ආදරය යනු අතහැරීමක්ද?
මිනිස්සු සූර්යයාගෙන් සිසිලස ඉල්ලනවා. චන්ද්‍රයාගෙන් රස්නේ ඉල්ලනවා. තරුවලින් සීතලයි රස්නෙයි
දෙකම ඉල්ලනවා.කොහොම හරි මේ දේවල් ලබාගන්න උත්සහකරනවා. මිරිගුව පස්සේ දුවල දුවල කොච්චර හති
වැටුනත් කොහොම හරි ඒ දේවල් ලබාගන්නවා කියල තව තවත් වෙහෙසෙනවා.වෙහෙසිලා හොයාගන්න දේ
වටිනවා තමයි. ඒ දේ අමුතු රහක් තියනවා තමයි. නිකන්ම දෙයක් ලැබෙනවට වඩා මහන්සියෙන් හොයාගන්න
දේ වටිනවා ඒකත් හරි කියමුකෝ.වෙලාවකට ආදරයත් මේ වගේ කියලා හිතෙනවා.
හිතාගන්නත් බැරි විදියට ආදරේ තමුන් ළඟටම පැමිණෙන අවස්ථා නැතුවම නොවෙයි. එහෙම වුනත්
ගොඩක් දුරට අපිට අහන්න දකින්න ලැබෙන්නේ ආදරේ නිසා දුක් වෙන තැවෙන පිච්චෙන හදවත් තියන අය.
තමුන් ආදරය කරන කෙනා තමුන්ව එපා කියද්දීත් ඒ කෙනා තමුන්ව ප‍්‍රතික්ෂේප කරද්දීත් නිතර නිතර ඇවිටිලි
කරමින් පසුපස යන පිරිස් කොතරම් නම් ඉන්නවද? සමහර වෙලාවට මෙය පේ‍්‍රම පරීක්ෂාවක් වෙන්නත්
පුළුවන්. වර්තමානයේ දී නම් එවැනි පරීක්ෂණ සිදුකලාට වරදක් නැත. වංචාවෙන් ජීවත්වෙන් අරමුණු
වෙනුවෙන් තම බොහෝ දේ කැප කරන යුගයක් එළඹී අවසන් නිසා එහි වැරද්දකුත් නෑ. ආදරය කියන්නේ
පසුපස ගොස් බලෙන් ලබාගන්න දෙයක්ද?මේ දේවල් තේරුම් නොගෙන් නොගෙන තමන්ගේ තියන දුරවලකම්
හදාගන්නේ නැතුව ලෝකයට නිගරු කරමින් තමුන් ආදරය කළ අයට හෝ කෙනාට නිගරු කරමින් ජිවත් වන
කොතරම් නම් අය සමාජයේ ජිවත්වනවද?මොකක්ද මේ කියන ආදරේ කියන්නේ?
නීති රීති ගොඩක් හදාගෙන ඒ නීති රීතිවලින් තමින්ම දඬුවම් විඳින අසරණ මිනිසුන් සමාජයේ ජිවත්
වෙනවා.සමාජය යහපත් වෙන්නට ස්වයං නීති ටිකක් ඕන තමයි. ඒක තීරණ වෙන්නෙ තමුන් කව්ද කියන එක
මත. බොහෝ දුරට නීති රීති සමුදායක් හදාගන්නේ තමුන්ට තමුන්ව පාලනය කරගන්නට අපහසු නිසයි. ඔබ
ආදරය කරන කෙනාට නීතිරීති දන්නේ ඇයි? පාලනය කරන්නද? එතරම්ම අවිශ්වාසද? අපැහැදිලි දේවල්
නොතේරෙන දේවල් පැහැදිලිකරලා දෙන්න වගේම සිදුවුණු වැරදි හදාගන්න ආදරයට නීති රීති අවශ්‍යද?ආදරය
කියන්නේ නීති රීතිවලින් පිරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොවේ.
නීති රීති ගොඩක් හදාගෙන ඒ නීති රීතිවලින් තමින්ම දඬුවම් විඳින අසරණ මිනිසුන් සමාජයේ ජිවත්
වෙනවා.සමාජය යහපත් වෙන්නට ස්වයං නීති ටිකක් ඕන තමයි.ඒක තීරණ වෙන්නෙ තමුන් කව්ද කියන එක
මත.බොහෝ දුරට නීති රීති සමුදායක් හදාගන්නේ තමුන්ට තමුන්ව පාලනය කරගන්නට අපහසු නිසයි.ඔබ
ආදරය කරන කෙනාට නීතිරීති දන්නේ ඇයි?පාලනය කරන්නද?එතරම්ම අවිශ්වාසද?අපැහැදිලි දේවල්
නොතේරෙන දේවල් පැහැදිලිකරලා දෙන්න වගේම සිදුවුණු වැරදි හදාගන්න ආදරයට නීති රීති අවශ්‍යද?ආදරය
කියන්නේ නීති රීතිවලින් පිරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොවේ.
ආදරය වෙනුවෙන් ලෝක ඉතිහාසය තුළ සිදු වුනු යුද්ධ පිළිබඳව අපි අහල තියනවා.ආදරය ලබා ගන්න
කරපු යුද්ධ වලින් යුද්ධ වලට සහභාගී වුනු කීදෙනෙක්ගේ අහිංසක කුරුළු කුඩු විනාශ වෙන්නට ඇතිද ?
දෙමව්පියන් දුදරුවන් පෙම්වතුන් පෙම්වතියන් කොච්චර දුකින් ඉන්න ඇතිද? අපි ඒ අය ගැන හිතුවේ නෑ නේද?
අපි හිතුවනම් එතරම් ධරුනු දේවල් කරයිද?ඇත්ත පෘතක්ජන මිනිසුන්වන අපිට එතරම් අවිහින්සවාදී නැත
”මං ඔය වෙනුවෙන් මේ හැම දේම කරන්නේ මං ඔයාගේ මේ හැමදේම ඔයාගේ ”මේ කෙතරම් නම්
ඇසෙනවද? ආදරය ලබාගන්න නොහැකි වූ විට ”ඔය මාව දාලගියේ දුප්පත් හින්ද මං ප‍්‍රසිද්ද නැති හින්ද වගේ
දේවල් කොච්චර ඇහෙනවද ? ඔහු හෝ ඇය ඔබ හැර ගියේ ඔබට ඒ කිසිවක් නැති නිසා නොවේ.ඔහු හෝ ඇය
හොයන ආදරය ඔබ තුල නොමැති නිසයි. ඒ ආදරය ඔබ තුල පැවතුනා නම් ඔබ කුමන තැනක සිටියද ඇය හෝ
ඔහු ඔබව තනිකරන්නේ නෑ.ඔබව හැර දා යන්නෙත් නෑ. එහෙම බලද්දී ආදරය වත්කම දේපල නිසා ඇතිවන
දෙයකුත් නොවේ. තමන් ආදරය කල කෙනා තමන් හැර ගිය විටක ඒ කෙනාගේ ජිවිතයට හානියක් කරන්න
තරම් ඇයි අපි ධරුනු වෙන්නේ? ආදරය කරන කාලේදී ගත් ඡුයාරූප අන්තර්ජාලයට මුදා හරිමින් සිදුකරන
ක‍්‍රියාවන් අනන්තයි අප‍්‍රමානයි.එමගින් සිදුවනුයේ පලිගැනීමක් නොවේද? ආදරය කියන්නේ පලිගැනීමක් ද?
ආදරය කියන්නේ එක විදියක අත්හැරීමකට.ඔබ ආදරය කරන්න .එහෙත් ආදරය බලාපොරොත්තු
වෙන්න එපා.ආදරය නිසා ජීවිතය නැතිකරගන්න උත්සාහ කරන්නත් එපා .ඔබට හැකිනම් ඔබ ආදරය කරන
කෙනා වෙනත් කෙනෙකු සමග විවාහ වනවිට ආදරය කල කෙනා සතුටින් නම් ඊට ආශීර්වාද කරන්නට ඔබ
ආදරය පිරිපුන් කොට ඇත. දෑත් මිටමොළවාගෙන මෙළොවට එන අපට මෙළොවින් නික්මෙන්ට වෙන්නේ
අතැගිලි දිගහැරගෙන. ආදරයට නිදහස දෙන්න. ඒ ආදරය ඔබට හිමි නමි එය ඔබට ලැබෙවි.
- Anuruddha Senadhilankara-
No comments:
Post a Comment