"දන්ඩේ ලූ ගිනි"තිලක් ජයරත්න
ශ්‍රී ලංකාව මෙතෙක් ගෙවූ ඉතිහාසය තුළ විවිධ යරත්විජිත ආක්‍රමණවලට නතුවිය. ඉතිහාසය තුල සඳහන්වන පරිදි අනුරාධපුර පොළොන්නරු ආදී ඉතිහාසය තුළ විවිධ ආක්‍රමණිකයන්ගේ මෙරට බේරාගැනීමට ගත් උත්සාහයන් පිලිබඳ තතු අප ඉතිහාසය තුලින් කියවා ඇත්තෙමු. එසේම මෑත කාලීන ඉතිහාසය තුළ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී ආක්‍රමණික බලපෑම්වලට මෙරට යටත් විය. මෙම ආක්‍රමණිකයන්ට එරෙහිව සිය රට වෙනුවෙන් රට බේරාගැනීමේ යුතුකම ඉටුකිරීමට කැපවුණු පිරිසක් ද සිටියහ. එලෙස රට බේරාගැනීමට උත්සාහ කළ පිරිස අතර ප්‍රධාන පෙළේ දේශපාලන නායකයින්ද එතරම් ප්‍රසිද්ධියක් නොමැති දේශපාලන චරිතද උත්සහ කල බවද ප්‍රකාශ කලයුතු ය. එසේ නොවුනහොත් එය ඔවුනට කරන අසාධාරණයකි.
කෙසේ වුවද මෙම සියලුම පිරිස්වල ශක්තියෙන් හෝ අඩුවැඩි වශයෙන් සිදු වූ ක්‍රියාකාරිත්වයන් නිදහස ලබාගැනීම උදෙසා ඉවහල් විය. එය ශ්‍රී ලංකාව යටත් විජිත භාවයෙන් මෙදෙන්නට ඉවහල් විය. එම උත්සාහයන් අතර සිය අභිලාශයන් ඉටුකරගැනීමේ පටු අරමුණු සහිත වුවන්ද නොසිටියම නොවේ. එය ස්වභාවික ක්‍රියාකාරිත්වයකි. කෙසේ වුවද මෑත ඉතිහාසය තුළ මෙරට ධරුණු ලෙස යටත්විජිතකරණයට ලක්වූයේ ඉංග්‍රීසි පාලන සමයේ දීය.එම කාලය සමාජීය වශයෙන් මෙරට පමණක් නොව සමස්ත ලෝකයටම පිළලයක් විය. මෙම ක්‍රියාකාරීත්වයෙන්ගේ ප්‍රතිපලයක් ලෙස වත්මන විට එම යටත්විජිතකරණයේ හොල්මන් කරමින් පවතී. එහි සාධනීය ලක්ෂණ මෙන්ම නිශේධනීය ලක්ෂණ ද නැතුවාම නොවේ.
1948 වසරේ දී මෙරට ඩොමිනියන් තත්ත්වයේ නිදහස හෝ ලැබීමට හැකිවුයේ විශාල ප්‍රයත්නයක ප්‍රතිපලයක් ලෙසය. කවුරුන් කුමන දේ පැවසුවද එවැනි හෝ නිදහසක් ලැබීම වෙනුවෙන් ලේ හෙලූ දිවි පිදූ ජිවිත අපමණය. 1948 වසරට පෙර එනම් 1924 මැනින් ඩෙවොන්ෂර් සඳු ක්‍රමය ආදී ආණ්ඩුක්‍රම තුළ මෙරට ජනතාව තව තවත් පීඩනය පත් විය. මෙම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පාට තැවරූ තිරුවානා ගල් මැණික් ලෙස ප්‍රදර්ශනය කරන්නාක් වැනි ලෙස පැවතිණි. එහි ඇත්තේ ඇත්ත මැණිකද? බොරු මැණිකද යන්න විමසිය නොහැක. ඊට ජනතාවට අයිතියක් නොතිබිණි. මෙම ක්‍රියාකාරිත්වයන් මැඩලීමට හ විරුද්ධ වීමට උත්සහ ගත පිරිසක් මෙන්ම යටත්විජිතයන්ට ගැතිකම් කළ කොටස්ද මෙරට තුළම සිටියෝය.
බටහිර ලෝකයෙන් මෙරටට පිවිසෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආකල්ප තුළ පවතින තරගකාරී ක්‍රියාකාරිත්වයන් මෙන්ම එකිනෙකා පරයන මානව ක්‍රියාකාරිත්වයන්ට විරුද්ධව එම කාලය තුලම එම රටවල් වලින්ද විරුද්ධත්වයක් බිහිවිය. සමාජවාදී දර්ශනයන් තුලින් උද්විපනය ලද එම අදහස් මාලාවන් ද කාර්මික විප්ලවයන් තුලින් බිහිවූ පීඩිත කාර්මික පංතිය පිරිස්ද එම ආකල්ප වැළඳ ගත්හ. මෙම බලපෑම් සහගත ක්‍රියාවලිය බටහිර රටවල ක්‍රියාත්මකවන සමයේදීම මෙරට මධ්‍යමපාන්තික දෙමව්පියන්ගේ දරුවන් බ්‍රිතාන්‍ය වැනි රටවලට අධ්‍යාපනය සඳහා පිටත් විය. එම තත්ත්වය මත උගත් බුද්ධිමත් මධ්‍යම පන්තියක පිරිසක් බිහි විය. ඒ අනුව එම පිරිස වටා රොක්වූ ලංකේය පිරිසක්ද නිර්මාණය විය. මෙම උගත් පිරිස අතර ලිබරල්වාදී මත ධරණ පාර්ශවයක් ද වාමාංශික පාර්ශවයක්ද නිර්මාණය විය. මෙම සියලුම ක්‍රියාකාරිත්වයන් අඩු වැඩි වශයෙන් නිදහස ලබා ගැනීම උදෙසා ඉවහල් විය.
මෙරට තුල විවිධ දේශපාලනික මත නිර්මාණය වීමටද යටත් විජිත සාමය තුල පැවතී විවිධ දේශපාලනික මත ඉවහල් විය. මෙලෙස සිදුවූවීම් සමුදාය සුළු පටු කරුණක් නොවිය. ඇතැම් වාමාංශික මත දැරූ දේශපාලන නායකයින් සිරගතකිරීම්වලට ද ලක් විය. තවත් පිරිසක් ඉන්දියාව වැනි රටවලටපැන ගියෝය. එම රටවල සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් නැවතත් එම පිරිස් දේශපාලන සිරකරුවන් ලෙස මෙරටට එවූ අවස්ථාද පැවතුණි. එමෙන්ම එවැනි අවස්ථවලදිඅහිමි වූ ජීවිත ලේඛනගතව නොමැති අවස්ථාද පවතින බව නොරහසකි. එම ජිවිත අහිමි කිරීම් අතරට පුද්ගලික කොන්තරද පැවතීමද සිදුනොවුනම නොවේ.මෙලෙස ගෙවූ ඉතිහාසයක් පදනම් කොටගෙන ටෙලිනාට්‍ය පිටපතක් රචනා කිරීමට ප්‍රතිභාපුර්ණ අතිදක්ෂයෙකු වූ තිලක් ජයරත්නයන් සමත්වී ඇත. ගුවන්විදුලි සංස්ථාවේ පිටපත් රචකයෙකු ලෙසද සේවය කළ මෙතුමන් තත්කාලීනව පැවති ඉතිහාසයට පෙර පවතී ඉතිහාසය නැවත ටෙලිනාට්‍යක් ලෙස ජනගත කිරීමට උත්සාහ ගෙන ඇත. එම යතනයේ ප්‍රතිපලයක් ලෙස “දන්ඩේ ලූ ගිනි” නම් නිර්මාණය බිහිකළේය.
“දන්ඩේ ලූ ගිනි” ටෙලිනාට්‍ය පිටපත ආරම්භ වන්නේ උතිස්ස නම් පුද්ගලයෙකු උපයෝගී කොටගෙන ය. මෙම උපතිස්ස නම් පුද්ගලයා දේශපාලනික වශයෙන් වාමාංශික අදහස් දරන තරුණයෙකි. මොහු කලක් ඉතාමත් ක්‍රියාකාරී ලෙස ශ්‍රී ලංකේය දේශපාලනයට සම්බන්ධ විය. එහෙත් කාලයත් සමග මෙම වාමාංශික දේශපාලන ක්‍රියාවලිය නොසිතු ආකාරයෙන් දේශපාලනය තුලින් යටපත් වන්නට විය. සියලු දේශපාලන මත අභිබවා ලිබරල් දේශපාලනයේ විවිධ පැතිකඩයන් ඉස්මතු වන්නට විය. එය වර්තාපනය තුලද එලෙසම ක්‍රියාත්මක වන අතර අනාගතයේදීත් එලෙසෙම සිදුවන්නේය.
තිලක් ජයරත්න සිය ප්‍රස්තුතය සමාජ ගතකිරීමට ඉතාමත් ආකර්ශනිය ප්‍රයෝගයක් භාවිතාකරයි. එනම් වර්තමානය ලෙස ගෙවෙන අදාල කල පරාසය තුළ දර්ශනය ක්‍රියාත්මක වන අතරතුරම අතීතය සිහිපත් කිරීමය. එම අතීතය දර්ශන තල භාවිතයෙන් ප්‍රදර්ශනය කිරීමට උචිත ආකාරයෙන් පිටපත් රචනා කිරීමට තිලක් ජයරත්න සමත් වි ඇත. මෙමගින් ප්‍රේක්ෂකයා තුළ තිතය මෙලෙස පවතින්නට ඇති යැයි යන අදහස ලබාදේ. ප්ලේටෝ ප්‍රකාශකරන ආකාරයට මිනිසා අමරණීයත්වයට පත්වීමට අනවතර ආශාවක නිමග්න වී සිටි. එම අදහසට අනුව නැවතත් අතීතය වෙත ගමන් කිරීමට මිනිසා සතුව ආශාවක් පවතින බවට තාර්කිකව නිගමනයක් ලබාගත හැක. ඒ අනුව මිනිසා පියවි සිහියෙන් තොරව අතීත රූප රාමු හ නිමග්න වේ. එමගින් කතාකරු බලාපොරොත්තු වන සමාජමය පැහැදිලි කිරීම් ඉතාමත් සාර්ථක ලෙස සමාජ ගතකිරීමට හැකියාව ලැබී ඇත.
එකිනෙකට වෙනස් කල රාමු දෙකක් නිර්මාණය කිරීම මගින් ප්‍රේක්ෂකයා නිර්මාණය තුල පවත්වා ගැනීමට බාධාවක් වන ඒකාකාරිත්වය ඉවත්වී යයි. එබැවින් ප්‍රේක්ෂකයාව අදාළ ටෙලිනාට්‍ය වෙත ඇදබැඳ තබාගැනීමට උත්සහ කරයි. මෙය ඉතාමත් සාධනීය ලක්ෂණයකි. එමෙන්ම එය තිලක් ජයරත්න භාවිතාකළ උපක්‍රමයකි. ඔහු එය හිතාමතා හෝ අවිඥානිකව සිදුකොට ඇත. අදාළ ප්‍රස්තුතය ජනගතකිරීමට එම උපක්‍රමය ඉතාම සාර්ථක පිළියමකි. මුළුමහත් පිටපත් පුරාවටම මෙම ලක්ෂණය අතර්ගතකොට තිබීමද ඉතාමත් සාර්ථක උපක්‍රමයකි. එමගින් ප්‍රේක්ෂකයාද අවිඥානිකවම නිර්මාණයේ කොටස්කරුවෙකු අවට පත්වේ.
පිටපත් රචකයා සිය කතාව ගෙත්තම් කිරීමට 1948 වසරට පෙර යුගයෙන් මෙන්ම ඉන් පසු යුගවල දේශපාලන අරගල පිළිබඳව විස්තර ගෙන එයි. එය ජනතාව තුල පවතින අවේගකාරී සිතිවිලි උත්සන්න වන අතර එම දර්ශනයයන් නැරඹීමට යටි සිතෙහි පවතින ආශාව උපයෝගී කරගනී. ජනතාව අතීතයේ මෙවැනි උත්සාහයන් දැරූ බවට පවතින සාධක දර්ශනය වන දර්ශන තලතුලට ගෙන ඒමට තිලක් සමත්වී ඇත. එවකට තත්කාලයට පෙර පවතී ඉලක්ක ගත අතීතය තුළ වරයා සේවක සංගමය විසින් සත 25 ක වැටුප් වර්ධකයක් උදෙසා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය දර්ශන තුලට ගෙන ඒමට කතාකරු උත්සහ කරයි. මෙවනි අවස්ථා කිහිපයක්ම පිටපත තුල අන්තර්ගතය.
වැඩවර්ජනයෙන් හිස්වුණු රැකියා පිරවීමට “විලියම්” නම් වෙළඳ ව්‍යාපාරිකයෙකු විසින් වත්තල ප්‍රදේශයෙන් සේවකයන් පිරිසක් ලබා දීම සිදුකරයි. එලෙස සිදුකරන්නේ ව්‍යාපාරික පදනමක් මතය. කෙසේ වෙතත් වාමාංශික මතධාරී වර්ජක පිරිස මෙම විලියම් නමැති පුද්ගලයාට පහරදීමක් සිදුකරයි. මෙය ඉතාමත් ප්‍රබල ක්‍රියාවලියකි. එවකට පවතින ආණ්ඩුවට විරුද්ධ වීමත් සිය දරු දැරියන්ට අහිතකර බව විලියම් දනී. එම පාර්ශවයෙන් විලියන්ම් පිඩනයට පත්වේ. එමෙන්ම වර්ජකයන්ගෙන්ද විලියම් පිඩාවට පත්වේ. මවැනි සිදුවීමවල පවතින අවිනිශ්චිත ස්වාභයවය ඉතාමත් සාර්ථක ලෙස පිටපතවෙතට ගෙන ඒමට ජයරත්නයන් සමත් වී ඇත. මෙවැනි ප්‍රශ්න සර්ව කාලීන නිසා ඕනෑම ජනතාවක් ඉතාම ඉක්මනින් මෙවැනි ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරයි.
කතාව ගොඩනගමින එන අතරතුර තිලක් ලිංගිකත්වයද ප්‍රදර්ශනය කිරීමට උත්සහ ගෙන ඇත. එය හුදු ලිංගික ක්‍රියාවලියක් නොව එතුල පවතිනුයේ බලය පදනම් කරගත් දේශපාලනික ප්‍රපංචයකි. ජිනාදරී නම් විශ්වවිද්‍යාල සිසුවිය පාලුවෙන් පිරුණු මාවතක් දෙගේ ගොස් උපතිස්ස නම් තරුණයා සිටින නිවසට පිවිසෙයි. උපතිස්ස උඩුමහලේ සිට ජිනාදරී දෙස බලාගෙන සිටී. එහිදී නිවසේ පවතින පඩිපෙළ ඔස්සේ උපතිස්ස නම් තරුණයා වෙත ගමන්ගන්නා ජිනාදරීගේ අත වේගයෙන් පඩිපෙළ දිගේ පහළට බසින උපතිස්ස විසින් අල්ලා ගනී. එම පිම්මට නැවතත් පඩිපෙළ ඉහලට නගින උපතිස්ස සහ ජිනාදරී උපතිස්සගේ කාමරයට පිවිසෙයි. එහෙඉදී සිය සයනය මතට ජිනදරිව තල්ලු තල්ලු කිරීම උපතිස්ස විසින් සිදුකරයි. එම අවස්ථාවේ ජිනාදරී ඇත මෙතෙක් වෙලා පවතී පොත් මිටිය සිය තුරුලේන් විසිරී තැන තැන පතිතවේ. මෙම දර්ශන පෙළ ඉතාමත් අලංකාර ලෙස රචනා කිරීමට ජයරත්නයන් සමත් වි ඇත. අදාල ප්‍රස්තුතය ජනගතකිරීමට ඔහුගේ භාෂා භාවිතයද ඉතාමත් සාර්ථක ලෙස සමත්වී ඇත.
56
කල්ලිවාදී ක්‍රියාකාරිත්වයන් පිටපතේ සඳහන් අතීත කාලය තුළ ඉතාමත් දැඩිව ක්‍රියාත්මක විය. එමෙන්ම සමාජශීලි මිනිසාද කෙසේ හෝ යම් පාර්ශවයකට නැඹුරුතාවයක් දක්වයි. නබුරුතා මට්ටම ඇතැම්විටෙක වෙනස් වීමට හැකියාව පවතී. මෙම මනෝභාවය ඉතාමත් සූර ලෙස තිලක් උපයෝගී කරගැනී. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවත් ඉදිරි දේශපාලන සලසුන් පිළිබඳවත් තරමක් ඉච්ඡාභංගත්වයෙන් යුක්තව පිරිසක් සාකච්චා කරමින් සිටී. එම පිරිස අතර මෙල්වින්, කෝබට්, රෙන්ගා, රේමන්ඩ්, කරුණාදාස , මුතුක්‍රිශ්න ආදී සගයන් ඔවුන් අතර සිටී. මොවුන් එකිනෙකට ආමන්ත්‍රණය කරනුයේ “සහෝදරයා” යන විශේෂිත වචනය භාවිතකරමිනි. උප සංස්කෘති සතු ඇතැම් වචන සමාජගත කිරීමට ජයරත්නයන් උත්සහගෙන ඇත. ප්‍රේක්ෂකයන් එම සංස්කෘති තුල සිදුවන්නේ මොනවද යන්න පිලිබඳව කිතුහලයෙන් සිටී. එම කුතුහලය ඉතාමත් සාර්ථක ලෙස කතාකරු සිය නිර්මාණයට උපයෝගී කොටගෙන ඇත.101
නිර්මාණයක් සමාජ ගතවීමට නම් එය පිළිබඳව විශ්වාසයක් ජනතාව සතුව පැවතිය යුතුය. ඒ සඳහා වටපිටාවක් නිර්මාණ කිරීම ඉතාමත් අසීරු කටයුක්තකි. ඒ සඳහා මන දැනුමක් පිරපත් රචකය්ර්කු සතුව පැවතිය යුතුය. ජයරත්නයන් සිය පිටපත වෙත “සෝල්බරි සාමි” ඇතුළු එවකට ඉංග්‍රීසි ආණ්ඩුව තුල සේවය කළ විධායක බලය හිමි බොහෝ පිරිසකගේ චරිත ගෙනඑයි. එවකට පැවති ආණ්ඩුවට විරුද්ධ මත ධරණ පිරිස මෙම දර්ශන වලන්දගන්නේ ක්‍රොදයකින් යුතුවය. එසේම ආණ්ඩුවට කැමති පිරිස එය නැරඹනු ලබන්නේ මාන්නක්කාරකමින් යුතුව ය. එමගින් කිසිදු පිරිසක් සිය නිර්මාණයෙන් නොගිලිහේ. එයද ඉතාමත් සාර්ථක උපක්‍රමයකි.
සෝල්බරි ඉන්න එක.
පිටපතට අනුව වර්තමානය යැයි පවසන කාලය තුළ ජාති, කුළ, ආගම භේදයන් පිළිබඳව විවරණයක් සිදුකිරීමට ජයරත්නයන් උත්සාහ ගෙන ඇත. මෙය සමාජීය ගැටලුවකි. උපතිස්ස නම් තරුණයාගේ පියා දමිළ ජාතිකයෙකි. මව සිංහල ජාතිකයෙකි. ජිනාදරී නම් තරුණියට උපතිස්ස නම් තරුණයාගේ පවුල් පසුබිමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත. දෙදෙනා එකිනෙකට ප්‍රේම කරන බව සැබෑවකි. එහෙත් සමාජය විසින් ගොඩනග තිබෙන බැමි එයට යම් බාධාවක් වේවි යන මග ලකුණ ඉතාමත් සාර්ථක ලෙස ජයරත්නයන් ස්ථාපනය කරයි. 103.
පිටපත පුරාවටම ඉතාමත් සාර්ථක ලෙස මෙරට තුළ එවකට ක්‍රියාත්මක වුණු බලවේග පිළිබඳව ප්‍රදර්ශනය කරයි. එමගින් ප්‍රස්තුතගත කරුණ උදෙසා ඒ සියලුම බලවේගයන්ගේ නියෝජනයන් ප්‍රදර්ශනය කිරීමට ජයරත්නයන් සමත්වී ඇත. එනම් ඔහු ඉතාමත් දක්ෂ ලෙස සාමජිය වටපිටාව විදහා දැක්වීමට සමත්වී ඇත.
අනුරුද්ධ සේනාධිලංකාර
151
මුලාශ්‍ර
ජයරත්න තිලක්, දන්ඩේ ලූ ගිනි , 2008, ෆාස්ට් ප්‍රින්ටරි (pvt) ලිමිටඩ්,කොළඹ 10