Saturday, October 28, 2017
පාහියන්ගල ලෙන් ලෙන්විහාරය
මේ පුංචි ශ්‍රී ලංකව ඇතුළේ ලෝකයට හිතාගන්නවත් බැරි තරම් ඉතිහාසයක් හැංගිලා තියනවා. ඒ වගේම ඒ ඉතිහාසය නිසා මුළු ලෝකයම වගේ අපේ ශ්‍රී ලංකාව දිහා අවධානයෙන් ඉන්නවා කියන එකත් මතක්කරන්න ඕන. ඉතින් අද සිට මේ සුන්දර ශ්‍රී ලංකාව වට සංචාරය කරන්න අපි සුදානම්. අපේ අභිමානයත් හිත් අස්සේ තියන නිහතමනින්තවයත් ඒ වගේම තරුණ ශක්තියත් එක්ක ලංකාවේ ගොඩක් තැන්වල ඇවිදින්න අපි සුදානම්. අපේ සංචාරයට මුල්ගල තියන්න අපි තෝරාගත්තේ ලෝකයේම අවධානයට ලක්වුණු ස්ථානයක් වන පුද බිමක් වන පාහියන්ගල ගල් ලෙන් විහාරස්ථානය.
අද අපි තෝරගත්තු මේ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත ප්‍රාග් ඓතිහාසික භූමියට එන්න පුළුවන් මාර්ග කිහිපයක් තියනවා. ඒ අතරින් ඔබ කොළඹ සිට පැමිණෙනවා නම් හොරණ බුලත්සිංහල මාර්ගයෙන් එන්න පුළුවන්. ඒ වගේම කළුතර පැත්තෙන් නම් ඔබ එන්නේ මතුගම බුලත්සිංහල මාර්ගය පාවිච්චි කරන්න හැකියාවත් තියනවා. කොහොම වුනත් මේ භුමිය විෂයන් රැසකට වැදගත්වන භූමියක්. විශේෂයෙන්ම ඓතිහාසික වශයෙන්, මානව විද්‍යාත්මක වශයෙන් මේ ගල් ලෙන ඉතාමත් වැදගත් ස්ථානය. ඔබටත් හැකියාව තියනවා මේ සුන්දර භුමිය දැකබලාගන්න එන්න. මතක් කරන්න ඕන තවත් වැදගත් දෙයක් තියනවා. පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් නොදැනුවත්ව හරි හානියක් වෙනවනම් එය වළක්වගන්න ඔබ කටයුතු කරනවා නම් ඒක ගොඩක් වටිනවා.
නුතන මානවයාගේ අවසාන් පුරුක වන හෝමෝ සේපියන් මානවයාගේ අස්ථි කොටස් මේ භූමියෙන් සොයාගත්තා. අවුරුදු 33000 ක ඉතිහාසයට නෑකම් කියන තවත් බොහෝ තොරතුරු මේ ලෙන් පරිශ්‍රයෙන් දැකගන්න ඔයාටත් පුළුවන්. බොහෝ දෙනෙක් හිතනවා ඒ ඉතිහාසයටත් එහා ගිය ඉතිහාසයක් මේ ප්‍රදේශයේ පවතින බව. අපට දැනගන්න ලැබුණු තොරතුරු අනුව 1986- 1986 වර්ෂවල ශිරාත් දැරණියගල මහතාගේ මුලිකත්වයෙන් කැනීම් කටයුතු සිදුකරලා තියනවා. ඒ වගේම ඒ වෙද්දී කැනීම් කටයුතු බර නිලධාරියා වශයෙන් කටයුතුකරලා තියන්නේ w. විජේපාල මහතා. ඇමරිකාවේ කෝනර් විශ්වවිද්‍යාලයේ කෙනත් කෙනඩි නම් පුරාවිද්‍යා මහාචාර්යවරයා ඒ කැනීම්වලදී සොයගත්තු මානව අස්ථි කොටස් පරික්ෂාවට ලක්කළා. ඒ අස්ථි කොටස් හා සොයාගත් හිස්කබල් කිහිපය අදින් වසර 37000 පමණ පැරණි බව ප්‍රකාශ කරනවා. මේ ලෙනට උඩින් තියනවා කන්දක්. අපි යමු ඒ කන්දට.
මුලින්ම කියන්න ඕන මේ ගමන යද්දී පුංචි සතේකටවත් හානියක් නොවෙන විදිහටයි අපි උඩට යන්න ඕන. මොකද හැමතැනම පුංචි පුංචි සත්තු ඉන්නවා. ඒ අතරින් ගොඩක් ජීවින් මේ සුන්දර ලංකාවට අවේනික සතුන්. කොහොම උනත් මේ අවට තිබෙන වනාන්තරය පහතරට නිවර්තන තෙත් කලාපයට අයිති වනාන්තරයක් කියල තමයි අපට දැනගන්නට ලැබුණේ. ඒ වගේම මේ අවට තිබෙන ගහකොළ සිංහරාජ වනයට නෑකම් කියනවා. සමහර තැන්වල ලිස්සනවා. යන්නන තරමක් අපහසු තැන නැතුවම නොවෙයි. හැබැයි පරිස්සමට එන්න පුළුවන්.
මේ ගමන අතරවාරයේ මීමින්නන්, වලිකුකුළන්, දඬුලේනුන්, කෑදැත්තන් වගේ තවත් සතුන් බොහෝ ප්‍රමාණයන් දැකගැනීමේ හැකියාව ඔබට පවතිනවා. ටිකක් මහන්සි වුනාට මොකද කන්ද කන්ද මුදුණට ගියාට පස්සේ දැනේනේ පුදුම සුවයක්. ඉතාමත් සුන්දර දර්ශනයක් කන්ද මුදුනෙන් පට දැකගන්නට පුලුවන්. අපි මේ ඉන්න තැනට කඳු පන්ති ඉතාමත් ලස්සනට පේනවා. ඒ අතර සමනල කන්ද ද දැකගන්න පුළුවන්. මිදුම් අතරින් දකින මේ දර්ශනයේ අලංකාරය වචනයෙන් කියලා නිම කරන්න නම් බැහැ. ඒ තරම් මේ පරිසරය සුන්දරයි. කන්ද මුදුණේ මදවේලාවක් විවේක ගත්තු අපි පහළට බැස්සේ කියාගන්න බැරි තරම් හැගීම් සමුදායක් එකතුකරගෙන. මේ ගමනේදී අපට සහය වුණු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ සියලුදෙනාටම ගොඩක් ස්තුතියි. මේ වගේම තවත් සුන්දර සංචාරයකට ඔයාවත් එක්ක යන්න අපි එනවා ලබන සතියෙත්. අපි එනකන් පරිස්සමින් ඉන්න ඕන. ඔයාට ජයෙන් ජය.
-අනුරුද්ධ සේනාධිලංකාර-
Subscribe to:
Post Comments (Atom)
ලස්සනට ඉන්න
කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙ...
-
සංස්කෘතිය එදිනෙදා ව්‍යවහාරයේදී සංස්කෘතිය යන සංකල්පය යෙදෙන ආකාරයට වඩා වෙනස්ව එය සමාජ ශාස්ත්‍රවල අධ්‍යනයට ලක් කෙරේ....
-
අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී සන්නිවේදකයෙකුට නිර්වාචික සංඥා පිලිබඳ අවබෝධය පැවතීමේ වැදගත්කම අන්තර් සංස්කෘතික සන්නිවේදනය හ...
-
ප්රාවේශය මනෝවිශ්ලේෂණවාදී මාධ්‍ය විචාරය යටතේ මාධ්‍ය පඨිතයක් විචාරාත්මකව විමසීම මාධ්‍ය විචාරයට ලක්කරන විචාර ක්‍රම ගණනා...
No comments:
Post a Comment