නව වසරක්
නව වසරක් උදාවිය. නැවුම් බලාපොරොත්තු නැවුම්
සිතිවිලි සමග ඉදිරි අනාගතය ගොඩනගාගන්නට අඩිතාලම යොදන්නට හොඳම කාලය මේ කාලය බව අපි විශ්වාස කරමු. සාර්ථක
පුද්ගලයෙකු ලෙස ජීවිතය ජයගන්නට ඔබ අප සියලු දෙනා සතුවම අහිංසක බලාපොරොත්තු සමුදායක්
පවතින බව නොරහසකි. ගෙවුණු වසර තුල සිදුවුණු සිදුවීම් තුලින් පන්රයක් ලබා නව
සිතිවිලි සමග ඉදිරි අනාගතය සකසාගන්නට මගබලාගෙන සිටින සුවහසක් ජනතාවට හැකි තරමින්
පිටිවහලක් වන්නට ඇත්නම් එය මහගු ශක්තියකි. මේ උත්සාහය යම් තරමකින් හෝ ඔබව ශක්තිමත්
කිරීම සඳහා ය.
පසුගිය වසර සාර්ථක ලෙස නිමාවට පත්කළ සුවහසක්
ජනතාව අතර සිය අරමුණු අභිමතාර්ථ ඉටුකර ගැනීමට නොහැකි වූ තවත් පිරිසක් ජිවත්වන බව
අපි දනිමු. තමන් සතුව තම දුදරුවන් සතුටුකිරීමට මිල මුදක් නොමැතිව ජිවිත පවා අහිමි
කරගත් දෙමව්පියන් පිලිබඳ අසන්නට දකින්න ලැබිණි. ජිවිතයට නොකඩවා පැමිණෙන ප්‍රශ්න
ගැටළු හමුවේ ඔබ ලත් මහා ශක්තිමත් ජීවිතය නැතිකර ගැනීමට කිසිවිටෙකත් නොසිතන්න. තවත්
පිරිසක් සතුටින් තබන්නට නම් අ පිරිසගේ සතුට ඔබේ සතුටනම් ඔබ නොසැලී පැමිණෙන ගැටළු
වලට පිළිතුරු සෙවිය යුතුය. එවිට ඔබ ද අනෙකුත් සියලු දෙනාම ද සතුටින් සිටිනු ඇත.
අපි කෙසේ හෝ අපගේ සිතිවිලි අලුත්කරගනිමින් ජිවිතයට මුහුණ දෙමු.
තමන්ට
හැකි උපරිමයෙන් උත්සහවන්ත වන්න. ඔබට ඇවිදීමට හැකි නම් කෙසේ හෝ නර්තනයේ යෙදිය හැක.
ඔබට කතා කිරීමට හැකිනම් ඔබට කෙසේ හෝ ගීතයක් ගයනා කල හැක. ජීවිතය සාර්ථක කරගත
හැක්කේ මෙම යට පමණමද? නැත එය සියලුදෙනාට ම ජීවිතය සාර්ථක කරගැනීමට වරම ස්වභාවධර්මය
විසින් අප වෙත ලබා දී ඇත. ස්වභාවධර්මය විසින් ගං දිය තුල ලයවැටක් පමණ තරමක් එගොඩට
ගෙනගොස් ඇත. එසේනම් අප ඉණ වැටක් දන වැටක් ආදී ලෙස ක්‍රමයෙන් ජීවිතය ජයගතයුතුය.
දෑත් දෙපා නොමැති නිකලොස් ජේම්ස් විජ්සික් හට සාර්ථක පුද්ගලයෙකු වීමට ශක්තිය සිත
තුල පැවතුනානම් නිකරුනේ කාලය ගෙවා නොදමා යම් උත්සහයක් ගතහොත් එහි ප්‍රතිපල යම්
දිනෙක ලැබෙනු ඇත. අවශ්‍ය වන්නේ ඔබගේ සිතිවිලි ශක්තිමත් කරගැනීම ය.
පසුගිය වසර තුල යම් යම් දේවලින් ඔබ පරාජය වන්නට
ඇත. ඔබ ලද්දේ පරාජයක් නොව. ඔබ උගත්තේ කිසිවෙකුත් ඔබට කියා නොදෙන පාඩමකි. ඇතැම්
විටෙක එම පරාජයන් නිසා ඔබ වට සිටි බොහෝ දෙනෙකු ඔබ හැරයන්නටද ඇත. තවත් පිරිසක් ඔබ
වටා එක්වන්නට ඇත. කිසි විටෙකත් ඔබ ඔබව අවතක්සේරු නොකරන්න. වරෙක තෝමස් අල්වා එඩිසන්
විදුලි බුබුල පිලිබඳ පර්යේෂණ කරන අතරතුර සිය මිතුරෙකු ප්‍රකාශකර සිටියේ ඔබ ගන්න
උත්සාහයෙන් කිසිදු පලක් නොමැති බවය. එහෙත් ඉන් නොකිපුණු එඩිසන් සිය මිතුරාට
පැවසුවේ “ මා මිතුර ඔබගේ වචනයට මම එකඟවන නමුත් මේ අසාර්ථක වීම සියල්ල මත මා පාඩම්
රැසක් උගත්තෙමි.එම එම පාඩම් ඇසුරෙන් මගේ පරීක්ෂණ මම සාර්ථක වන තුරු ඉදිරියටමනා
කරගෙන යමි ” ලෙසය. ඔබ ලත් පරාජයන් පරාජයන් නොව. යම් දිනෙක් ඔබ සාර්ථක වූ පසු ඔබ
උගත් පාඩම් සිහිකොට අහිංසක ආත්මත්රුප්තියක් ලබන්නට ඔබට හැකිවනු ඇත.
දිව රාත්‍රී නොබලා යහපත් වේතනයක් වෙනුවෙන් අපි
වෙහෙසෙමු. එහෙත් බොහෝදෙනාගේ මැසිවිල්ල නම් කිසිදු ඉතිරියක් නොමැත යන්නය. ආර්ථිකය
සමග පොරබදන්නටද සිදුව ඇත්තේ තමන්ට ලැබෙන වේතනය මතය. අපගේ වේතනයට සරිලන පරිදි අපි
වියදම් කලමනාකරණය කරගැනීමට උත්සහ ගනිමු. මාසික හෝ දෙනික වේතන ලැබුණු වහාම යම්
සැලකියයුතු මුදලක් ඉතිරි කොට පසුව ඉතිරිවන මුදල වියපැහැදම් කිරීමට කටුයුතු කරමු.
බොහෝ පුද්ගලයන් සතුව ඉලක්ක පවතී. ඉලක්කයේ පරිමාව
පිලිබඳ නොසිතන්න. එම ඉලක්ක සපුරාගැනීමට අවශ්‍ය කරන පරිදි වසර සැලසීම කරන්න. මෙහිදී
යම් කල වකවානුවකදී යම් දෙයක් ඉටුකර ගැනීමට නොහැකිවුවා යැයි කනස්සල්ලට පත්නොවී
සිටීමට උත්සහ කරමු. කෙසේ හෝ එයද අත්මවිශ්වසයෙන් යුතුව සාර්ථක කරගැනීමට හැකිවන
පරිදි සැලසුම් ක්‍රියාත්මක කිරීම යහපත් කටයුක්තකි.
යම්
කටයුක්තකට මුලපුරන විට එහි පවතින අඩුලුහුඩුකම් නොහැකියාවන් දුර්වලතාවයන් ආදිය ඔබට
ප්‍රකාශකරමින් ඔබව පසුගමිකරවන චරිත ගණනවක් ඔබට මුනගසේවි. ඒ බොහොමයක් දෙනා ඔබගේ
අඩුපාඩු ප්‍රකාශකරමින් ඔබව ශක්තිමත් කරන ඇය නොවෙන්නට පිළිවනි. ඒ අතර ඔබට ය යුතු මග
පැහැදිලිකරන වැඩිහිටි උදවියත් පකුඩා දරුදරියනුත් සිටින්නට හැකියාව පවතී. ඔබ ඒ
සියලු දෙනාටම ගරු කරන්න. එහෙත් බුද්ධිය අවදියෙන් තබන්න.සියලුම දෙනාම ප්‍රකාශ කරන
සෑම වචනයකම ධනාත්මක ශක්තිය ඔබවෙත ලැබෙනු නොඅනුමානය. ඔබ ඔබගේ හර්ධ ශාක්ෂිය කෙරෙහි
විශ්වාසය තබන්න. හදවතට එකඟව කටයුතු කරන්න.
අප සියලු දෙනාම අංග සම්පුර්ණ මිනිස්සු නොවෙමු.
එහෙත් යම් තරමක හෝ සාර්ථක පුද්ගලයෙකු වීමට උත්සහ ගනිමු. අප සිත් තුල තිබෙන ක්‍රෝධය
වෙයිරය ඊර්ශ්‍යාව හැකි පමණින් ඉවත් කිරීමට උත්සහ දරමු. වචනයකින් හෝ තවත් කෙනෙකුට
උපකාරයක් කිරීමට තරම් කාරුණික වෙමු. නොයෙක් විසිතුරු මලින් ගැවසීගත් මල් පාත්තියක
කිසිවිටෙකත් වල්පැළෑටි හට ගැනීමට අපි ඉඩ නොතබමු. හැකි ඉක්මනින් එම වල්පැළෑටි ඉවත්
කිරීමට අපි පෙළඹෙමු. වල් පැළෑටිවලින් මල්පත්තිය විනාශ වීමට අපි ඉඩ නොතබමු. අපගේ
සිතද සිතිවිලිද එලෙසමය. තමුන්ට කිසිවක් කල
නොහැක යන මතයෙන් මිදී යම් උත්සහයක් දැරීමට සිතටගනිමු. ක්‍රියාත්මක වෙමු.
සියලුදෙනාගේම මුවට සිනහවක් මොදුකිරීමට තරම් ශක්තියක් අපට ලැබේවායි අපි පතමු.
අනුරුද්ධ සේනාධිලංකාර
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලී
මණ්ඩපය
.
No comments:
Post a Comment