හා ඊගෝ අතර සිදුවන යතාර්ථවාදී නොවන ක‍්‍රියා සංරක්ෂණ ප‍්‍රයෝගයන්ය. මිනිසා සංරක්ෂණ ප‍්‍රයෝගයන් යොදා ගන්නේ කාංසාවෙන් අත්මිදීම සඳහාය. ෆ්‍රොයිඞ්ට අනුව සෑම අසාමාන්‍ය චර්යාවකටම මුල්ම හේතුව කාංසාමය තත්වයකි.

ෆ්‍රොයිඞ්ගේ මනෝලිංගික (ළමා* සංවර්ධන අවධි



මුඛ අවධිය

            උපත ලබා පළමු වසර ගෙවනතෙක් දරුවාගේ මනෝලිංගික ආශයන් ක‍්‍රියාත්මක වන්නේ මුඛය කේන්ද්‍රය කරගෙනයි. මේ අවධියේදී දරුවාගේ සුඛ වේදනයන්ද ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රධාන වශයෙන් මුඛය කේන්ද්‍ර කරගෙනයි. මුඛ අවධියේදී සම්පූර්ණයෙන්ම පාහේ මව හෝ උපස්ථායිකාව මත රැුෙක්‍ෂන්නට සිදුවේ. මව හෝ උපස්ථායිකාව විසින් දරුවා නොසලකා හරිනු ලැබීම හෝ සීමාව ඉක්මවා ආරක්ෂා කිරීමද පසු කාලීනව අසාමාන්‍ය චර්යා වර්ධනය වීමට හේතු වේ.



පායුක අවධිය

පළමු වසර අවසන් වීමෙන් පසු ශරීරයේ ප‍්‍රධාන මනෝ ලිංගික කලාපය පායුකය හෙවත් ගුදය වෙතට සංක‍්‍රමණය වේ. එතැන් සිට තුන්වන වර්ෂය තෙක් පායුක අවධිය ක‍්‍රියාත්මක වේ. මේ අවධියේදී සුඛවේදනයන් ක‍්‍රියාත්මක වන්නේ මළපහ කිරීමේ ක‍්‍රියාවලිය තුළිනි.ළමයාට මළපහ කිරීමේ පුහුණුවක් ලැබීම මෙම අවධියේ සිදුවන වැදගත් සිදුවීමකි. ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ළමයා ලබන පළමු පාඩම සහ පුහුණුවත් මෙයයි. මෙතෙක් කල් නිදහසේම ක‍්‍රියාවලිය සිදු කළ ළමයාට මෙම අවධියේදී කිසියම් පිළිවෙලකට යටත්ව මෙම ක‍්‍රියාවලිය සිදු කිරීමට සිදු වේ.



ලිංගරුප අවධිය

උපතින් පසුව හතරවන හා පස්වන වසරවලදී මනොලිංගික ආශයන් තමාගේ ලිංග කලාපය වෙත සංක‍්‍රමණය වේ. මෙය ලිංග රූප අවධිය නමින් හඳුන්වන්නේ එබැවින්ය. මෙම අවධ්යෙදී ඔවුන් මව සහ පියා වෙනස් ලිංගිකයන් ලෙස හඳුනා ගනිති. එවිට මව සහ පියා කෙරෙහි ගැහැණු ළමයා සහ පිරිමි ළමයා එකිනෙකට වෙනස් ආකල්ප දක්වන්නට පටන්ගනී. ඊඩිපස් ඉලෙක්ට‍්‍රා සංකීර්ණය ඇති වන්නේ මේ අවධියේය. ඊඩිපස් සංකීර්ණය පිරිමි ළමයා විසින් ජය ගත යුතු අභියෝගයකි. ඊඩිපස් සංකීර්ණය නිසි පරිදි ජය ගත නොහැකි වීම අනාගත අසාමාන්‍ය චර්යා රාශියකට හේතු වේ.





සැඟවුණු/නිලීන අවධිය

            සැඟවුණු/නිලීන අවධියදළ වශයෙන් වයස අවුරුදු පහෙන් පසුව පිරිමි ළමයාගේ මෙන්ම ගැහැණු ළමයාගේද මනෝලිංගික ක‍්‍රියාකාරකම් තාවකාලිකව සැඟවී යයි. මෙම අවධිය වයස අවුරුදු දොළහ පමණ වන තෙක් පවතී. මේ කාලයේදී පෞරුෂ සංවර්ධනයේ වැදගත් වෙනස්කම් කිහිපයක් සිදුවේ. මෙම අවධියේදී සිදුවන ඉතා වැදගත් කරුණ නම් ළමුන් ශීඝ‍්‍ර කායික හා බුද්ධි වර්ධනයක් ලැබීමයි.



ප‍්‍රජනන ලිංගික අවධිය

            ළමයාගේ වැඩිවිය පැමිණීම සිදුවන නව යොවුන් වියේදී ප‍්‍රජනන ලිංගික අවධිය ආරම්භ වේ. මෙම අවධිය ඉහත සඳහන් අවධීන් වලට වඩා වෙනස්ය. ඔවුන්ගේ ලිංගික ආශයන්ට ප‍්‍රජන ශක්තිය ලැබෙන්නේ මෙම අවධියේය. මෙනිසා ඔවුන් තම ලිංගික ආශයන් තෘප්ත කර ගැනීම පිණිස ප‍්‍රථම වරට විරුද්ධ ලිංගිකයන් වෙත යොමුවීම සිදුවේ.පුද්ගලයාගේ ජීවිතයේ දීර්ඝතම මනෝලිංගික අවධියද මෙයයි.මනෝචිශ්ලේෂණ වාදයේ ඇති මුලික අංග මෙලෙස හඳුනාගත හැකිය.







මනොවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය යටතේ මාධ්‍ය පඨිතයක් විචාරාත්මකව විමසීම



රිචඞ් පැට‍්‍රික් පවසන ආකාරයට ජනමාධ්‍යට අයත් දේ ජෛව ප‍්‍රජාවක් සේ ක‍්‍රියාත්මක වේ.  එමෙන්ම මාධ්‍ය යනු නිෂ්ක‍්‍රිය තත්ත්වයක් නොවේ. මාධ්‍ය තුළ නිරන්තරන්ම ක‍්‍රියා හා අන්තර් ක‍්‍රියා සිදුවේ.  ඒ අනුව මාධ්‍ය ග‍්‍රාහකත්වය නිරන්තරයෙන්ම සංදේශ ලබාගනී. එම ග‍්‍රාහකත්වය තුළ විවිධ මානසික මට්ටම් පවතී.  එමෙන්ම ඇතැම් පාර්ශව තුළ යම් ආකාරයකට සමාන මානසික මට්ටම් පවතී. විශේෂයෙන්ම අලෙවිකරණ සන්නිවේදනය  තුළ භාවිතාවන ”ඉලක්කගත පිරිස”  මෙහිදී නිදසුන් ලෙස ඵක්විය හැකිය. එමෙන්ම මාධ්‍ය අන්තරගතය තීරණය කිරීමට එම එම ආයතනවල හිමිකාරිත්වයේ මානසිකත්වය පිළිබඳවද අවධානය යොමුකළ යුතුය. 



සංහතික මාධ්‍ය සමාජ වගකීමෙන් ඔබ්බට ගොස් ආර්ථික ක‍්‍රියාවලිය දක්වා අවතීරණය වී තිබේ. ඒ මෙහිදී වාදී වධයෙන්ම සන්නාම ප‍්‍රවර්ධනය උදෙසා වාදී ප‍්‍රවනතාවයක් ලබා දේ. ඒ සදහා අවශ්‍ය  කරන මානසික නැඹුරුව ලබා ගැනීම සඳ මාධ්‍ය ආයතන දැඩි වෙහෙසක් දරයි. කෙසේ වෙතත් මාධ්‍ය පඨිතයක් වශයෙන් ”වෙළඳ දැන්වීම්” ශානරය නිදසුන් කරගනිමි.



”රදැල්ල ජුවලරි” ආයතනය මගින් සිය රන්භාණ්ඩ සඳහා ප‍්‍රචාරයක් ලබාදීමට ”විවාහ යෝජනාව” නමින් වෙළඳ දැන්වීමක් නිර්මාණය කළේය. මෙම වෙළඳ දැන්වීම නිර්මාණය කළ ආයතනය මනෝ විශ්ලේෂණවාදය හෝ නොදැන භාවිතා කර තිබේ.



”වෙළඳ දැන්වීම යනු තමන්ට අතවශ්‍ය නොවුවද අත්‍යවශ්‍යතාවය යන හැඟීම මිනිසුන් දීත් තුළ උපදවා මුදල් වියදම් කරලීමේ කලාවකි.” 

                                                                                               -            විල් රොජර්ස් -

වෙළඳ දැන්වීමක මගින් නිරන්තරයෙන්ම ශුන්යතාවයක් නිර්මාණය කරයි. අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කරන සාධක කෙතරම් පැවතියද තමන් සතුව යම් දෙයක් නොමැතිය යන මතය නිරන්තරයෙන් නිර්මාණය කරයි. 



ස්ටෙෆාන් ලිකොන් පවසන ආකාරයට වෙළඳ දැන්වීම් මිනිස් බුද්ධිය අත්අඩංගුවට ගරන මුදල් වියදම් කිරීම උදෙසා මැවුණු විද්‍යාවක් ලෙස අර්තදක්වයි.  මිනිසාට අවශ්‍ය කරන මිනිසාගේ සියලූ‍ම වුවමනාවන් විකිනීමට තිබේ යන අදහස නිර්මාණය කරන ආකාරය දැකගත හැකි ය.  රදැල්ල ආයතනය සිය දැන්වීම සඳහා යොදාගත් සංකල්පය විවහා යෝජනාවකි. එම විවාහ යෝජනාව ඉදිරිපත් කරන්නේ පියා විසින් සිය දියණියටය. දියණිය සිය මෝටර් රථය පදවමින් සිටී. පිටිපස අසුනේ සිටින අගේ මව එම සංවාදයට ඉතාමත් ආශාවෙන් සවන්දෙන බව දැක්වෙන

දර්ශන එහි අත්රගත කර ඇත. මෙන්ම කතා නායිකාවගේ සොයුරියක පිටුපස අසුනේ අසුන්ගෙන සිටින බවද දැක්වේ.

ප්‍රොයිඞ්ට අනුව දියණියකගේ යටි සිතෙහි සිට පියා වෙනුවෙන් දැඩි ඇල්මක් පවතී. එය ඉලෙක්ට‍්‍රා සංකීර්ණය ලෙස හඳුන්වයි. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේදී ” දියණිය සිය පියාට වඩාත් සමීප බව” දක්වයි. මෙම සංසිද්ධිය මනොවිශ්ලේෂණවාදයට අනුව විරුද්ධ ලිංගිකයන්ගේ අකර්ශනයකි.  ඒ අනුව පිරිමි දරුවෙකු වඩාත් ආකර්ෂණය වන්නේ සිය මවට ය. එය ඉඩිපස් සංකීරණය ලෙස හඳුන්වනු ලබයි. මෙම

සබඳතාවය මානව උපයෝගී කරගනිමින් මුල්ම සංවාදය ගොඩනගයි. කෙසේ වෙතත් චර්යවාදී මනෝ විද්‍යාවට අනුව පරපුර පවත ඒමද චර්යාවක ප‍්‍රතිපලයකි. එහෙත් මනොවිශ්ලේෂණ වාදයට අනුව එය ලිංගික ආශාවන් සංතෘප්ත කිරීමකි. කෙසේ වෙතත් මෙය ජනතාවන විට නිර්මාණය වනුයේ වඩාත් මානුෂිය සංකල්පයක් වශයෙනි. ඒ අනුව පේ‍්‍රක්ෂකයා මෙම දෙබස් වෙත වඩාත් ආශාවෙන් යොමු වේ.



සිය පියා එලෙස විමසීමෙන් පසුව එම දියණිය මෙලෙස පවසයි.

” අනේ මම දැන්ම ඔව්වට කැමති නෑ තාත්තේ”

එම ප‍්‍රකාශය තුළ මම ”ඔව්වට කැමති නෑ” යන්න තුළ නැගෙන අර්ථය සන්ධිග්ධ වේ. එම සන්දිග්ධටහ්වය එලෙසම පවත්වාගෙන් යන්නට ඉඩ හැර මවගේ දෙබසක් ඉදිරිපත් කරයි.  එහිදී මව විසින් විධානයක් නිකුත් කරයි.

”ඔන්න ඔන්න දුව ඔන්න ඔතනින් පොඞ්ඩක් නවත්වන්නකෝ”

ඉලෙක්ට‍්‍රා සංකීරණයට අනුව  මව හා දියණිය සිය අයිතියට නතු කරගැනීමට උත්සහ කරයි. මවගේ මෙම ප‍්‍රකාශයෙන් පසුව

” මෙතනින් ?”

ලෙස ප‍්‍රශ්න කරයි.  එහිදී නැවතත් මව සිය මතය තහවුරු කරන ආකාරයට මව යළිත් ප‍්‍රකාශයක් කරයි. එය කෙටි පිළිතුරකි.

”ඔව් ඔව්”

ලෙස ප‍්‍රකාශ කරයි. 

ඉන් පසුව ”රදැල්ල ජුවලරි” යන නාමය ප‍්‍රර්ද්ජනය කරයි. මෙහි දැක්වෙන ආකාරයට මිනිසා ස්වභාවයෙන්ම කුතුහලයෙන් පිරි ජීවියෙක් ය යන්න ඉතාමත් සිතුම් ලෙස ප‍්‍රදර්ශනය කර ඇත. එමෙන්ම ප්‍රොයිඞ්ට අනුව මිනිසාගේ මනසේ ”ඉඞ්” යන්නෙහි ක‍්‍රියාකාරිත්වය මානව දක්වයි. මවගේ ”ඔව් ඔව්:” යන ප‍්‍රකාශය ඊට කදිම නිදසුනකි. එහිදී

තම අරමුණ ඉටිවන තාක් එම අරමුණ වෙනුවෙන් කටයුතු කිරීමක් දැකගත් හැකි ය. මෙය ඉතා සංයමයෙන් ඉටුකරගැනීම සඳහා ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රිය වචන භාවිතා කිරීම සිදු කරයි.



කෙසේ වෙතත් ඉන් පසු දර්ශන වලදී එම ආයතනය තුළ පවතින නිෂ්පාදන සම්බන්ධයෙන් රූප රාමුකිහිපයක් පෙන්වයි. මෙමගින් මිනිසා තුළ පවතින ආශාව පිලිබඳ සිද්ධාන්තය වර්ධනය වීමක් සිදු වේ. ස්වර්ණාභරණවල දර්ශන පෙන්වන අතරම සුරූපී තරුනියද පෙන්වීමට වගබලාගනී.  ඒ අනුව අයෙගේ මුහුණේ ඉරියව් මානව ප‍්‍රදර්ශනය කරයි. එම ආයතනයේ එක් සේවිකෙඅක් මෙම කතා නායිකාවට ස්වර්ණාභරණ පළඳවන අතර මෙලෙස විමසයි.

”මිස්ගේ වෙඩින් එකටද?”

ඒ සැනින් කතා නායිකාවගේ මව

”ආ මේ වෙඩින් ජුවලරිද ?” ලෙස පවසයි.

මෙමගින් ජනතාවගේ මනස තුළ යම් අසරණ භාවයක් හට ගනී. එමෙන්ම දියණිය කෙරෙහි යම් අවෙගශීලි බවක් ද මව්පියන් කෙරෙහි යම් අසරණ කමක්ද නිර්මාණය කරයි. එන් පසුව ආයතන සේවිකාව  ”ඔව් මැඩම්” යනුවෙන් ප‍්‍රකාශ කරයි. නැවත මව සිය මතය ප‍්‍රකාශ කරයි. මෙහිදී කතා නායිකාවගේ පෞර්ෂය බිඳී යයි.

මව මෙසේ පවසයි

” අපේ දුව දැන්ම බඳින්න බහ කියනවනේ”



සිය දියණියගේ පුද්ගලිකත්වය වෙනත් පාර්ශවයක් ඉදිරියේ නිරාවරණය  කිරීම මෙහිදී සිදුකෙරේ. එය ග‍්‍රාහකයන් තරමක් අනුකම්පා සහගත ලෙස දැකීමට හැකියාව පවතී. එහෙත් පුද්ගල පෞර්ෂය අතින් ගත කළ එම අවස්ථාවේ සිදුවන්නේ සිය දියණිය කෙරෙහි වක‍්‍ර ලෙස හැඟීම් උපයෝගී කරගනිමින් සුදුකරන බලපෑමකි. එම අවස්ථාවේදීම සිය පියා විසින් සිය දියණිය පත්ව සිටින අපහසුතාවයෙන් වලක්වාගැනීමට මෙලෙස ප‍්‍රකාශ කරයි. මේ තුළ භාවිතා වන්නේ ඉලෙක්ට‍්‍රා සංකීර්ණය ලෙස මනොවිශ්ලේෂණ වාදී න්‍යායට අනුව අර්ථගැන්විය හැකිය. 

 ” හරි හරි බඳින දවසට  බාලමුකෝ නේද පුතේ ඈ”

ලෙස පියා විසින්  පවසයි. කෙසේ වෙතත් ඉන් පසුව එම ආයිත්තම් ඉවත් කිරීම එම සේවිකාව විසින් සිදු කරයි.

මෙම සංසිද්ධිය මගින් ඇතැම් ග‍්‍රාහක පිරිසකගේ  විවහපත්විමට පවතින පෙළඹවීම යම් දුරකට ඇති වේ. එමෙන්ම සිය දෙමව්පියන් කෙරෙහි පවතින ආකල්පය පැහැදිලි කරගැනීමක් සිදුවේ. ඉන් පසු දර්ශනයේ මගින් ඇය යම් කනස්සල්ලක සිටින බවක් පෙන්වයි. නැවතත් කතා නායිකාව සිය අදහස පියා මෙලෙස ප‍්‍රකාශ කරයි.



”මොකක්ද තාත්තා මිස්ටර් සිල්වාගේ පුතාගේ නම කිව්වේ ?”

මෙම ප‍්‍රකාශය මගින් විවහට පවතින ආශාව, ස්ත‍්‍රියක් සතුව මනාලියක් වීමට පවතින ආශාව ආදීය, පියාගේ යෝජනාවට යටි සිතින් පවතින ආශාව ආදිය මනාව ප‍්‍රදර්ශනය කරයි. 



ලැකාන්ට් අනුව විවාහ යෝජනා, විවාහය සංස්කෘතිය යනාදිය ”මහා අනෙකාගේ” ක‍්‍රියාවලියකි.  මහා අනෙකා නිරන්තරයෙන්ම මිනිසාගේ මනස පාලනය කිරීම සිදු කරයි.  මෙහිදී මහා අනෙක යනුවෙන් හඳුන්වනු ලබන්නේ සමාජය පාලනය කිරීමට පවතින යහපත් පාලන නීති රීතින් ය . ඒ අනුව මධ්‍යයේ වගකීම නම් මහා අනෙකා රැුකගැනීමය. එහෙත් මාධ්‍ය සංදේශ සම එකකින්ම එලෙස නොවේ. වෙළඳ අරමුණු උදෙසා මාධ්‍ය



ක‍්‍රියාත්මක වන අවස්ථාවකදී මහා අනෙකාගේ සිරක්ෂිත බව විහිළුවකි. කෙසේ වෙතත් මහා අනෙක රැුක ගැනීමට යම් ආකාරයක ක‍්‍රියාකාරිත්වයක් මාධ්‍ය තුළ දැකගත හැකිය.



මනෝවිශ්ලේෂණ මාධ්‍ය විචාරයට අනුව ග‍්‍රාහකයා පැන්ටසිය තුළ ජිවත් වීමට දැඩි ප‍්‍රියතාවයක් දක්වයි. ඊට හේතු ලෙස සමාජය තුළ වත්කම් නිසි පරිදි නොපැවතීම, අසමානතාවය ආදිය දේශපාලනික වශයෙන් ගත හැකිය. ප‍්‍රධාන වශයෙන් ඇතැම් දාර්ශනිකයන් සමජ විද්‍යාව හඳුන්වනුයේද ආර්ථිකයෙන් හා දේශපාලනයෙන් පිඩාවට පිළිසරණ වීම සමාජ විද්‍යාව මගින් සිදුවන් බවය. එහි මානසික පැවැත්ම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මනෝවිද්‍යාව වේ. මෙම දැන්වීමට අනුව එය මනාව ක‍්‍රියාත්මක වේ.



මෙම මාධ්‍ය පඨිතය තුළ යොදාගෙන ඇති වර්ණ දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ එම වර්ණ ඉතාමත් චාම් වර්ණ සංයෝජනයක් යොදාගෙන ඇති බවයි. සඳහා නිල පැහැය, දම් පැහැය හා රත්රන් පැහැයට වාදී ඉඩක් ලැබෙන ආකාරයට එහි වර්ණ සංයෝජනය යොදාගෙන ඇත. ඒ අනුව මනස දැඩි අයසයකට පත් නොකර වඩාත් හොන්දින එම අරමුණ ග‍්‍රාහක ගත කිරීමට උත්සහ ගෙන ඇත. මෙමගින් ග‍්‍රාහකයාගේ මනසේ පවතින වර්ණ පිලිබඳ දක්වන ඇල්ම මානව වටහාගෙන ඇත. එමෙන්ම මෙහි එන කතා නායිකාව පැළඳ සිටින ඇඳුම රන්වන් පැහැය සහිත ඇඳුමකි. එම ඇඳුම මගින් එම කාන්තාවගේ සුන්දරත්වය මනාවට දක්වයි. මෙම මධ්‍ය පටිතය නරඹන ග‍්‍රාහකයා අගේ රු ස්වාභාවය් කෙරෙහිද අවධානය යොමු කරයි. ඒ අනුව වෙළඳ දැන්වීම කෙරෙහි පවතින ආකර්ෂණය වාදී කිරීමට උතසහ ගෙන ඇත. එම සංසිද්ධිය මනෝ විශ්ලේෂණ වාදයේ එන යටි සිත තුළ තැන්පත්ව පවතින අවරෝධනය කළ ආශාවන් වෙතට කරන ආමන්ත‍්‍රණයකි. 

ප‍්‍රයෝගික ලෙස ගත්කල වෙනත් කටයුත්තක් සඳහා ගමන්ගන්න අවස්ථාවක නිකමට මෙන් ජුවලරි සාප්පුවකට ගොඩ වන්නට සාමාන්‍ය ජනතාවට හැකියාවක් නොමැත. ඒ අනුව මෙම දැන්වීම ඉලක්ක කරනුයේ මිල මුදල් යහමින් පවතින පැලැන්තියක් වෙතය. එය ගමන් ගන්නා රථය, භාවිතයට ගන්න භාෂාව ඇඳුම් පැළඳුම් යනාදියෙන් මනාව දක්වයි. මෙහෙදී අනිච්චනුවකව තවත් දෙයක් තවත් එක් සංඛේතයක් යොදා ගැනීම සිදුවේ. එනම් කතානායිකාවගේ  නැගණියයි. එමගින් මුළු පවුලටම මෙම ආයතනයෙන් රන්භාණ්ඩ මිලට ගැනීමට

 හැකියාව පවතින බව ප‍්‍රකාශ කරයි. ඒ අනුව මෙම මාධ්‍ය සංදේශය සමාජය වෙත බලපෑමක් කිරීමට හැකියාවක් සහිත මාධ්‍ය සන්දේශයක් ලෙස දැකිය හැකිය.

එමෙන්ම මෙම සංදේශය නරඹන ඇතැම් පාර්ශවයන්ගේ මනසට යම් පිඩාවක් ඇතිවේ. මන්දයත් සමාජයේ ඇතැම් පිරිස් ජිවත්වන ආර්ථික තත්ත්වය මීට බලපානු ලබයි. මෝටර් රථයක් මිලදී ගැනීම, ස්වර්ණාභරණ මිලදී ගැනීම යන ඇතැම් පුද්ගල කණ්ඩායම්වලට සිහිනයකි. එහෙහ්ත් මෙම දැන්වීම නරඹන තවත් පිරිසක් මෙයට වශීකෘත



 වේ.  එම පිරිසට මිල මුදල් යහමින් පවතී.  එමෙන්ම දැන්වීමේ නොසිටින මිස්ටර් සිල්වාගේ දරුවා උපාධියක් ආර්ථික විද්‍යා උපාධියක් හිමි අයෙකු බවද ප‍්‍රකාශ වේ. එමගින්  ඇතැම් ග‍්‍රාහක චෛතසික තුළ යම් කනස්සල්ලක් ඇතිවේ. ඒ අනුව එම දැන්වීම යම් තරමක අසාර්ථක භාවයක් උසුලයි. 



මෙම දැන්වීම මගින් ග‍්‍රාහකයාගේ මනස තුළ යම් ආකාරයක උත්තේජනයක් ඇතිකිරීමක් ද දැකගත හැකිය. නිදසුන් ලෙස ගතහොත් ස්වර්ණාභරණ, මෝටර් රථය, උපාධිය ආදී සංකල්ප පිලිබඳ ආශාවක් මිනිස් මනස තුළ ඇතිවීමට හැකියාව පවතී. මෙම දැන්වීම නරඹන ග‍්‍රාහකයාට එම අරමුණු ඉටිකරගැනීමට හැකියාවක් නොපවතිනවා නම් තම දරුවන් ලවා හෝ එම අරමුණ ඉටුකර ගැනීමට උත්සහ ගනී.

මනෝ විශ්ලේෂනවාදය මේ වනවිට සංශෝධන තුනකට ලක්ව පවතී. ඒ අනුව ප‍්‍රථම සංශෝධනය ලෙස කාල්  යුං, අඞ්ල්ර් හා රික් වැන්නවුන් අතින් සිදුවිය. එමෙන්ම දෙවන සංශෝධනය ෆ්‍රොයිඞ් මිය යාමෙන් අපසුව ද ඉන් අනතුරුව එරීක් ෆාම් හැරී සුලිවන් හා කැරන් හෝනි වැන්නවුන් අතින් තවදුරටත් සංශෝධනයන්ට ලක් විය. කලකදී විඥානය තුළ පවතී බාල අධිකාරිය පසෙකට දමමින් පෞර්ශයිය සමාජීය හා අන්තර් පුද්ගල සබඳතාවල වැදගත කම වැදගත් පෙන්වා දුන්නේය. මේ අනුව අප සතුව පවතින මාධ්‍ය සංදේශය විග‍්‍රහ කිරීමේදී එම සදේශය තිළ පවතින්නේ එවැනි සබඳකම්වලින් සැදුම් ලත් පද්ධතියක් වශයෙන් දැකගත හැකිය.   



මෙම වෙළඳ දැන්වීමවිකාශනය වාන කළ සිමාව තුළ භාවිතා කර ඇති නිර්වචික සන්න්නිවේදනයද මෙහිදී ඉතාමත් වැදගත් ය. ඒ අනුව එම නළුනිළියන්ගේ මුහුණේ ඉරියව් මගින් ප‍්‍රබල සන්නිවේදනයක් ගෙන ඒමට උත්සහ දරා ඇත.  ඒ අනුව් ග‍්‍රහකයට මෙම සිදුවීම හුදු නිර්මාණයක් බව වැටහීමට ඉඩ නොතබන ආකාරයට මනාව නිර්වචික සන්නිවේදනය භාවිතාකර ඇත. මෙහි පවතින තරුණිය බටහිර සංස්කෘතිය වෙත යම් නැඹුරුවක් පවතින බව අයගේ ඇඳුම් විලාසිතාවෙන් දක්වයි.  විශේෂයෙන්ම ඇය එම අවස්ථාවේ බටහිර මනාලියක මෙන් වේෂ නිරුපණය කර ඇත. එමගින් අවිඥානිකව ග‍්‍රාහක මනසට ඇතුලත් කරනුයේ, මනස සැකසෙන හා අරමුණ ඉටුවන එකම ආයතනය රදැල්ල ජුවලරි ආයතනය බවයි.  

        සමස්තයක් වශයෙන් මෙම වෙළඳ දැන්වීම ආයතනික වශයෙන් සාර්ථක මාධ්‍ය පටිතයකි. එමෙන්ම ඉතාමත් සියුම් ලෙස මානව බැඳීම් හා මනෝ විශ්ලේෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති බව වටහා ගත හැකිය.  කෙසේ වෙතත් වටහා ගත යුතු තාව්ත් කරුණක් පවතී. එනම් මෙම සන්දෙශයම තවත් විචාරක මත ගණනාවක් ඔස්සේ විග‍්‍රහ කරීමට හැකියාව පවතින බවය. ඒ අනුව අවශ්‍ය නම් මෙම මතය



මාක්ස් වාදී මාධ්‍ය විචාරය         සංඥාර්ථ වේදී මාධ්‍ය විචාරය

සමාජ විද්‍යාත්මක මාධ්‍ය විචාරය   බහුප‍්‍රකර මාධ්‍ය විචාරය

සභ්‍යත්මක මාධ්‍ය විචාරය          ව්‍යුහවාදී මාධ්‍ය විචාරය

පශ්චාත් නුතන වාදී මාධ්‍ය විචාරය

වැනි විචාර මත ඔස්සේ විචාරයට ලක් කිරීමට හියව පවතී.

එමෙන්ම මාධ්‍ය විචාරයේ ත‍්‍රිත්ව එකියත්වය යන සාධකය මත පිහිට ද විචාරයට ලක් කිරිමට හැකියාව පවතී.











ආශ‍්‍රිත ග‍්‍රන්ථ

එදිරිසිංහ දයා (1998*, ”මනෝවිද්‍යාව, ගුරුකුල සහ මනෝවිද්‍යාඥයෝ”, තරංජි ප‍්‍රින්ට්ස්, හයිලෙවල් පාර, නාවින්න, මහරගම.

කංකානම්ගේ සුගත් (2005*, ”පෞරුෂ වර්ධනය”, අස්ලිය ප‍්‍රින්ටර්ස්, කුරුණෑගල.

කොඩිකාර පසන් (2002*, ”මනෝවිශ්ලේෂණ ප‍්‍රවේශය - දේශන සිග්මන්ඞ් ප්‍රොයිඞ්”, දර්ශන පැතුම් මුද්‍රණාලය, නො:107, කඩුවෙල පාර, බත්තරමුල්ල.

බණ්ඩාරනායක අභය (1999*, ”මනෝවිද්‍යා ප‍්‍රවේශය”, සාර ප‍්‍රකාශන හා මුද්‍රණ, නො:94/1, අතුරුගිරිය පාර, කොට්ටාව.



මුලාශ‍්‍ර
http(//gimanniwananimthera'blogspot'com/2014/07/3'html

හේවගේ සුජිත් නිශාන්ත, සංජානනය නුතන විග‍්‍රහය (2016 * ප‍්‍රථම මුද්‍රණය, වැල්ලම්පිටිය

එදිරිසිංහ දයා, මනෝවිද්‍යාව ගුරුකුල සහ මනෝවිද්‍යාඥයෝ. 2017 තෙවන මුද්‍රණය, නාවින්න

S. Raber Author and S. Raber Emily,  Dictionary of Psycholigy 3rd edition 2001, London

අනුරුද්ධ සේනාධිලංකාර 

No comments:

Post a Comment

ලස්සනට ඉන්න

 කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙ...