මානව සංහතිය සිය ආරම්භයේ සිටම අනවතර ලෙස
සන්නිවේදන ක්‍රියාවලියක නිමග්න වී පවතී. එලෙස පවතින සන්නිවේදන ක්‍රියාවලියේ අවසානය
සිදුවන දිනය මානව සංහතිය අවසානය සිදුවන දිනය ලෙස වටහා ගත හැකි ය. කෙසේ වෙතත් අප
අභ්‍යන්තරයේ හා ඉන් පරිභාහිරව පතින සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳව යම් අවබෝධයක්
ලබා ගැනීම වඩාත් යෝග්‍ය දෙයකි. මෙලෙස අප නිරන්තරයෙන් භාවිතයට ගන්නා සන්නිවේදනය ය වචනය
නිර්මාණය වන්නේ ‘සං’ යන උපසර්ගය ‘නි’ යන උපසර්ගය ප්‍රමුඛ කරගනිමින් විද් ‘වේදනය’
යන ධාතුව මුල්කරගෙනයි. ඒ අනුව ‘සං’ යන්නෙන් ‘මනා වූ’ යන අදහස ඉදිරිපත්වන අතර ‘නි’
උපසර්ගයෙන් මානව එකාබද්ධ වූ යන අර්ථය උත්පාදනය වේ. විද් යන ධාතුවෙන් දැනීම, හැඟීම යනාදිය
අර්ථ නිරුපණය වේ.
ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන Communication යන වචනය නිර්මාණය වන්නේ Common + Munis යන පද
ඒකට එකතු වීමෙන්. Munis යන වචනයේ අර්ථය වන්නේ ‘යමක් ඇති කිරීම’ යන්නයි.
එම වචනයේ උපත වන්නේ ලතින් භාෂාව. ඒ අනුව භාෂාවෙන් ඉංග්‍රීසි භාශ්වට පැමිණි වචනයක්
ලෙස මෙම වචනය හඳුනා ගත හැකි ය. Common යන වචනයේ අර්ථය පොදු බවට පත් කිරීම. කෙසේ වෙතත් මෙහි සම්පුර්ණ අර්ථය “යම් දෙයක් පොදු බවට පත් කිරීම” ලෙස ගත හැකි ය.
හොව්ලන්ඩ්, ජානිස් හා කෙලි (1953) පවසන පරිදි පුද්ගලයෙකු
( සන්නිවේදක) පුද්ගලයාගෙන් (ග්‍රාහක)
චර්යා හැඩගැන්වීමට උත්තේජන (බොහෝවිට වාචික)
සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය වේ. එමෙන්ම හැරල් ඩි ලැස්වෙල් පවසන පරිදි “කිසියම්
කෙනෙක් යම් කිසිවක් කිසියම් ම්ධ්‍යකින් යම් කෙනෙකුට යම් බලපැමක් කිරීමට ඉදිරිපත
කරන දෙය සන්නිවේදනය නම් වේ”. තවද
සන්නිවේදනය සම්බධයෙන් අදහස් ඉදිරිපත් කරන විල්බර් ශ්‍රාම් පවසන පරිදි “ පුද්ගලයන් දෙදෙනෙකු
අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කිරීම” සන්නිවේදනය ලෙස හඳුනා ගත හැකි ය.
සන්නිවේදනය සම්බන්ධයෙන් නිර්වචනයක් ඉදිරිපත් කළ වොරන් විවර් ඉදිරිපත් කරන්නේ “එක් මනසකින් තවත්
මනසකට බලපෑම් කල හැකි ආකාරයට ගනු ලබන සියලු ක්‍රියාමාර්ගයන් ය”. ජෝර්ජ් ගබ්න්ර්
සන්නිවේදනය හඳුනා ගනු ලබන්නේ සංඛේත හා සංදේශ පද්ධතීන් ඔස්සේ සිදුවන සමාජ අන්තර් ක්‍රියාවලියක්
ලෙස ය. ෆ්‍රෑන්ක් ඩාන්ස් පවසන පරිදි මානව සන්නිවේදනය යනු වාචික සංඛේත ඔස්සේ ප්‍රතිචාරයක්
ආවරණය කර ගැනීම ය. සන්නිවේදනය සම්බන්ධයෙන් එද්වීම් එමරි, පිලිප් ඕල්ට්, හා වොරන් කේ ඇගී යන අයගේ මතයට අනුව මානවයන් අතර සන්නිවේදනය යනු එක් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට තොරතුරු අදහස් හා ආකල්ප සම්ප්‍රේෂණයේ කලාව බවයි.