අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී සන්නිවේදකයෙකුට නිර්වාචික සංඥා පිලිබඳ අවබෝධය පැවතීමේ වැදගත්කම
අන්තර් සංස්කෘතික සන්නිවේදනය හැඳින්වීම
සංස්කෘතිය යනු ගතික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වේ. එනම් එය නොකඩවා වෙනස් වෙමින් පවතී. ලැබෙන ප්‍රතිපලය වුවද වෙනස්කම්වලට බඳුන්වේ. ඉංග්‍රීසි භාෂාවේ සංස්කෘතිය යන්න හැඳින්වීමට යෙදෙන වචනය ජමකඑමරු නම් වේ. එඞ්වඞ් ටයිලර් මානව හා සමාජ විද්‍යාඥයා දක්වන ආකාරයට සංස්කෘතිය යනු දැනුම ,ඇදහිලි , විශ්වාස ,කලාව, සදාචාරය ,නීතිය සිරිත් විරිත් හා සමාජයේ සාමාජිකයෙකු වශයෙන් විසින් සාක්ෂාත් කරගත් හුරුපුරුදු හා හැකියාවන් ඇතුලත් සංකීර්ණ සමස්තයයි. රැුල්ෆ් ලින්ටන් විසින් දක්වා ඇති පරිදි ,සංස්කෘතිය යනු සාමාජිකයන්ගේ ජීවන ක්‍රමයට එනම් ඔවුන් විසින් ඉගෙන එක්රැුස් කොට ගන්නා වූ බෙදාහදාගන්නා පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු අදහස් උදහස් වලට හා හුරු පුරුදු වලට ය. 1944 දී මානව විද්‍යාඥයින් මැලිනොව්ස්කි විසින් පෙන්වාදෙන්නේ සංස්කෘතිය යනු උපකරණ පාරිභෝගික ද්‍රව්‍ය විවිධ සමාජ සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ මානව සංකල්පනා, ශිල්ප, විස්වාස හා චාරිත්‍රයන් ගෙන් අනුබද්ධ සමස්තයය වශයෙනි.
අන්තර් සංස්කෘතිය යන සංකල්පය වර්තමානයේදී ඉතාමත් වැදගත් අංගයක් බවට පත්ව ඇත. මෙයද සංස්කෘතියේ කොටසකි. රිචර්ඞ් ඒ පොටර් හා ලැරී ඒ සැමුවර් පවසන ආකාරයට මෙම සංකල්පය මානව ඉතිහාසයේ ආරම්භය තෙක් ගමන්ගනී. මොවුන් වැඩිදුරටත් පවසන ආකාරයට සංදේශය එක් සංස්කෘතියක ද ග්රාහකයා වෙනත් සංස්කෘතියක්ද වනවා නම් එම සුදුවීම තුළ අන්තර් සංස්කෘතියක් හටගනී.
ජේන් ජැක්සන් අනුව(2014*ගේ මතයට අනුව ”:වෙනස් වූ සංස්කෘතික(හා නිතර වාග් විද්‍යාත්මක* පසුතලයෙන් එන ජනතාව අතරට අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා දායකවන පුද්ගලාන්තර සන්නිවේදනය”( පි372* අන්තර සංස්කෘතික සන්නිවේදනය වේ (සෙනරත්2018*.
රොජර්ස් සහ ස්ටෙයින් ෆැට් (1999* යන සන්නිවේදනඥයින් දක්වන පරිදි සංස්කෘතිමය වධයෙන් එක සමාන නොවන පුද්ගලයින් දෙපිරිසක් අතර තොරතුරු හුවමාරුව අන්තර් සංස්කෘතියක සන්නිවේදනයයි( (සෙනරත්2018*
ජාන්ඞ් (2010* සඳහන් කළ පරිදි විවිධ වූ ජනතාව අතර මුහුණට මුහුණලා සුදුවන අන්තර් ක්‍රියාවන් (පි36* බොහෝවිට අන්තර් සංස්කෘතික සන්නිවේදනය ලෙස හැඳින්විය හැකි ය (සෙනරත්2018*.
අන්තර් සංස්කෘතිය සන්නිවේදනය රටක අභ්‍යන්තර වශයෙන්ද භාහිර වශයෙන්ද ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව වැනි රටක පවතින සංස්කෘතිය විවිධත්වය හා සමාජීය වශයෙන් පවතින බහුවිධතාවය හේතුවෙන් මෙය අවශ්‍යම සාධකයකි. නව තාක්ෂණය, ගෝලීය ගැටුම්, ලෝක ව්‍යාප්ත පරිසර දුෂණය වැනි නොයෙක් සාධක මත මෙම සංකල්පය කෙරෙහි අවධානය වාදී වධයෙන් යොමු වි ඇත. මානව කේන්ද්‍රවාදය අනෙක් සංස්කෘතින් නොපිළිගෙන තම අනන්‍යතාවය තහවුරු කරගැනීමක් සිදුවුම ලෝකයේ දැකගත් හැකිය. එමෙන්ම අත්ථි භීතිකාව හේතුවේන් වෙනත් සංස්කෘති දෙස සැකයෙන් බැලීමක් ඇතිවීමට ඉඩකඩ පවතී. කෙසේවෙතත් විශ්ව ගම්මාන සංකල්පය තුළ මෙය ඉතාමත් අවධානම් සහගත දෙයකි.
කෙසේවෙතත් සංස්කෘතික වෙසන්කම ලෝකය පුරා පවතින සාධකයකි. යම් සංස්කෘතියක ජිවත් වන පුද්ගලයෙකුට වෙනත් සංස්කෘතියක් නිවරදිවම වශයෙන්ම වැටහ ගැනීමට හැකියාව ක් නොමැත. මිනිසා ස්වභාවයෙන්ම සමාජීය ජීවින් හා ඔවුන් තුළ පවතින කුතුහලය යන සාධකය මත වෙනත් සංස්කෘතීන් සමග සබඳකම් පැවැත්වීමට පවතින ආශාව අරුමයක් නොවේ. එමන්ම වර්තමාන ලෝකය එකිනෙකට විවරව පවතින නිසා යම් යම් කොන්දේසි මත වුවද වෙනත් සංස්කෘතීන් හඳුනාගැනීම ඉතාමත් වැදගත් දෙයකි.
ඒ අනුව අන්තර් සංස්කෘතික සන්නිවේදනය විෂය මගින් තම සංස්කෘතිය තුළ වාසය කරමින් වෙනත් සංස්කෘතික් පිලිබඳ අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය වපසරිය අධ්‍යයනය කරනු ලබයි.
සන්නිවේදකයාගේ කාර්ය
අප සැමදෙනාම කුමන හෝ සමාජයක අඩු වැඩි වශයෙන් සන්නිවේදකයන් ය. කෙසේ වෙතත් සන්නිවේදනය විෂය තුළ එන සන්නිවේදනය වෘතියක් වශයන් සමාජය වෙත ඉටුකළ යුතු කාර්යාං රැුසක් පවතී. සම්ප්‍රධායික සමාජය තුළ සන්නිවේදකයා රේඛිය වශයෙන් කටයුතු කළේය. ඇරිස්ටෝටල් ඉදිරිපත් කළ ”රේඛීය ආකෘතිය” එමෙන්ම ලස්වෙල් ඉදිරිපත් කළ ලස්වෙල් ආකෘතිය ආදියෙහි දැකගැනීමට ඇත්තේ එක් දිශාවකට පමණක් ගමන්ගන්නා සන්නිවේදනයකි. එමෙන්ම ඒවා එකමර්ගිකය. වර්තනමය වනවිට දනකට ලැබෙන්නේ ස්වයං සංහතික සන්නිවේදනයකි. මේ තුළ සංහතික මාධ්‍යවලට වඩා නව මාධ්‍ය වෙත අවධානය යොමුවේ. එහිදී සන්නිවේදනයේ යෙදෙන මොහොතේම ග්‍රාහකයෙකු බවට පත්වේ. මෙහිදී එක වරම සන්නිවේදකයා ග්රහයකයා සන්නිවේදකයා බවට පත්වන අතර නිරන්තර ප්‍රතිපෝෂණය දැකගත හැකිය.
සන්නිවේදකයා කුමන ආකාරයේ සන්නිවේදකයෙකු වුවද ඔහු සතු කාර්යා රැුසක් පවතී. එහිදී ආචාරධර්මීය භූමිකාව වැදගත් අංගයකි. සන්නිවේදකයා නිරන්තරයෙන්ම ආචාරධ්්රමයන් පිළිබඳව අවධානය යොමුකළ යුතුය. සන්නිවේදකයා යනු ක්‍රියාකාරී සමාජ ජීවියෙකි. ඔහු වෙත සමජය්ර් නිරන්තර අවධානය යොමු කෙරේ. කෙසේවෙතත් වර්තමානය වනවිට තාක්ෂණයේ පවතින පැතිරීම හේතුවෙන් ආචාරධර්මී කෙරෙහි වාදී අවධානයක් යොමුකළ යුතුය. සන්නිවේදන ආචාරධර්මී පද්ධති පවා නිර්මාණය වී ඇත්තේ සන්නිවේදකයා වගකිවයුතු පුද්ගලයෙකු නිසාය.
සන්නිවේදකයෙකු වශයෙන් මර්ගොපදෙෂකයෙකුගේ කාර්ය ඉටුකරයි. මාධ්‍ය ආයතන සතුව කුමන මතවාදයක් පැවතුනද සන්නිවේදකයා පවසන දේ ග්රාහකයාගේ අවධානයට ලක්වේ. යම් ආකාරයකට දොරටුපාලක සංකල්පය ක්‍රියාත්මක වුවද සන්නිවේදකයා ග්රාහකයාගේ මර්ගොපදෙෂකයෙකි. ග්රාහකයා සන්නිවෙදකයගෙන නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නේ ජනතාව වෙත නිවැරදි හා වගකීම් සහගත තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමය. එහිදී එම එම තොරතුර ඉදිරිපත් කරන ආකාරය තුළින් ග්රාහකයා තොරතුර වෙත පවතින ලැදියාව තීරණය වේ. එමෙන්ම සන්නිවේදකය ග්රාහකයන් නොමග යවන තට්ර්හ්ත්වයකට් අපත්වුවහොත් එය මුළු මහත් සමාජයටම සිදු කරන හානියකි. මෙයට නිදසුනක් වශයෙන් පුවත් නිවේදකයන් ගත හැකිය. කෙතරම් පුද්ගලයින් කුමනයන්ම් දෙයක් ප්‍රකාශ කළද පුවත් ඉදිරිපත් කරන්න දෙස සමාජය බලන්නේ ඉතාමත් වගකීම් සහගත ලෙසටය.
සන්නිවේදකයා පවතින භූමිකාව පිලිබඳ ඉතා ඉක්මනින් වටහා ගත යුතු පුද්ගලයෙකු විය යුතුය. කුමන යම් හෝ ස්ථානයක සිදුවෙන සිදුවීමක් සම්බන්ධයෙන් වුවද එය ඉවෙන මෙන් දැනගැනීමට හැකියාව ඔහුට පැවතිය යුතුය. සන්නිවේදකයා අන් පුද්ගලයින්ට වඩා ඉක්මනින් පවතින තත්ත්වයට අනුගත විය යුතුය. විශේෂයෙන්ම මාධ්‍ය ආයතනයක සන්නිවේදකයෙකු නම් ඔහු ආයතනයට අනුගත වනාවක් මෙන්න ඔහුට පැවරෙන වගකීම හොඳින් ඉටුකිරීමට සුදනම්විය යුතුය. තිස් වසරක් මෙරට පවතී යුද්ධයේ ඇතැම් සන්නිවේදකයින් තම කර්ර්ය ඉටුකළේ යුධ පිටියට තුළ සිට ය. එහිදී එම තත්ත්වයට අනුව ඔවුන් අනුගතවී සන්නිවේදනය කටයුතු කළෝය.
සන්නිවේදකයා සංවාදයේ නායකයාය. කවර තරාතිරමක පුද්ගලයෙකු වුවද සංවාද මණ්ඩපය තුළදී ප්රශ්නකරනු ලබන්නේ සන්නිවේදකයා ය. මෙහිදී සන්නිවේදකයා තමාට අවශ්‍ය තොරතුරු දැනගැනීමට සම්පත්දායකයා
ප්‍රශ්න කරයි. සන්නිවේදකයන් ඇතැම් අවස්ථාවල සම්මුති සහිතව හෝ රහිතව ඇතැම් සාකච්චා ලබා ගනී. මෙහිදී විචක්ෂණශීලි ලෙස කටයුතු කළ යුතුය. එම සාකච්චාව තමා වෙත නතු කර නොගතගොත සම්පත් දායකයා නිවේදකයාව නොමග යවනු ඇත. එවිට සාර්ථක සාකච්චාවක් බලාපොරොත්තුවිය නොහැකිය. සන්නිවේදකයා නියෝජිතයෙකි. ඔහු තම අදහස, සමාජයේ අදහස මෙන්ම ආයතනයේ අදහසද දැරිය යුතු පුද්ගලයා වේ. මෙහිදී සන්නිවේදකයා දරන අදහස මසස්තය නියෝජනය කළ යුතුය. එම අදහස ඉතාමත් පැහැදිලිව තම සතුව පැවතිය යුතුය. ආයතනය හා සන්නිවේදකයා අතර පවතින අදහස් වෙනස් වුවහොත් ගැටුම් ඇතිවීම ස්වාභාවිකය. ඇතැම් අවස්ථාවලදී ආයතනය අපහසුතාවයට පත්වීමට මෙන්ම ආයතනික මතය දැරීමට ගොස් යම් සමාජීය වශයෙන් ගයුම්කාරී තත්ත්වයන්ට පවා ලක්වීමට සිදුවේ. කෙසේ වෙතත් සන්නිවේදකයා නිරන්තරයෙන්ම එළඹී සිහියෙන් කටයුතු කරනවා නම් ගැටළු වලින් තොර කටයුතු කිරීමට හැකියාව පවතී.
නිර්වාචික සංඥා පිලිබඳ අවබෝධය
සාර්ථක සන්නිවේදනයක් සඳහා සන්නිවේදකයෙක් නිර්වචික සන්නිවේදනය පිලිබඳ අවබෝධය අවධානය යොමුකළ යුතුය. මිනිසා ස්වභාවයෙන්ම සන්නිවේදන ජීවියෙකි. එබැවින් මිනිසාට සන්නිවේදනයෙන් තොරව ජිවත් වීමට හැකියාවක් නොමැත. තවත් පුද්ගලයෙකු නොමැති අවස්ථාවක නම් තම අභාන්තරයෙන් හෝ සන්නිවේදන කාර්යයෙහි නියැලීමට මිනිසා උත්සහ කරනු ලබයි. කෙසේ වෙතත් සන්නිවේදන කාර්යය වාචික නිර්වචික ලෙස කොටස් දෙකකට වර්ග කිරීමට හැකියාව පවතී. කථනය භාවිතයෙන් සිදුකෙරෙන සන්නිවේදනය වාචික සන්නිවේදනය නමින් හඳුන්වන අතර කථනය භාවිතයෙන් තොරව සිදුකෙරෙන සන්නිවේදනය නිර්වචික සන්නිවේදනය ලෙස හඳුනාගත හැක. නිර්වචික සන්නිවේදනය පිළිබඳව පිළිගත් අදහස් ගණනාවක් හඳුනාගැනීමේ හැකියාව පවතී. ඒ අතුරින් පහත සඳහන් අදහස් කිහිපය උපුටා ගතිමි.
”වචනයෙන් තොරව සිදුකෙරෙන සියලූම ආකාරයේ මානව ප්‍රතිචාර නිර්වචික සන්නිවේදනය ලෙස හඳුනාගත හැක.”
-ටෙරික්වල් ගම්බෙල් හා මයිකල් ගම්බෙල් -
”පුද්ගලයන් දෙදෙනෙකු අතර කෙරෙන් සංවාදයකදී වාචික නාලිකාවෙන් සියයට තිස්පහකට නොඅඩුව සංදේශයේ සමාජ අර්ථයන් ප්‍රවාහනය කරනු ලබයි.”
-ඇල්බට් මෙහ්රාබියන්, මාක් නබ්,රේ බර්ට් විෂල් -
සෑම සංස්කෘතියකට ම පොදු හැඟීම් ප්රකාශනය සඳහා ඛණ්ඩ හතක් හඳුනාගෙන ඇත. ඒවා නම් විස්මය, බිය, සතුට, ශෝකය, කෝපය, රුචිය, අරුචිය, හෝ පිළිකුල ය.
-චාර්ල්ස් ඔස්ගුඞ් -
නිර්වචික සන්නිවේදනය පිලිබඳ විද්‍යාත්මක ගවේෂණය ආරම්භ වන්නේ චාර්ල්ස් ඩාවින් සමග ය. ඔහු විසින් රචිත ඔයැ ෑංචරුිිසදබ දෙ එයැ ෑපදඑසදබි සබ ඵ්බ ්බා ්බසප්ක යන කෘතියෙහි නිර්වචික සන්නිවේදනය පිලිබඳ තොරතුරු ඇතුලත් ය. ඔහුට අනුව මිනිසුන් මෙන්ම සතුන් තුලින්ද නිර්වචික සන්නිවේදනය විද්‍යමාන
වන බව සනාථවේ. මිට උදාහරණ ලෙස යම් යම් අවස්ථාවල චිපන්සියන් වැනි සතුන් මුහුණ භාවිතකොටගෙන සන්නිවේදනයේ යෙදෙන අවස්ථා ගත හැක. තවද චිම්පන්සියන් හා මානව කුඩා දරුවන් බියට පත් වූ විටෙක මුහුණෙන් දැක්වෙන ප්‍රතිචාර එක සමාන බව ඔහු පෙන්වා දේ.
ස්පර්ශ මගින් සිදුවන අන්තර් සංස්කෘතික සන්නිවේදනය
ස්පර්ශය යනු නිර්වචික සන්නිවේදනයේ ඉතාමත් වැදගත් කාර්යක් ඉටුකරනු ලබන සන්නිවේදන ක්රමයකි. මිනිසාගේ ගර්භාශයේ සිට මරණය දක්වා විවිධ අයුරින් ස්පර්ශ සන්නිවේදනයේ යෙදෙන බව ප්‍රකට කරුණකි. චාචික මාධ්‍ය ඉක්මවා යාමට තරම් ප්‍රබල හැකියාවක් ස්පර්ශ සන්නිවේදනය සතුව පවතී. ඇතැම් විටෙක වචනවලට පෙරලීමට නොහැකි හැඟීම් ප්‍රකාශ කිරිමට ස්පර්ශ සන්නිවේදනය උපයෝගී කරගත හැක. ධනාත්මක හැඟීම සංවර්ධනය සඳහා නිර්වචික සන්නිවේදනය උපයෝගී කරගත හැකි බව මනෝවිද්‍යාත්මක මතයකි. එක් පුද්ගලයෙකු සතුව තවත් පුද්ගලයෙකු කෙරෙහි පවතින උනන්දුව, විශ්වාසය, සෙනෙහස, සමානාත්මතාවය ආදී හැඟීම් මනාව ප්‍රදර්ශනය කිරිමට ස්පර්ශ සන්නිවේදනය උපයෝගී කරගත හැක. මෙය අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී ඉතාමත් වැදගත් අංගයකි. ඇතැම් අවස්ථාවලදී ස්පර්ශ සන්නිවේදනයේදී අනවශ්‍ය ලිංගික බලපෑම් වුව ද එල්ලවීමට ඉඩකඩ පවතී. ඇතැම් සංස්කෘතීන් තුළ ආචාර සමාචාර විදි සිදුවන්නේ ස්පර්ශය මගිනි. මෙහිදී අතට අතදීම, වැළඳ ගැනීම , සිපගැනීම, ආදී ශරීරය ස්පර්ශ කිරීම හඳුනාගත හැකිය. ඇතැම් බටහිර රටවල් අතට අතදීම භාවිතයට ගනී. මෙගිදී සන්නිවේදකයා එම ආචාර විදිපිළිබඳව අවධානය යොමුකළ යුතුය. සන්නිවේදකයාගේ අවශ්‍යතාවය මත එවැනි පුද්ගලයෙකු සමග සන්නිවේදනයේ යෙදීමට පෙර එම ආචාර විදි පිළිබඳව අවධානය යොමුකළ යුතුය. එසේ නොවන්නේ නම් තමාට අවශ්‍ය කරන සබඳතාවය පවත්වාගැනීමට අපහසු වනු ඇත.
වර්ණ මගින් සිදුවන අන්තර් සංස්කෘතික සන්නිවේදනය
අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී වර්ණ භාවිතයෙන් සිදුකෙරෙන සන්නිවේදනයන් පිළිබඳව අවධානය යොමුකළ යුතුවේ. ඇතැම් වර්ණයන් සඳහා සම්මත පිළිගැනීමක් මෙන්ම එක් එක් සංස්කෘතීන්වලට අනන්‍ය පිළිගැනීම් පවතී. විශේෂයෙන්ම සුදු වර්ණය බෞද්ධ ජනතාව අතර පිවිතුරු බව, ශෝකය පිළිබිඹු කිරීම සඳහා යොදාගනී. කිතුනු ජනතාව සිය ශෝකය ප්‍රකාශ කිරීමට යොදාගනුයේ ”කළු” පැහැය වේ. එමෙන්ම බෞද්ධ ස්වාමින්වහන්සේ නමක අපවත් වූ අවස්ථාවක ඇතිවන ශෝකය පෙන්වීම සඳහා යොදාගනු ලබා සංඛේතය ”පඬු” පැහැය හෝ තැඹිලි වර්ණය වේ. ශ්‍රී ලංකාව වැනි බහුවිධ සංස්කෘතික රටක මෙම දැනීම අතවශ්‍ය කරුණකි. ශ්‍රී ලංකාවේ ජාතික ධජය තුළ වර්ණ භාවිතය සිදුකර ඇත. මෙහිදී සිංහල ජනතාව රතු
පැහැයෙන්, තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාව, කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාවද කහ පැහැති කුඩා තීරුවකින් මැලේ, බර්ගර් ආදී සුළු ජන කොටස් නියෝජනය කරනු ලබයි. ඒ අනුව අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී මෙම අවබෝධය පැවතිය යුතුය. මෙහිදී සන්නිවේදකයා සිය සන්න්නිවෙදන කටයුතුවලදී මේ සෑම ජන කොටසක් යොමුකළ අවධානයෙන් යුතුව සිය සන්නිවේදනය සිදුකල යුතුය.
ආලෝකය මගින් සිදුවන අන්තර් සංස්කෘතික සන්නිවේදනය
ආලෝකය භාවිතයෙන්ද විර්වචික සන්නිවේදනයේ දීමේ හැකියාව පවතී. මෙය විවධ ක්ෂේත්‍ර තුලින් දැකගත හැක. කැමරාකරණ ශිල්පින් සිය ඡුායාරූප
තුලින් විවිධ අර්ථ ගෙන ඒමට ආලෝකය භාවිතා කරනු ලබයි. එහිදී ආලෝකය සමග පවතින සෙවණැල්ල ද උපයෝහි කරගනී. අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී ආලෝක භාවිතය ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. එබැවින් ආලෝක භාවිතය පිළිබඳව අවධානය යොමුකළ
යුතුය. කතෝලික ජනතාව සිය පුද පුජා උදෙසා නිරන්තරයෙන්ම භාවිතා කරන්නේ ඉටිපන්දම් වලින් ලැබෙන ආලෝකයයි. ඇතැම් ඇතැම් අවස්ථාවලදී දෙවියන්වහන්සේ උදෙසා එන භාරහාරවලදී නොයෙක් ප්‍රමාණයේ
ඉටිපාන්දම් දැල්වීම ඔවුන්ගේ සිරිතකි. එය එමෙන්ම බෞද්ධ ජනතාව පොල්තෙල් පහන් දල්වයි. ඇතැම් එමෙන්ම ඇතැම් දෙවියන් වන්දනා කිරීම උදෙසා ගිනි පන්දම් භාවිතයද දැකගත හැකිය. යම් සන්නිවේදකයෙකු තුළ මෙවැනි අවචෝධයක් නොපවතී නම් එය අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී ගැටළු සහගත තත්ත්වයකි. යම් ලෙසකින් අනවබෝධයෙන් කටයුතුකළ හොත් ජාතින් අතර විවිධ ගැටළු ඇතිවීමට පවා ඉඩකඩ පවතී.
රූප හා පිළිම මගින් සිදුවන අන්තර් සංස්කෘතික සන්නිවේදනය
අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී දැකගත හැකි තවත් ප්‍රධානතම ලක්ෂණයක් ලෙස විවධ රූප හා පිළිම භාවිත කිරීම දැකගත හැකිය. හින්දු ධර්මය, බුද්ධ ධර්මය, කතෝලික ධර්මය අදහන බොහොමයක් ජනතාව විවිධ රූප හා පිළිම වන්දනයේ යෙදේ. එහෙත් එවැනි පිළිම වන්දනාවක් මුස්ලිම් ආගම තුළ දැකගත නොහැකිය. කෙසේවෙතත් මේ විවිධ ක්‍රම පිළිබඳව සන්නිවේදකයා දැන සිටීම සන්නිවේදනය සඳහා පහසුවකි. එවිට අනවබෝධය නිසා ඇතිවන ගැටලූවලට මුහුණදීමට සිදුවන හැකියාව ඉතා අවමය. මෙහිදී එක් ආගමික කොට්ටාසයක් මෙවැනි විශ්වාස දැරුවද නොදැරුවද එයට පහර ගැසීම හෝ පක්ෂව අදහස් දැක්වීම නොකළ යුතු දෙයකි. එලෙස සංසන්දනාත්මකව සන්නිවේදකයා සිය සංදේශය ගොනුකරනවා නම් නිසැකවම ආගමික ගැටුම් ඇතිවීමට ඉඩකඩ පවතී. විශේචයෙන්ම හින්දු භක්තිකයන් බහු දේව වාදය පිළිගනී. එහෙත් මුස්ලිම් ආගමිකයන් පිළිගනු ලබන්නේ එක් දෙවිකෙනෙකු පමණි. සන්නිවේදකයා මෙම තත්ත්වයන් පිලිබඳ වඩාත් අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු ය. කෙසේවෙතත් මෙම තත්ත්වය නිසාවෙන් යම් විශේෂත්වයක් යම් ආගමක් කෙරෙහි නොපැවැත්වෙන ආකාරයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වගකීමකි.
ලාංජන මගින් සිදුවන අන්තර් සංස්කෘතික සන්නිවේදනය
ලංජනයක් යනු ” විශේෂිත අදහසක් හෝ සංකල්පයක් කෙරෙහි ඉඩ සලසන්නා වූ ප්රත්යක්ෂය හා හොඳින් අර්ථය පැහැදිලි කරන්නා වූ සංඥාවන් ය. අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී මේ සම්බන්ධ අවබෝධය ඉතා වැදගත්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක විවිධ සංස්කෘතීන් ජිවත් වේ. කිතුනුවන් නිරන්තරයෙන්ම කොන්ත මුදුවක් හෝ කොන්ත මාලයක් පළඳින අයුරු දැකගත හැකිය.කොන්ත මුදුවක් යනු කිරුසයක හැඩය දැක්වෙන මුදුවකි.(කුරුසයක පින්තුරය* . එය එම ආගමේ සන්ඛේතයකි. එමෙන්ම ධර්ම චක්‍රය බෞද්ධ ජනතාවගේ සංඛේතයයි. ඇතැම් අවස්ථාවලදී ලාංජන පිලිබඳ පවතින අනවබෝධය හේතුවෙන් සන්නිවේදනය නිසි පරිදි සිදු නොවේ. මෙහිදී රාජ්‍ය ලාංජනය වැදගත් ස්ථානයක් ගනී. අන්තර්ජාතික මට්ටමින් යම් රටක අනන්‍යතාවය පෙන්වන ප්රබලතම සාධකයක් ලෙස එය හඳුනාගත හැකිය. එමෙන්ම එමෙන්ම ඇතැම් අන්තර්ජාතික සංවිධාන නිශ්චිත ලෙස හඳුනා ගැනීම සඳහාද උපයෝගී වන්නේ මෙම සන්නිවේදන
ධජ මගින් සිදුවන අන්තර් සංස්කෘතික සන්නිවේදනය
ධජ හෙවත් කොඩි මගින්ද නිර්වචික සන්නිවේදනයේ යෙදේ. මෙයද ඉතාමත් ප්‍රබල සන්නිවේදන උපක්රමයකි. අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී ඉතිහාසය තුල කොඩි භාවිතයෙන් සන්නිවේදනය සිදුකෙරුණු අවස්ථා විශාල වශයෙන් ගතහැක. නිදසුන් ලෙස අතීත රජවරුන් යුධ ජයග්‍රහණ හා පරාජයන් ප්‍රදර්ශනය කරනු ලැබුවේ කොඩි භාවිතාකොටගෙන ය. එමෙන්ම ඒ ඒ රාජධානිවලට අවේනික කොඩියක් පැවතුනි. වර්තමානයේද එලෙසම කොඩි භාවිතයෙන් නිර්වචිකව සන්නිවේදනයේ දීමට මිනිසා පුරුදු වී සිටි. මේ සඳහා නිසසුන් ලෙස ජාතික කොඩිය ගත හැක. එමෙන්ම විශාල නෞකාවල විවිධ අර්ථ පෙන්වීමට විවිධ කොඩි ප්‍රදර්ශනය වන අවස්ථා දැකගත හැක. විශේෂයෙන්ම නෞකා ආශ්‍රිතව මෙය දැකගත හැකිය. යම් වෙරළ තීරයකට වෙනත් රටක නැවක් පැමිණෙන අවස්ථාවල ධජ භාවිතය වඩාත් හොඳින් දැකගත හැකිය. එමන්ම ධජ අඩකුඹු කිරීම මගින් ශෝඛය ප්‍රකාශ කරන ආකාරය දැකගත හැකිය. ඇතැම් සංස්කෘතීන් සිය ජන කොටසේ සිදිවන අවමංගල චාරිත්‍ර දැනුම්දීම උදෙසා කොඩි භාවිතා කිරීමක් සිදුකරයි. විශේෂයෙන් සුදු කොඩි භාවිතය බෞද්ධ ජනතාව අතර පවතින සම්ප්රදායකි. අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී සන්නිවේදකයා මෙම සංඛේත ඉතාමත් හොඳින් වටහාගත යුතුය.
ඇඳුම් පැළඳුම් මගින් සිදුවන අන්තර් සංස්කෘතික සන්නිවේදනය
මානව සමාජය තුල පවතින විවිධ අන්තර් සංස්කෘතික අනන්‍යතාවයන් ප්‍රදර්ශනය කිරීමට ද නිර්වචික සන්නිවේදනය උපයෝගිකරගනී. මෙහිදී ඇඳුම සුවිශේෂී ස්ථානයක් ගනී. ඇතැම් ආගම සිවිල්කරණයට භාජනය වීම හේතුවෙන් ඇඳුම් පවා සන්නිවේදනය උපක්‍රමයක් බවට පත්කරගෙන ඇත. විශේෂයෙන්ම මුස්ලිම් ආගම ඇදගන ජනතාව ඔවුනට අවේනික ඇඳුම් භාවිතා කරයි. මෙහිදී ආගම හා සිවිල් ජීවිතය එකම කාසියේ දෙපැත්තක් ලෙස ඔවුහු වටහාගෙන සිටිති. එහෙත් ඇතැම් ආගම ඇඳුම් සඳහා එතරම් බලපෑමක් එල්ල නොකරයි. බෞද්ධ ආගම පවසන ආකාරයට තැම්පත් කරගත යුත්තේ මනස බව ප්‍රකාශ කරයි. මෙහිදී සංස්කෘතිය ආරක්ෂා කිරීම යම් රටකට නෛතික වශයෙන් බලපෑම් සහගත නම් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම රජය සතු ප්‍රබල වගකීමකි. ආගමක් යනු අදහන දෙයකි. ආගමේ නාමයෙන් සිය ඇඳුම් පැළදුම් වෙනස් කරනවා නම් එය තුළ ඇත්තේ යම් අවේනික ගති ලක්ෂණයකි. එය සන්නිවේදකයා මෙන්ම සමස්ත සමාජයම වටහාගත යුතු කරුණකි.
ශබ්ධ භාවිතය.
විවධ ශබ්ධ අනුසාරයෙන් ද අන්තර් සංස්කෘතික සන්නිවේදනය සිදුවන ආකාරය දැකගත හැකිය. ඇතැම් දෙවිවටුන් වන්දනා කිරීම සඳහා කුඩා සීනු භාවිතයට ගනී. එමෙන්ම විහාරස්ථානවලදී ඝන්ටාර දැකගත හැකිය.
අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී සන්නිවේදකයා ඉතාමත් වගකීමෙන් කටයුතුකළ යුතුය. මන්ද යත් ඔවුන් කටයුතු කරන්නේ තමන් නොදන්නා සංස්කෘතික සමාජයක් සමග වන බැවිනි. එහිදී සිය සංස්කෘතික වපසරිය
රැුකගනිමින් කරයුතු කිරීමට සන්නිවෙදකයට සිදු වේ. කෙසේවෙතත් විශ්ව ගම්මාන සංකල්පය තුළ මෙම සංස්කෘතිය ලෝක සංස්කෘතියක් බවට පත්වීමට පවතින් ඉඩප්‍රමාණය ඉතාමත් ඉහළය. අන්තර් සංස්කෘතික සන්නිවේදනය සම්බන්ධ දැනුවත් වීම සමස්ත රටකටම පවතුය යුතුම දෙයකි. මන්දයත් ඇතැම් සංස්කෘතික කණ්ඩායම් සමාජයට ප්‍රබල ගැටලූවකි. එවැනි සංස්කෘතීන් පිලිබදව වටහා ගැනීමට නම් මෙය අතවශ්‍යම සාධකයකි. එමගින් රටකට සිදුවියත හැකි අනවශ්‍ය බලපෑම්වලින් රට මුදවාගැනීමට හැකියාව ලැබේ. මන්දයත් සන්නිවේදකයා ආයතන ගතවුවද ඔහු සමාජ වෙනුවෙන් වගකියන සමාජය වෙනුවෙන් සිය ජීවිතය වුවද කැප කරන පුද්ගලයෙකි. සන්නිවේදකයාට ඇති එකම බලය සිය සවිඥානිකතත්වය හා අවබෝධය පමණි.
නප් සහ හෝල් (ගාම්බල් සහ ගාම්බල්, 2010 උපුටා දක්වන පරිදි* නිර්වචික සන්නිවේදනය මගින් කරනු ලබන කාර්යයන් කිහිපයක් පැහැදිලි කර ඇත (සෙනරත් 2018*. ඒ අනුව නිර්වචික සන්නිවේදනය මගින් පහත සඳහන් ආකාරයේ කාර්යයන් සිදු වේ.
සංදේශ යළි වැර ගැන්වීම හෝ ඌණ පූරණය කිරීම
වාචිකව ප්‍රකාශකළ යම් දෙයක් නිර්වචිකව පුනරුක්ත කිරීමකි. යම් පුද්ගලයෙකුට මාර්ගයක් පැවසීමේදී එම දිශාව වචනයෙන් සඳහන් කරත්ම එම දිශාව දතින් හෝ එක අතකින් පෙන්වීම සිදුකෙරේ. එවැනි අවස්ථාවන් මිට නිදසුනකි.
සංදේශය ආදේශනය
මෙහිදී වාචික ප්රකාශනය වෙනුවට එම ප්රකාශනයෙහි අර්ථය දැනවෙන පරිදි නිර්වචික ආදේශන ලබාදීම සිදු වේ. රථවාහන පොලිසිය සිය හස්ත සංඥා මගින් සුදුකරන සන්නිවේදනය මෙවැනි සන්නිවේදනයකි.
සදේශය උද්දීපනය හෝ තීව්රකරණය
අරමුණු සහගත සන්නිවේදනයකදී වාචිකව සිදුකරන ප්රකාශනවල ඉදිරිපත්කිරීමේ ස්වරුපයට නිර්වාචික සන්නිවේදන උපක්‍රම යොදාගැනීම මෙහිදී සිදු වේ. නිදසුනක් ලෙස යම් දෙයක් ප්‍රකාශ කිරීමේදී එම ප්‍රකාශයේ හඬ උස්පහත්කිරිම එමෙන්ම එම ප්රකාශනය සිදුකිරීමේදී.හෙඬ් විලාසය (එදබැ* වෙනස් කිරීම ගත හැකි ය.
සංදේශය නියාමනය
යම් සදේශයක් ග්රාහක ගත කිරීමේදී එම සංදේශයේ ගලායාමේ දිශානතිය තීරණය කිරීමට නිර්වචික සන්නිවේදනයට හැකියාවක් පවතී. මුහුණේ ඉරියව් මගින් අදාළ සංදේශය ඉදිරියට පවත්වාගෙන යනවද නද්ඞ් යන්න තීරණය කිරීම මෙහිදී සිදුවේ.
මෙම කාර්යයන් අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී ප්‍රමුකත්වය ලබාදිය යුතු සාධක බවට පත්වේ. ඒ අනුව සන්නිවේදකයා නිරන්තරයෙන්ම මෙම අවස්ථාවලට මුහුණ දිය යුතුය. වෙනත් සංස්කෘතියක
නියෝජිතයෙකු සමග සංවාද ශීලි වන මොහොතේ නිර්වචික සන්නිවේදනය ගමින් මෙවැනි තත්ත්වයන් උද්දීපනය වන බව නොදැන සිටියහොත් සන්නිවේදන අර්ථ බාධා සිදුවීමේ ප්‍රවණතාවය ඉහළ යයි. වඩාත් පලදායි සන්නිවේදනයක් සිදුවීමට නම් නිර්වචික සන්නිවේදන කෘත්‍යන් වඩාත් පැහැදිලිව වටහාගත් යුතු ය. පුද්ගලාන්තර සන්නිවේදනයේදී හෝ සමුහ සන්නිවේදනයේදී පැනනැගෙන පරාභාෂය වැනි සංකල්ප තුළ ජනනය වන සංසිද්ධීන් නිවැරදිව වැටහ නොගතහොත් සන්නිවේදකයා මෙන්ම එම සංදේශය ජනගතවිමෙන් පසුව ග්රාහකයන්ද අදාළ සංස්කෘතිය කෙරෙහි යථාර්තයෙන් තොර රුපයක් ගොඩනගා ගනී. එවැනි පරභාශයන් යනුවෙන් හැඳින්වෙන්නේ වාචික සන්නිවේදනයේ පවතින නිර්වචික ලක්ෂණයන් ය. භාෂාවක පවතින හඬ උස් පහත වීම,
වචනයේ රිද්මය විශ්මයර්තය සහිත වචන ආදිය මේ යටතට ගැනේ. ඒ අනුව එක සංස්කෘතියක පවතින පරාභාෂටයන් නිවැරදිව වැටහ ගැනීම සන්නිවේදකයාගේ වගකීමකි. එකම රටක වුවද ප්‍රාදේශීය ව්‍යවහාර තුල පවතින පරාභාෂයේ වුවද යම් යම් වෙනස්කම් පවහිය හැකිය. නිදසුන් ලෙස නුවර කලාවිය භාෂණයේ මෙරට ගාල්ල මාතර වැනි දකුණුදිග ප්‍රදේශවල භාෂානයන්ට තරමක විවිධත්වයක් දැකිය හැකි ය. ඔබ චීනයට ගොස් වෙළඳසලකට භාණ්ඩයක් මිළ දී ගැනීමට ගිය විට බොහෝ චීන ජාතිකයන් මිළ පවසන්නේ වාචික ප්රකාශනයට අමතරව හස්ත සංඥා මගිනි(සෙනරත් 2018*. ඒ අනුව වඩාත් සුහදශීලි පලදායි සන්නිවේදනයක් සිදු කිරීමට නම් එම නිර්වචික සන්නිවේදනය සම්බන්ධයෙන් මන අවබෝධයක් පැවතිය යුතුය. එසේ නොවුවහොත් ඇතිවන්නේ ගැටුමකි. එමෙන්ම ඇතැම් අශ්ලීල අර්ථ සහිත ප්රකස්හනද නිර්වචික සන්නිවේදනය මගින් මානව සන්නිවේදනය කෙරේ. එම නිර්වචික සන්නිවේදන ක්‍රම මගින් වාචිකව සන්නිවේදනය කරණ දෙයට සමාන අර්ථයක් සංජානනය වේ. එවැනි අවස්ථා පිළිබඳවද සන්නිවේදකයා මනා අවබෝධයක් පැවතිය යුතුය. මහා සංස්කෘතීන් තුල පවතින උප සංස්කෘතීන්වලට අවේනික නිර්වචික සන්නිවේදන ක්‍රම පිළිබඳවද අවධානයෙන් සිටීම සන්නිවේදකයාගේ වගකීමකි.
ආශ්රිත ග්රන්ථ
ටෙනිසන් පෙරේරා.බී.ඒ.2010,එස්.ගොඩගේ සහෝදරයෝ,කොළඹ,10,මානව විද්‍යාව හා
සමාජ විද්‍යා ප්‍රවේශය.
පෙරේරා,ටෙනිසන්,සන්ජ විද්‍යාව,2013,නුවන ප්‍රින්ටින් ඇන්ඩ්
පබ්ලිකේෂන්,කඩවත.
ශ්‍රී සරත්චන්ද්‍ර,බන්දුල. අපේ සංස්කෘතික උරුමය,1997,විජයමුණි පියදාස
සිල්වා,මිගමුව.
රාවය සංකෘතිය විවේචනාත්මක ඇගයීමක්,2012,රාවය ප්රකාශනය.
සොයිසා. එම්.ඕ.ඒ.ද , 2009, දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත, එස්
ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස්, කොළඹ 10.
Communication Between CULTURES,
EIGHTH EDITION, 2013, Larry A. Samovar,
Richard E. Porter, Edwin R. McDaniel, Boston, MA 02210 USA
fikr;a"
iq.;a uyskao" wka;¾ ixialD;sl ikaksfõokh" m,uq uqøKh 2018 miahd,
uq,dY%
Communication Between CULTURES,
EIGHTH EDITION, 2013, Larry A. Samovar, Richard E. Porter, Edwin R. McDaniel,
Boston, MA 02210 USA
අනුරුද්ධ සේනාධිලංකාර
Anuruddha Senadhilankara