Thursday, November 16, 2023

ලස්සනට ඉන්න

 කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ චර්යාවක් බවට් පත්ව ඇත. ඇතැම් අවස්ථාවලදී එය වාරිත්‍රයක් තරමට ප්‍රබල වී ඇත. දිනක් මා යම් පිරිසක් වෙත යම් ආකාරයක නිරීක්ෂණයකින් යුතුව කාලය ගතකළෙමි. එහිදී දුටු දෙය නම් තමාට පැවරෙන කාර්යය නිසි ලෙස කරගැනීමට නොහැකි වන පිරිසක් මහා සමාජය ඉදිරියේ දේශන පවත්වන අකාරයක් ය. ඔවුන් මෙරට මාධ්‍ය පිළිබඳව පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳවද අදහස් දරන බව පෙනුණි. සැබෑ කරුණ කෙලෙසකවත් අවබෝධයක් නොමහිව එහෙන් මෙහෙන් ඇහෙන වචන භාවිතයට ගනිමින් එකිනෙකට නොගැලපෙන මොනවදෝ දේවල් කියවනා ආකාරයක් දිස්විය. ඔවුන් වාඩි  වී සිටින්නේ ඉදිරිපෙළ අසුන්වල ය. අවාසනාවක මහත නම් ඔවුන්ගේ දේශනවලට සවන් දෙන්නේ මාධ්‍ය පිලිබන්දව කිසුදු අවබෝධයක් නොමැති අහිංසක දරුවන් වීම ය. පෙනී යන ආකාරයට ඔවුන් පරිනතයින් ලෙස පෙනී සිටින පත නරින් ය. 

    දැන් කතාවට හැරෙමු. බාබරා සහ ඇලන් යන දෙදෙනා රචනා කළ පොත් සමුහය අතරින් එක පොතක් මට හමු වුණා. එය කියවද්දී දුටුවා දෙයක් තමයි චොකලට් දුඹුරු පැහැය හැඳගෙන සම්මුඛ පරීක්ෂණයකට යන්න පා කියන එක. මටත් මේක ගැටළුවක්. ඇයි දුඹුරු පාට අවුල්ද? ඔව් අවුල් වගේ තමයි. දේශන ශාලාවකදී දවසක් මේ දුඹුරු පැහැය පිළිබඳව කතා බහක් ඇති වුණා මටත් හොඳ පල්ලම. මමත් මේ කතාව හොඳට අහගෙන හිටියා. එකවරම දේශනය කියවුණේ සම්මුඛ පරීක්ෂණයකට යද්දී දුඹුරු පැහැය  හැඳගෙන යාම එතරම් ගැටළුවක් නොවන බවය. දැන් මා සිටින්නේ දෙලොවක ය. මේ පැහැය අවුල්ද නැද්ද? එක්කෝ කවුද හරි නැති නම් කවුද වැරදි? මෙයම ගැටළුවක්.


    දේශනය ඉදිරියට ගලා ගියේ ය. මමද සෙවිල්ලෙන් එය අසාගෙන ඉන්න අතරතුර අපූරු යමක් කියැවුණු බව මට මතකයි. ඒ තමයි සංස්කෘතිය මත එය වෙනස් වෙන්න පුළුවන් කියන එක. ඒ අනුව වඩාත්ම සුදුසු ක්‍රම පිළිවෙත සුදුසු වර්ණය පිළිබඳ යම් තරමක එකඟතාවයකට පැමිණි බවක් වැටහුණා. ඒ තමයි සුදු කමිසයක් කළු කලිසමක් ටයි එකක් සහ කෝට් එකක් වඩාත්ම සුදුසුයි කියන එක. බටහිර පාලනයට අනුව මේ ඇඳුම යම් ආකාරයක පිළිගැනීමක් පවතින ඇඳුමක්. රැකියාවකට යන්න සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙද්දී එය වඩාත් සුදුසුයි. එහෙමයි කියලා හැම තැනකටම එය සුදුසු වෙන්නෙත් නැහැ. ඔන්න අයෙමත් මගේ ඔලුව නිකන් විකාර වගේ  වුණා. ඇත්තනේ සම්මුඛ පරීක්ෂණයකට යද්දී එයට ගැලපෙන ස්වරූපයකින් සහභාගී වීම ඉතා වටිනවා. 


    කතාව ඇත්ත. එයින් තීරණය වන්නේ තමන්ගේ පෞර්ෂය. පෞර්ෂය උපරිමයට ගිහින් විකාර රූපී ඇඳුම් භාවිතයක් නම් සිදු කරන්න එපා. එතකොට වෙන්නෙත් පත නරියෙක් වෙන එක. ඒ වගේම තමයි තමන් සම්මුඛ පරීක්ෂණයකට යන ආයතනය පිළිබඳව හොඳ අවබෝධයක් තබාගෙන යනවා නම් එය තමන්ට මහා ලොකු ආශීර්වාදයක්. කොණ්ඩය වුනත් පපිළිවෙලකට සකසාගෙන යනවා නම් හෙට ඉඳන් වැඩට එන්න කියලා බය නැතිව ඔබව පරික්ෂාවට ලක් කරන ය කියයි. ඒ නිසා තමන්ට ගෞරවයක් තමන්ම ලබා දෙන්න. ලස්සනට ඉන්න. ජය වේවා 


Anuruddha Senadhilankara
MBM in Marketing (Reading)
 BA (SP) in Mass Media,
Dip in Communication and Journalism,
 

Tuesday, November 14, 2023

මොකද කියන්නේ ඉදිරියට  යනවද මෙහෙමම ඉන්නවද? 

    අනාගතය කවදා ද අනාගතයේ කුමන ආකාරයක දෙයක් සිදු වෙවිද යන්න නිශ්චිතවම කිව හැකිද ? බොහෝ දෙනාගේ මතය එය කල නොහැකිය යන්න ය. එහෙත් ඇතැම් ශාස්තෘවරුන් අනාගතය පිළිබඳව පවසා ඇත. එසේ ගත්කල එක්කෝ බොහෝ දෙනාගේ මතය වැරදි ය. එසේ නැති නම් එම  ශාස්තෘවරුන් වැරදි ය. තිරනය් ඔබ සතුව මේ එවැන්නක් පිළිබඳව කතාවක් නොවෙයි. 

 අද වන විට තමන්ගේ කටයුතුය් පහසු කරගන්නට අපි බොහොමයක් .ඇප් (APP)භාවිතයට ගන්නවා කියන එක බොරුවක් නෙවෙයි. එහෙත් දවසක මෙහෙම පාවිච්චි කරන භාවිතයෙන් ඉවතට යාවි කියලා අපි හිතුවොත් මොකද වෙන්නේ? එහෙම වෙයිද ? එහෙම වෙනවා නම් එහෙම වෙන්නේ කොහොමද එහෙම නොවෙනවා නම් එකට තියන සාධක මොනවද? මේ පුළුල් තිරය සහිත ජංගම දුරකථන ලෝකයෙන් ඉවත් වේදීද? නොවෙවිද එහෙම වෙන්න හේතු මනාව ? එහෙම නොවෙනවා නම් එහෙම නොවෙන්න හේතු මොනවද? අපි දන්නවද ? ඔවද? නැද්ද? ඔව් නම් එහෙම වෙන්න හේතු මොනවද ? නොවෙනවා නම් එහෙම ඔවෙන්න හේතු මොනවද? 

ප්‍රශ්න බොහොමයක් අභියස අපි හිස් වුණාට ලෝකය ඉදිරියට යනව අබව නම් අමතක නොකළ යුතු ය. මෑතකදී AI Pin කියලා උපකරණයක් ලෝකයට හඳුන්වා දුන්ණා. තව ටික දවසකින් ඒ උපකරණය ගෙදරටම ගෙන්නගන්න ඔබට පුළුවන්. එතකොට බලන්න පුළුවන් මේ කතාවේ ඇත්ත නැත්ත. phone එකේ ඉඩ මදි වෙන්නෙත් නැහැ. ඇප් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. හරි. එහෙම  නම් දැන් අපි තවත් පියවරක් ඉදිරියට තබන්න අවශ්‍ය වෙනවා. එකම තැන ඉන්නවද එහෙම නත්නම් ඉදිරයට යනවද කියල අපට හිතන්න වෙන්ව. හොඳම දේ තමයි යාවත්කාලින වෙන එක. එහෙම නැති නම් මේ ගමන යන්න හරි අමාරුයි. 

මේ තියන දේවල්වලින් එහෙම දේවල් කරන්න පුලුවන්ද? කියන ප්‍රශ්නය අපි හැම කෙනෙක්ටම එනවා. හැබැයි අපි නොහිතන දෙයක් තමයි අලුත් දෙයක් නිර්මානය වෙන්නෙම පරණ දේවල් පාදක කරගෙන කියන එක. එහෙම නැතිනම් පරණ දේවල් භාවිතයට අරගෙන. අලුත් පෑනක් හදන්න පිටපත් අඳින්නේ අදහස ලියන්නේ පරණ පෑනකින්. ඒ නිසා මේ තියන දේවල් හොන්දටම ප්‍රමාණවත් අලුත් දේවල් හිතන්න. යාවත්කාලින වෙන්න. එහෙනම් අලුත් දේවල් හොයාගෙන යන්න ඒ දේවල් පිළිබඳව තාර්කිකව හිතන්න අපි මැද පමණින් හෝ උත්සහ කරමු.

Anuruddha Senadhilankara
MBM in Marketing (Reading)
 BA (SP) in Mass Media,
Dip in Communication and Journalism,
 

ලස්සනට ඉන්න

 කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙ...