ව්‍යාපාරය දියුණු කරගන්න අත්වැලක්
අද කතා කරන්න යන්නේ වඩාත් වැදගත් දෙයක් සම්බන්ධයෙන්.
නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහස් කරගෙන ඉන්න ඔබ වෙනුවෙන් අද මේ වෙලාව වෙන් කරගන්න
මම හිතුවා. නව ව්‍යාපාරයක් ආරම්භකරන්න හෝ පවත්වාගෙන යන ව්‍යාපාරයක් වඩාත් ගුණාත්මක
ව්‍යාපාරය බවට පත් කරගන්න අවශ්‍ය කරන අදහස් කිහිපයක් ඔබට සමග බෙදාගන්න මම සුදානම්.
එකතු වෙන්න මේ sl mic brother
1.
නිෂ්පාදන
සංකල්පය
“අඩු මිලගණන් යටතේ භාණ්ඩ වඩාත් පුළුල් වශයෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයින් වඩාත් රුචිකත්වයක් දක්වන බව උපකල්පනය කිරීම මෙම සංකල්පයේදී සිදු කෙරෙනවා. සැබවින්ම මේම සංකල්පය අලෙවිකරණ දර්ශනයන් අතුරින් තරම පැරණි සංකල්පයක් ලෙසත් හඳුනාගැනීමක් සිදු වෙනවා. ඉතින් ඔයාගේ ව්‍යාපාරයට වඩාත් සුදුසු මෙම සංකල්පයද කියලා හිතන්න. එහෙමත් නැතිනම් තව සංකල්ප තියනවා අපි ඒ ගැනත් කතා කරමු.
2.
නිෂ්පාදිත
සංකල්පය
මේ සංකල්පය භාණ්ඩ සංකල්පය කියලත් හඳුන්වනවා.
කොහොම වුනත් නිෂ්පාධිත එහෙමත් නැතිනම් භාණ්ඩය හෝ සේවාව වඩාත් ඉහළ ගුනාත්මකභාවයකින්
යුතුව, හොඳ නිමාවක්, ඒ වගේමම අලුත් හොඳ modern look එකක් සහිතව නිර්මාණය යුතුව
පවතින විට පාරිභෝගිකයින්ගේ වැඩි ඉල්ලුමක් පවතින බව උපකල්පනය කිරීම නිෂ්පාධිත
සංකල්පය මගින් අදහස් කෙරෙනවා. මේ සංකල්පය තමාගේ ව්‍යාපාර දර්ශනය තුළ පවත්වාගන්නවා
නම් නව තාක්ෂණය මුසු කරමින් නිෂ්පාධිතය එසේ නැතිනම් භාණ්ඩය නවීකරණයට ලක් කරනවා.
බලන්න මේ සංකල්පය ඔයාගේ ව්‍යාපාරයට යොදාගන්න පුලුවන්ද කියලා
3.
විකිණුම්
සංකල්පය
මේ සංකල්පයෙන් උපකල්පනය කරන්නේ කුමන ආකාරයේ නිෂ්පාදනයක් පැවතියත් එය නිෂ්පාදන ආයතනය, ගනුදෙනුකරුවන්, පාරිභෝගිකයන් අතර සන්නිවේදන සම්භාන්ධතවයක් නොමැති නම් පාරිභෝගිකයින් විසින් එම භාණ්ඩය මිලදී නොගන්නා බවයි. ඒ කියන්නේ ඔයා නිරත්තරයෙන්ම තමන්ගේ නිෂ්පාදනය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සිදුකලයුතුයි කියන අදහස. ඒ සංකල්පයත් ඔයාට ප්‍රමාණවත් නැති නම් ඉන්න තවත් තියනවා සංකල්ප කිහිපයක් ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න භාවිත කරන්න පුළුවන්.
4.
අලෙවිකරණ
සංකල්පය
ඉලක්කගත පාරිභෝගික කණ්ඩායමක් හඳුනාගෙන එම
පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන එම අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීම වඩාත් යෝග්‍ය
බව මෙම සංකල්පයේදී උපකල්පනය කරනවා. අ කියන්නේ වඩාත් වැදගත් වන්නේ පාරිභෝගිකයින්ගේ
අවශ්‍යතාවයන්. ඒවා නිවැරදිව හඳුනාගෙන අන්න ඒ අවශ්‍යතාවයන් ඉටුකරන්න පුළුවන් නම් එය
වඩාත් ප්‍රතිලාබ දායක දෙයක් විදියට සලකලා ඔයාට ඔයාගේ ව්‍යාපාරයට ඒ දර්ශනය
එකතුකරගැනීමේ හැකියාවකුත් පවතුනවා. ඒ ගැනත් හිතන්න.
ගනුදෙනුකාර සංකල්පය කියන්නේ ඔයාගේ පාරිභෝගිකයින් පාරිභෝජන රටාව පිළිබඳව හොඳ විශ්ලේෂණයක් සිදුකිරීමෙන් පසුව ඒ තුළින් පාරිභෝගිකයාගේ රුචි අරුචිකම් හඳුනාගෙන එම රුචිඅරුචිකම් භාවිත කිරීම සිදුකිරීමෙන් තමන්ගේ ආයතනය වෙත පක්ෂපාතිත්වයක් නිර්මාණය කරගැනීම සිදු කිරීම තුළින් ආර්ථික ප්‍රතිලාභ ගැනීමට හැකියාව පවතින බව උපකල්පනය කිරීම. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ භාණ්ඩයක් හරි සේවාක හරි ලබා ගන්න පාරිභෝගිකයින්ගේ පරිභෝජන රටාව පරික්ෂාකිරීමෙන් පසුව ආයතනයේ සැලසුම් නිර්මාණය කරන්න
6.
සාමජිය
අලෙවිකරණ සංකල්පය
දැන් මේ කාලින කියපු හැම සංකල්පයක්ම ආර්ථික ස්තාවරත්වයක්
පවතින අවස්තාවලදී තමයි යම් තාක් දුරට භාවිත කිරීමේ හැකියාවක් පවතින්නේ. ඒ වුනත්
සමාජීය අලෙවිකරණ සංකල්පයේදී කියවෙන්නේ යම් තරමක වෙනස් අදහසක්. පාරිසරික ගැටළු,
ආර්ථිකයට හානිකර යම් යම් සමාජීය ගැටළු, මුදල් අගහිගකම් වගේ පවතින කාල වකවානු තුළදී
තමන් එක්ක ඉන්න අනෙක් තරඟකරුවන්ට වඩා තරඟකාරීව තමන්ගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන්
තෘප්තිමත් කිරීම වඩාත් ප්‍රතිපල ගෙන දෙන බව මෙම සංකල්පයෙන් අදහස් කෙරෙනවා.
යම් ව්‍යාපාරයක්
කරගෙන යද්දී මේ සංකල්ප එකක් පමණක් භාවිත කිරීම ම සාර්ථක නොවෙන බව තමයි අපට
උපකල්පනය කරන්න වෙන්නේ. ඒ නිසා ඔයාට ඔයාගේ අදහස අනුව ඔයාගේ මතවාදය එහෙම නැතිනම්
ඔයා වඩාත්ම කැමති සංකල්ප එකක් හෝ කිහිපයක් එකට එකතුකරගෙන ඔයාගේ ව්‍යාපාරය පෝෂණය
කරන්න. නිකන්ම කෙටි කාලින ලැබ ලබන්න ව්‍යාපාරයක් නරන්නේ නැතිව හොඳ දර්ශනයක් එක්ක
ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න. එතකොට ඔයාට පුළුවන් හොඳ සාර්ථක ව්‍යාපාරයක් නිර්මාණය
කරගන්න.
අනුරුද්ධ සේනාධිලංකාර
MBM in Marketing (Reading)
BA (SP) in
Mass Media,
Dip in Communication and Journalism,